HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ළඟදීම උඩුගුවන් ට්කට් පත් අරන් උඩුගුවනට යන්න ඔබටත් පුළුවන්! අභ්‍යවකාශ ගමන්වලට පුද්ගලික අංශයත් එක්වේ!


ඇමරිකාවේ පුද්ගලික සමාගමක් මුදල් ගෙවා උඩුගුවනට ගෙන යන ප‍්‍රථම සංචාරකයා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ප‍්‍රවාහනය කිරීමට දැන් සූදානම් වෙනවා.

නාසා ආයතනය කියන විදියට ළඟදීම මේ අවස්ථාව උදා වෙනවා. ඇමරිකාවේ පේපැල් සමාගම, ඔවුන් විසින් අලූතින් පිහිටුවා ගෙන ඇති ස්පේස් එක්ස්ප්ලොරේෂන් ටෙක්නොලොජීස් කෝපරේෂන් හෙවත් ‘ස්පේස්එක්ස්’ ආයතනය මගින් භාණ්ඩ ප‍්‍රවාහන යානයක් උඩුගුවනට යැවීමට දැනටමත් කටයුතු සූදානම් කරල තියෙනවා. නාසා ආයතනයත් ඊට හවුල්.

ඒ අනුව නාසා ආයතනයේ අධීක්ෂණය යටතේ ඩ‍්‍රැගන් අභ්‍යවකාශ යානය එම සමාගමට අයත් ෆෝල්කන් රොකට්ටුවට පසුගියදා සවිකෙරුණේ කැනවරල් තුඩුවෙන් උඩුගුවනට පිටත් වීමටයි.

ස්පේස්එක්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි හා පේපැල් ව්‍යාපෘතියේ සම හවුල්කරු වන එලන් මස්ක් (Elon Musk) ඔහුගේ ෆෝල්කන් හා ඩ්‍රැගන් යානා ගැන ලොකු විශ්වාසයකිනුයි, කතා කරන්නේ.


 
ඇමරිකාවේ සමාගමක් ප‍්‍රථම උඩුගුවන් මගියා අභ්‍යවකාශ නැවතුම්පොළට ගෙන යාමට සූදානම්

 
පසුගිය වසරේ අභ්‍යවකාශ ෂටලය සේවයෙන් ඉවත් කිරීමත් සමග ඇමෙරිකාවේ නාසා ආයතනය, අභ්‍යවකාශ නැවතුම්පොළට අවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනයට හා විද්‍යාත්මක පරීක්ෂණවලට අවශ්‍ය කටයුතු සම්පාදනය පුද්ගලික සමාගම්වලින් කරවා ගන්නයි දැන් හදන්නෙ.


ඔහු දකුණු අපි‍්‍රකාවේ උපන් අයෙක්. පරිගණක ශූරයෙක් වන ඔහු වයස අවුරුදු 12දීම බ්ලාස්ටර් නම් පරිගණක අභ්‍යවකාශ කී‍්‍රඩාවක් නිර්මාණය කර එය ඩොලර් 550කට විකුණුවා. ඉන්පසු කැනඩාවටත්, ඇමරිකාවටත් සංක‍්‍රමණය වූ ඔහු දැන් ඇමරිකාවේ සිලිකන් වැලිහී දැවැන්තයෙක්. පේපැල් (paypal) කියන අන්තර්ජාල ගෙවීම් පද්ධතිය ඔහුට අයත් එක් සමාගමක්. ටෙල්සාර් රෝඞ්ස්ටාර් විදුලි කාරය ඔහුගේ නිර්මාණයක්. ඇමරිකානු අභ්‍යවකාශ ෂටලය වෙනුවට අනාගතයේ දී යොදා ගන්න ෆෝල්කන් 9 යානයත්, ඩ්‍රැගන් කැප්සියුලයත් ඔහුගේ නිර්මාණයි. ඔහු සැලසුම් කළ ඒ උඩුගුවන් යානා නිෂ්පාදනය කළේ ඔහුගේ ස්පේස්එක්ස් (SPACEX) සමාගම විසින්.

”අභ්‍යවකාශ නැවතුම්පොළේ කෙරෙන ඉදිරි කටයුතු සාර්ථක කර ගන්න නම් මේ පද්ධතීන් එහි ගෙනියන්න ඕනෑ.” මේ පිළිබඳව නාසා ආයතනය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම වැඩ සටහනේ කළමනාකාර මයික් සුෆ්රෙඩිනී ස්පේස්එක්ස් මෙහෙයුම ගැන සඳහන් කරමින් කීවා.

එහි දී කතා කළ ස්පේස්එක්ස් ආරම්භකයා මෙන් ම එහි ප‍්‍රධාන විධායක එලන් මස්ක් (Elon Musk) කීවේ, මේ වන විටත් නාසා ආයතනය පැත්තෙන් ස්පේස්එක්ස් රොකට්ටුවට හා බඩුගෙන යන කැප්සියුලය වෙනුවෙන් ඩොලර් මිලියන 381ක් වැය කොට ඇති බවත්, ඊට අමතරව ඔහුගේ සමාගමත් තවත් ආයෝජකයන් හා එක්ව තවත් ඩොලර් මිලියන 700ක් මේ ව්‍යාපෘතිය සඳහා වැය කර තිබෙන බවත්ය.

