මරු කැඳවන රෝග සුව කරන්නත් මේ නව ක‍්‍රමවේදය යොදා ගත හැකියි!
ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ දියුණුව දැන් වේගවත් වෙලා. දැන් හෘද කපාට අලූත් කිරීමේ පටන් මුහුණු නැවත ගොඩ නැඟීම දක්වාත්, අන්ධභාවය සුව කිරීමේ පටන් බහුල ලෙස මිනිසා ආබාධිත කරන රෝග ගැන අධ්‍යයනය කිරීම දක්වාත්, කටයුතු වේගවත් කිරීමට ලොවපුරා වෛද්‍ය විද්‍යාඥයන් වෙහෙසෙනවා.
මේ පර්යේෂණවලින් එක්සත් රාජධානිය තමයි, ලෝකයේ ඉදිරියෙන් ම ඉන්නෙ. එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය මේ වසර මුලදීම මෙම පර්යේෂණවලට එඩින්බර්ග්හී ඇති ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යා මධ්‍යස්ථානය සඳහා පවුම් මිලියන 54ක් ලබා දීල තියෙනවා, .
මේ වන තෙක් ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ අවධානය වැඩිපුර ම යොමු වී තිබුණේ කලලවල ඇති පියවි සෛල කෙරෙහියි. පියවි සෛල (stem cells) කියන්නේ කලල අවස්ථාවේ සිට ඇති වන වෙනත් ඕනෑම සෛලයක් බවට පෙරළිය හැකි මූලික සෛලවලටයි. ඒවාට විවිධ සෛලවලට, රුධිර සෛල, පේශී සෛල ආදි වශයෙන් ඕනෑම සෛලවලට බෙදීමේ හැකියාව තියෙනවා. ඒවායින් සිරුරේ විවිධ කොටස් තැනෙන අතර ගර්භාෂයේ, හෘදයේ, ඇට මිදුලූ වැනි තැන්වල ඒවා තවමත් පියවි සෛල ලෙසින් ම පවතිනවා. ඒවා බහුකාර්ය ලක්ෂණවලින් යුක්ත නිසා ඒවා සිරුරේ කොතැන තිබුණත් අවශ්‍ය සෛල වැඞීමකට යොදා ගන්න පුළුවන්.
කලල සෛල වලට වඩා වෙනස් මේ වැඩිහිටි පියවි සෛලවලට නැවත නැවත බෙදීම නොනවත්වා කර ගෙන ගියෑකි. ඒත් එසේ කළ හැක්කේ ඒ සෛල ජීවිතය ආරම්භ කළ විදියට විතරයි. ඒ කියන්නේ සමේ සෛලයක් නම් එවැන්නක් ලෙස හෝ පේශී සෛලයක් නම් එවැන්නක් ලෙස හෝ විතරයි.
ඒත් කලල පියවි සෛල භාවිත කිරීම සදාචාර විරෝධී යැයි විවාදයක් පවතිනවා. ඒ කලල පියවි සෛල ලබා ගන්නේ මිනිස් කලලවලින් වන නිසයි. මේ කි‍්‍රයාවලියේ දී මිනිස් කලලය විනාශ වෙනවා. සදාචාර වාදීන්ගේ සලකන්නේ මෙය මහා අපරාධයක් ලෙසයි.
මේ සදාචාර වාදීන්ගේ විරෝධතා නොසලකා, බි‍්‍රතාන්‍ය රජය, මේ පියවි සෛල පර්යේෂණවලට 2002 සිට ම සහය දෙනවා. ඒ නිසා ඔවුන් ඒ අතින් මේ පිළිබඳව පර්යේෂණ කරන අනික් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ මේ විවාදය තවමත් පවතින නිසා පර්යේෂණ කටයුතුත් ඒවාට ආධාර ලබා දීමත් පමා වී තියෙනවා.
2007 දී ජපානයේ ක්‍යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්යා යමනකා (Shinya Yamanaka) සමත් වුණා, වැඩිහිටි සෛලවලින් බහුප‍්‍රභව (pluripotent) සෛල බිහි කරන්න. මේ නිසා කලලවලින් සෛල ලබා ගැනීම දැන් සම්පූර්ණයෙන් ම අනවශ්‍ය දෙයක් වෙලා.
