HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වත්මන් ලෝකයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළ එමලින් : වීර කන්තාවෝ


"අපේ කාලයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළේ ඇයයි. ඇය සමාජය හොල්ලා කාන්තාව මේ සමාජය තුළ යළි ආපසු නොයන තැනකට පත් කිරීමට සමත් වුණා."

ලෝකප‍්‍රකට ‘ටයිම්’ (TIME) සඟරාව, 1999 අවසානයේ දී, 21 වන සියවස වෙනුවෙන් ලෝකය වෙනස් කළ, ‘විසි වන සියවසේ වඩාත් වැදගත්ම සිය දෙනා’ ගැන විශේෂාංගයක් පළ කරමින් ඇය ගැන සඳහන් කළේ එහෙමයි.

පිරිමින් හා සමාන ව කාන්තාවන්ගේ තත්වය උසස් කිරීමට ඇය ගත් වෙහෙස වෙනුවෙන් මුළු ලෝකයේ ම කාන්තාවන් ඇයට ණයගැතියි.



ඇය නමින් එමලින් පැන්ක්හර්ස්ට් (Emmeline Pankhurst). උපන්නේ 1858 ජුලි 15 වැනිදායි. ඒ එංගලන්තයේ මැන්චෙස්ටර්හිදීයි. ඇය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 8 දී පටන්.

දේශපාලන පවුලකින් පැවත ආ ඇය යොවුන් අවදියේ දී ම විවාහ කර දීමට දෙමාපියන්ට අවශ්‍ය වුණා. ඒත් ඇගේ සමාජ කි‍්‍රයාකාරී කටයුතුවලට ඔවුන් කිසිවකු බාධා කළේ නැහැ. ඇගේ මව, සොෆියා ක්රෙන්, ‘අයිල් ඔෆ් මෑන්’ රාජ්‍යයේ දේශපාලන පසුබිමක් සහිත කාන්තාවක්. එරට ඊට පෙර, එනම් 1881 දී, කාන්තාවන්ට ඡුන්ද අයිතිය ලබා දී තිබුණා. ඇගේ පියා මැන්චෙස්ටර්හී ව්‍යාපාරිකයකු වූ අතර පසුව සැල්ෆෝඞ් නාගරික මන්තී‍්‍රවරයකු ද වුණා. දරුවන් දස දෙනකුගේ පවුලක කාන්තාවන් අතර වැඩිමලා වූයේ ඇයයි. ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කිරීම ඇරැඹුවේ මෙවන් පසුබිමක් මත හිඳයි.

1878 දී ඇය රිචඞ් පැන්ක්හර්ස්ට් නම් නීතිවේදියකු සමග විවාහ වුණා. ඔහු ද කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීම වෙනුවෙන් ඇය කළ සටනට සහය දුන් අයෙක්. ඔවුන්ට දරුවන් පස් දෙනකු ලැබුණු අතර ඇගේ දියණියන් වූ කි‍්‍රස්ටබල්, ඇඩෙලා හා සිල්වියා ද ඇය සමග කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කළ අයයි.

කාන්තා අයිතීන් අතරින් ප‍්‍රධාන අයිතියක් ලෙස ඇය සැලකුවේ ඡුන්ද බලයයි. පාලකයන් පත් කිරීමේ දී කාන්තාවන්ට ද පිරිමින්ට සමාන හිමිකම් ලබා දීමයි. ඒ වෙනුවෙන් නිහඬව කළ උද්ඝෝෂණවලින් පලක් නැති බව තේරුම් ගත් ඇය කාන්තාවන් ඒ සඳහා වීදි බස්සවන්නට කල්පනා කළා. වරක් ඇය එංගලන්ත පාර්ලිමේන්තුව පවා වැටලූවා. වීදීයේ කළ උද්ඝෝෂණ විටෙක ප‍්‍රචණ්ඩකාරී වුණා. ගොඩනැගිලිවලට හා ජනේලවලට අලාභහානි සිදුවීම නිසාත් පොලිස් භටයන්ට පහරදීම නිසාත් ඔවුන්ගේ සංවිධානයට ඒ පිළිබඳ චෝදනා එල්ල වුණා. මේ විරෝධතා නිසා ඇයටත් දියණියන් දෙදෙනාටත් වරින්වර සිරගෙට යාමට පවා සිදු වුණා. සිරගෙදර තත්වය වඩාත් අසතුටුදායක වූයෙන් ඔවුන් වඩා සතුටුදායක තත්වයක් ඇති කරන ලෙස ඉල්ලා සිරගෙදර තුළ දී ආහාර වර්ජනය කළා. පුරුෂාධිපත්‍යයට එරෙහිව කළ ඇගේ මේ උද්ඝෝෂණ අන්තිමේ දී පුරුෂ නායකත්වයට මේ කාන්තා හඬට කන් නොදී සිට නොහැකි වුණා.

 
අතඩංගුවට පත්ව...

පළමුවන ලෝක යුද්ධය පැවති සමයේ ඇය හා ඇගේ වැඩිමහලූ දියණිය, කි‍්‍රස්ටබල් එක්ව, ජර්මනියේ ආක‍්‍රමණයට එරෙහිව, බි‍්‍රතාන්‍ය රජයට සහය දීම සඳහා ඡුන්ද අයිතිය ඉල්ලා කළ සටන තාවකාලිකව අත්හිටවන්නට තීරණය කළා. ඔවුන් කාන්තාවන්ගෙන් එරට කම්හල්වල කටයුතුවලට ආධාර කරන ලෙසත් තරුණයන්ගෙන් යුද්ධයට එක්වන ලෙසත් ඉල්ලා සිටියා.

1918 දී එංගලන්ත පාර්ලිමේන්තුවට ගෙනා මහජන සහභාගිත්ව පනත අනුව වයස අවුරුදු 30 වැඩි කතුන්ට ඡුන්ද බලය හිමි වුණා. එතෙක් ‘කාන්තාවන්ගේ සමාජවාදී හා දේශපාලන සංගමය’ යනුවෙන් හැඳින්වුණු සංවිධානය සාමාන්‍ය ජීවිතයේ දී කාන්තාවන්ට සමතැන ලබා දීම සඳහා කැප වී සටන් කරන කාන්තා පක්ෂයක් බවට පත් කරනු ලැබුවා.

 
ජනතාව අමතමින්...

ඇය මියගියේ 1928 දීයි. ඒ වන විට ලොව පුරා කාන්තාවගේ තත්වය බොහෝ සේ වෙනස් වී තිබුණා. ඇගේ මරණයෙන් වසර දෙකකට පසුව ඇයට ගෞරව පිණිස ඇගේ ප‍්‍රතිමාවක් ද විවෘත කරනු ලැබුවා. එය අදත් එංගලන්තයේ වික්ටෝරියා ටවර් උද්‍යානයේ දී දැක ගත හැකියි.


Post a Comment

3 Comments

  1. නොදැන හිටිය වීර කාන්තාවක් ගැන දැනගත්තා.ස්තූතියි විස්තරය වෙනුවෙන්.

    ReplyDelete