ෆෝල්කන් 9 රොකට්ටුව හා ඩ්‍රැගන් කැප්සියුලය තමයි, අභ්‍යවකාශ නැවතුම්පොළට අභ්‍යවකාශගාමීන් ඉදිරියේ දී ගෙන යන්නේ. එය අභ්‍යවකාශ නැවතුම්පොළත් පෘථිවි මධ්‍යස්ථානයත් අතර මිනිසුන් එහා මෙහා ගෙන යාමේ කාර්යය දිගට ම කර ගෙන යාවි.

දැනට අභ්‍යවකාශ නැවතුම්පොළට මිනිසුන් යැවීම රුසියාවට විතරක් සීමා වෙලා තියෙනවා. යුරෝපීය අභ්‍යවකාශගාමීන් පවා එහි ගියේ රුසියාවේ උදවුවෙන්. මේ තත්වය වෙනස් කර ඒ ඒකාධිකාරය කඩන්න ඇමරිකාවට අවශ්‍ය වී තියෙනවා. නාසා ආයතනයේ මේ නව වැඩපිළිවෙළ අනුව මෙසේ එක් අයකු යැවීමට ඩොලර් මිලියන 60කට වඩා වැය වෙනවා.

 

නාසා ආයතනය මේ වන විටත් ස්පේස්එක්ස් රොකට්ටුවට හා බඩුගෙන යන කැප්සියුලය සඳහා ඩොලර් මිලියන 381ක් වැය කොට තියෙනවා. මෙයට අමතරව ස්පේස්එක්ස් සමාගමත් තවත් ආයෝජකයන් සමග එක්ව ඩොලර් මිලියන 700ක් මේ ව්‍යාපෘතිය සඳහා වැය කර තිබෙනවා.

”මේක අත්හදා බැලීමක්. සමහර විට මේ අභ්‍යවකාශ නැවතුම්පොළට යන ගමන අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් දැනට සිදු වී ඇති දේ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්.” මස්ක් කියනවා.

මේ ගමන සාර්ථක වුනොත් ඩ‍්‍රැගන් කැප්සියුලය මෙවැනි ගමන් කීපයක් කක්ෂය වෙත යාවි, එහි සංචාරකයන් යැවීමට නාසා ආයතනය අවසර දෙන්න පෙර. කලින් මැයි 5 වැනිදාට යොදා ගෙන තිබුණු මුල් ගමන දැන් මැයි 19ට යොදා ගෙන තියෙනවා. මේ ගමනේ දී මේ කැප්සියුලය ආපසු ඒමට පෙර සති කිපයක් අභ්‍යවකාශ නැවතුම්පොළ සමග සම්බන්ධ වී තියේවි.

මේ කැප්සියලය මගින් මුලින් ම කිලෝග්‍රෑම් 521(රාත්තල්1,149)ක් බරින් යුත් ආහාර තොගයක් හා ආම්පන්න ඇතුළත් බඩු තොගයක් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගෙන යාවි. ආපසු එන ගමනේ දී එහි සිට තවත් කිලෝග්?ම් 660(රාත්තල් 1,455)ක බඩු තොගයක් ආපසු පෘථිවියට ගෙන ඒවි. එසේ කරන්නේ ඒ සෝවියට් සෝයූස් කැප්සියුලවලින් සැදි අභ්‍යවකාශ නැවතුම්පොළට දැරිය හැකි බර තුලනය කරන්නයි.

යුරෝපීය හා ජපන් අභ්‍යවකාශ යානා මගින් ද අභ්‍යවකාශ නැවතුම්පොළට බඩු යැවෙන අතර ඒවා බාර දුන් පසු එම යානා නැවත පොළොවට නොඑනු ඇත. ඒ යානා උඩුගුවනේ දීම පුළුස්සා විනාශ කරනු ඇත.


දැනට රුසියාව විතරයි, අභ්‍යවකාශ නැවතුම්පොළට මිනිසුන් යවන්නේ. මේ තත්වය වෙනස් කරන්නට ඇමරිකාවට අවශ්‍ය වී තියෙනවා. නාසා ආයතනයේ නව වැඩපිළිවෙළ අනුව මෙසේ යැවීමට එක් අයකුට ඩොලර් මිලියන 60කට වඩා වැය වෙනවා.

නාසා ආයතනය සැලසුම් කළ ආකාරයට අපේ‍්‍රල් 23 වැනිදා ඩ්‍රැගන් මෙහෙයුම පිළිබඳ විමසුමක් කර ඊට අනුමැතිය ලබා දුන්නා. මැයි 3 වැනිදා ෆෝල්කන් 9 රොකට්ටුව මගින් අභ්‍යවකාශ නැවතුම්පොළට අවශ්‍ය බඩු තොගයක් රැගෙන යාමට නියමිත ව තිබුණත් එය තවදුරටත් මැයි 19 වැනිදාට කල් දමනු ලැබුවා.

Post a Comment

0 Comments