ජපානයේ ක්‍යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්යා යමනකා
පියවි සෛල යොදා ගෙන රසායනාගාරයේ කැනෙන මේවා හැඳින්වෙන්නේ ජනිත කරවූ බහුප‍්‍රභව පියවි සෛල (induced pluripotent stem cells-iPSCs) කියලයි. ෂින්යා මහාචාර්යවරයාට මේ සඳහා අඩක් ආභාසය ලැබුණේ බි‍්‍රතාන්‍යයේ මහාචාර්ය ඉයන් විල්මුට් (Ian Wilmut) ගෙන්. ඔහු තමා ඩොලී කියන ප‍්‍රථම ක්ලෝන බැටළුවා නිර්මාණය කළේ. ඒ සඳහා ඔහු නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.
ප‍්‍රථම ක්ලෝනීකරණය කළ මහාචාර්ය ඉයන් විල්මුට්
"ඩොලී නිසා තමයි අපි සිතන්න පටන් ගත්තෙ සෛල වෙනස් කිරීමක් ගැන. යමනකා ඒක කළ හැකි බව දැන් ඔප්පු කරල තියෙනවා."විල්මුට් කියනවා.
"දැන් අපට හිතන්න පුළුවන්, මේ ක‍්‍රමයෙන් ඕනෑම සෛල වර්ගයක් තැනිය හැකි බව. නිදසුනක් වශයෙන් සමේ සෛලවලින් ස්නායු හෝ පේශී සෛල හෝ තැනිය හැකි බව."
මේ බව මෑත දී ඔප්පු කරල තියෙනව, එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්. ඔවුන් සමත් වෙලා තියෙනවා, මොළේ සෛල නිපදවන්න සමේ සෛලලවලින්. මේක ඇල්ෂයිමර්ගේ රෝගයට, අපස්මාරය හා ආඝාතය වැනි තත්ත්වයන්ට නව ප‍්‍රතිකාර ක‍්‍රම සොයන්න උදවු වේවි.
ආචාර්ය විල්මුට්ගේ පර්යේෂණ යොමු වූයේ අලූතින් සොයා ගත් මේ සෛලවල ඇති නම්‍යශීලී බව තවදුරටත් හසුරුවා ගනිමින් චාලක ස්නායු සෛල (නියුරෝන) රෝග හඳුනා ගැනීමේ හැකියාව වැඩි කර ගැනීමටයි. ඔහු ඒ ගැන සඳහන් කරමින් පසුගිය දා කීවේ, ‘හෙමින් අකර්මණ්‍ය වෙමින් නියත මරණයකට ගෙන යන රෝග තත්ත්වයක්’ කියායි.
මේ වන විට ඔවුන්ට හැකි වී තිබෙනවා, එවැනි රෝගියකු තුළ ඇති සෛලවලට සමාන සෛල නිර්මාණය කරන්නට. එසේ ම ඒවා නිරෝගී අයකුගේ සෛල හා සසඳන්න. මේ අනුව විල්මුට් හා ඔහුගේ කණ්ඩායම මේ රෝගය ගැන ශීඝ‍්‍ර දැනුමක් ලබමින් තිබෙනවා.
මෙසේ රෝගී සෛල නිර්මාණය කිරීම තුළින් 'සෛල මියයාමට හේතුව අවබෝධ කර ගැනීමට’ හැකියාව ලැබෙනවා. ඒ වගේ ම ඔවුනට පුළුවන්කම ලැබෙනවා, ඒ සෛල සඳහා යොදා ගත හැකි පිළියම් රසායනාගාරය තුළ අත්හදා බලන්න. මෙය මෙතෙක් පැවති ක‍්‍රමවලට වඩා, එනම් ආරෝපිත බහුප‍්‍රභව පියවි සෛල නිපදවීමට පෙර පැවති ඒවාට වඩා සුරක්ෂිත, කාර්යක්ෂම ක‍්‍රමයක්.
