HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිරිත් සූත‍්‍ර සජ්ඣායනයේදී වෙනසක්! :සෙන් උපමා කතාවක්


ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා.

පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?”

”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා.

”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, ඒක මගෙ හිතට හරිමදි. මගේ බිරිඳ දුර්වල අයෙක්. ඉතින් ඇය මේ පිං අරන් අනෙක් අය ශක්තිමත් වුණොත් ඒක එයාට අවාසියක් වේවි. මේකෙන් ලැබෙන වාසිය ඇයට විතරයි ලැබෙන්න ඕනෑ. ඒ නිසා කරුණාකර නැවත ඇයට විතරක් පිරිත් ටිකක් කියන්න.” ගොවියා ඉල්ලා සිටියා.

තෙරුණුවන් ඔහුට පහදා දුන්නා, බෞද්ධයාගේ අභිලාෂය විය යුත්තේ කිසිම වෙනසක් නැතිව සෑම සචේතනික සත්ත්වයකුට ම එකසේ පිං පැමිණ වීම බව.

”ඒක ඉතා හොඳයි. ඒත් එක පුංචි වෙනසක් කරන්න බැරිද මං වෙනුවෙන්. මගේ අසල් වැසියා මට හරියට හිරිහැර කරනවා, ඒ හින්දා මේ සියලූම සචේතනික සත්ත්වයන් අතරින් එයාව විතරක්වත් අයින් කරන්න බැරි ද?” ගොවියා අවසන් වශයෙන් ඉල්ලා සිටියා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

Post a Comment

5 Comments

  1. හෙහ් හෙහ්... ඔහොම තමයි ගොඩක්...

    ReplyDelete
  2. Oya sen katha BUDU SADU patharen uputa gatha ewa neda?

    ReplyDelete
  3. @ Manuja : From this book
    http://www.malkakulu.com/p/blog-page_16.html

    ReplyDelete
  4. සමහරු හිතන්නෙ තමන් කරන පිං තමන් ට හිතවත් කෙනාට පමනක් ලැබෙන්න කියලයි.නමුත් තමන් කරන පිං සතුරාටත් අනුමෝදන් කරන්න.ඒ මොකද දන්නවද එයා අද අපේ සතුර උනත් පෙර ආත්මව තමන්ගේ හිතවත්ම කෙනා වෙලා ඉදල තියෙනව මයි.ඒ වගේම තව කෙනෙ කුට පිං අනුමෝදන් කිරීමත් පිනක්.පින දෙගුන වෙලා ලැබෙනව.යමෙක් තමන්ට රිදවනවනම් ඒ කෙනාටම තමයි වැඩියෙන් සෙත්පැතිය යුත්තේ.

    ReplyDelete