HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ටයිටැනික් අවසන් නැවතුම...!


1912 අප්‍රේල් 15 දැ මුහුදුබත් වූ ටයිටැනික් මඟීයාත්‍රාව ගැන ලියවුන බොහෝ දේ ඇත. ඒ හැම වාර්තාවකම කියැවෙන්නේ නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) වරායෙන් පිටත් වී ගොස් අත්ලාන්තික් සාගරයෙදී මුහුදුබත් වූ බවය.


මෙම නැව එංගලන්තයෙන් පිටත් වී අයර්ලන්තයේ කෝක් (Cork) වරායට පැමිණ එතැනින් ද මඟීන් නංවාගෙන ගොස් ඇත. නැවේ ගමන්මඟ පෙන්වන ඇතැම් සිතියම්වල මේ බව පෙන්වන නමුදු කෝක් වරාය පිළිබඳව කිසිදු සඳහනක් නොමැත.


කෝක් වරායේ අදටත් අත්හැර දමන ලද ලීයෙන් තැනු ජෙටියෙහි ඉතිරි වූ ලී දඬු දක්නට ඇත. එය ගොඩබිම සිට වරාය තුළට මීටර් 50 ක පමණ දුරකට විහිදී තිබුන බව පෙනේ. අත්හැර දැමු ජෙටියට යාබද ගොඩනැඟිල්ල ද දැනට භාවිත වන්නේ අවන්හලක් හැටියටය. එය ‘TITANIC BAR’ යනුවෙන් නම් කර ඇත. ප්‍රදේශවාසීන්ගෙන් දැනගත් තොරතුරු අනුව වරින්වර මෙම අවන්හල මිලදී ගත් පුද්ගලයන් ධනවත් බවට පත්වී ඇත. මෙම අවන්හලට යාබද ගොඩනැඟිල්ලේ ටයිටැනික් නෞකාවේ මඟීන් සතුවු මුහුදේ පාවී පැමිණි භාණ්ඩ ප්‍රදර්ශනයට තබා ඇත.

කෝක් වරාය අත්ලාන්තික් සාගරයට යාබද කෙල්ටික් මුහුදේ පිහිටි අතිශය සුන්දර වූ ස්වාභාවික වරායකි. අපගේ ත්‍රිකුණාමලය, ගාල්ල වැනි වරායන් සිහිගන්වන ආකාරයට යාබඳව කඳුවැටි ද පිහිටා ඇත.

කෝක් වරාය අසල ඇති සෑම හෝටලයකම / අවන්හලකම පාහේ ටයිටැනික් ශත සංවත්සරය සමරා ප්‍රදර්ශන පවා පවත්වා ඇත්තේ මේ අවසන් නැවතුම සිහිකිරීමට විය යුතුය.

නිතීඥ කේ.එස්.විජෙසේකර

Post a Comment

1 Comments