සීෆැලියන්ගේ රසායනාගාර මේසය මත තියෙනවා, ඔහු හා ඔහුගේ පිරිස තැනූ ශ්වාසනාලයක අච්චුවක්. ඒක මෑතදී රෝගියකුට බද්ධ කළා. ඒක තමයි, ලොව පළමු සින්තටික් අවයව බද්ධය.
ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරකයක් තුළ කෘති‍්‍රමව වවන ශ්වාසනාලයක්. මෙය පසුගියදා රෝගියෙකුට බද්ධ කළ අතර එය ලොව ප‍්‍රථම සින්තටික් අවයව බද්ධය වුණා.
සැත්කමට භාජනය වූ රෝගියා 36 හැවිරිදි එරිති‍්‍රයානු ජාතිකයෙක්. ඔහුගේ උගුරේ විශාල පිළිකාමය අර්බූදයක් (tumour) හට ගෙන තිබුණා. එය ඉතා වේගයෙන් පෙණහලූ දෙසට පැතිර යමින් තිබුණා. බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වුණා. සැත්කමෙන් පසු රෝගියා දැන් රෝහලෙන් පිට වී ගිහින්. දැන් සුව ලබමින් ඉන්නවා.
රසායනාගාරයේ තවත් මේසයක කනක් රෝපණය කෙරෙමින් තිබෙනවා. යාබද කාමරයේ කණ්ඩායමක් හෘද කපාට සෛල ගැන පර්යේෂණයක් කරනවා. එහි දී බද්ධ කිරීමට පෙර රසායනාගාරය තුළ කපාට වැවීමක් සිදු වන්නේ නැහැ. එහිදී කෙරෙන්නේ කෙළින් ම සෛල, හෘද කපාටවලට තැන්පත් කිරීමයි. මේ බද්ධ කරන සෛල හෘදයේ ඇති පියවි සෛල සොයා ගොස් ඒවා වැඞීමට සලස්වනවා.
මෙහිදී ජෛවප‍්‍රතිකි‍්‍රයාකාරකයක් තුළ කපාට වර්ධනයක් සිදු කරන්නේ නැහැ. මෙය ඉතා සියුම් ලෙස කෙරෙන ඇතුළු කිරීමක් නිසා හදවත විවර කරන සැත්කමක් අවශ්‍ය වන්නේත් නැහැ. මෙයින් ‘බයිපාස් හදවත් සැත්කමෙ’හි විශාල පෙරළියක් මේ නිසා සිදුවේවි.
"සාමාන්‍යයෙන් හෘදයේ බයිපාස් සැත්කමක දී කෙරෙන්නේ රෝගියාගේ පාදයෙන් හෝ බාහුවෙන් ශිරාවක් හෙවත් ලේ නහරයක් කපා ඉවත් කර ගෙන සැත්කමට යොදා ගැනීමයි. මෙවැනි රෝගීන් අතුරින් සියයට 30කගෙන් ඒ සඳහා සුදුසු නහර ලබා ගන්න බැහැ. ඒ නිසා ඔවුන්ට බයිපාස් සැත්කම කරන්න බැරි වෙනවා. ඒ අයට වෙනත් විකල්පයක් දැනට නැහැ." සීෆැලියන් කියනවා.
"අපි තමා ලොව ප‍්‍රථම වතාවට මේ වගේ දෙයක් කළේ. මේ අතින් අපේ අහලකටවත් එන්න කෙනෙක් නැහැ. මේ අතින් සතුන් හා සම්බන්ධව කළ පර්යේෂණ සාර්ථකයි. මේ වසරේදී රෝගීන් සඳහා මේ ක‍්‍රමය පර්යේෂණ මට්ටමෙන් යොදා ගන්නට අපි සූදානම්." මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් වැඩිදුරටත් කියනවා.
මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් ඇතුළු පිරිස මේ අතින් නව පර්යේෂණ රැසක් සිදු කරමින් යද්දී ලන්ඩනයේ අනෙක් පැත්තේ තවත් පිරිසක් අන්ධ භාවයට පිළියම් සොයා අත්හදා බැලීම් කරනවා. ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.
0 Comments