HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුළං බලෙන් දුවන කාරෙකක්! - ‘සුළං බිබී පාරෙ දුවන පුංචි එකෙක්!


විදුලියෙන් හෝ තෙල් හෝ වෙනත් ඉන්ධන හෝ භාවිත නොකර සම්පීඩ්‍ය වායුව යොදා ගෙන මහ මඟ යා හැකි රියක් නිපදවීම ඉන්දියාවේ ටාටා මෝටර්ස්වල මීළඟ අරමුණයි. ඔවුන් නිපදවූ අඩු මිල, අඩු වියදම් රිය නැනෝ දැන් ශී‍්‍ර ලංකාවේත් ජනපි‍්‍රයයි. නැනෝ පුංචි ඉඩ වුනත් පහසුවෙන් ගාල් කරන්න පුළුවන් කාරයක්.

2007 දී ඉන්දියාවේ මුම්බායිහී ටාටා මෝටර්ස් සමාගම ප‍්‍රංශයේ මෝටර් ඩිවලොප්මන්ට් ඉන්ටර්නැෂනල් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළා, සම්පීඩ්‍ය වායුවෙන් පමණක් ධාවනය කළ හැකි රියක් සැලසුම් කරන්නට. දැන් ටාටා සමාගම ඔවුන් ඉදිරිපත් කළ ඒ සැලසුම අනුව කාර් දෙකක් තනා අත්හදා බැලීම් කරල තියෙනවා. දැන් ඉතිරිව ඇත්තේ ඒ කාර් තනන්නට විශේෂ නිෂ්පාදනාගාරයක් තැනීමයි.

සම්පීඩ්‍ය වායු එන්ජිම අලූත් ම අදහසක් නෙවෙයි. එහි මුල් ම සැලසුම් යෝජනා කෙරුණේ සියවසකටත් වැඩි කාලයකටත් පෙරයි. දශක කීපයකට පෙර කැණීම් කර්මාන්තයේ ප‍්‍රයෝජනයට විදුලි මෝටර යෙදූ යානා භාවිත කෙරුණා. අධිපීඩ්‍ය වාතයෙන් කි‍්‍රයා කරන විවිධ මෙවලම් දැනුත් භාවිත කෙරෙනවා.

සම්පීඩ්‍ය වායු කාරයේ එන්ජිම කි‍්‍රයා කරන්නෙත් වර්තමානයේ අන්තර් දහන එන්ජිම කි‍්‍රයා කරන ආකාරයෙන්මයි. වර්තමානයේ කාර්වල ඉන්ධන (තෙල්) යොදා ගෙන පිස්ටන මගින් කවැටි දණ්ඩ (crankshaft) කරකවනවා වාගේ සම්පීඩ්‍ය වායු එන්ජිම කරකැවෙන්නේ අති පීඩ්‍ය වායුවෙන්. ස්වීඩනයේ පර්යේෂකයනුත් මෙවැනි තනි සිලින්ඩරයේ එන්ජිමක් ගැන අත්හදා බැලීමක් කර තියෙනවා.

මෙහිදී ඇති එකම ගැටළුව බලය සැපයීමයි. මේ වායු පීඩන ක‍්‍රමයට ධාවනය වන කාරයකට යා හැක් උපරිම වේගය 30කට 35කට විතර සීමා වෙනවා. ඒ අඩුව පිරිමහන්න වැඩිපුර සම්පීඩ්‍ය වායුව අවශ්‍ය වෙනවා. ඒ සඳහා වෙන ම සම්පීඩක යන්ත‍්‍රයක් හෙවත් කොම්ප්‍රෙෂරයක් අතිරේකව ගෙන යන්න වෙනවා. එසේ ගෙන යන කොම්ප්‍රෙෂරයක් කි‍්‍රයා කරවන්න වෙනම විදුලි බලය හෝ ගැසොලින් වැනි ඉන්ධනයක් යොදා ගන්න වෙනවා.

හොන්ඩා සමාගමත් වායු බලයෙන් කි‍්‍රයා කරන කාරෙකක් අත්හදා බැලීමට නිපදෙව්වා, 2010 දි. ඒත් දිගට ම නිෂ්පාදන කි‍්‍රයාවලියකට අතගහල තියෙන්නේ ටාටා සමාගම පමණයි.

Post a Comment

2 Comments

  1. ලංකාවෙ මයික්‍රෝ එකෙන් සුළං බලෙන් යන කාර් එකක් හදලා තියෙන්නේ කියලා මම විස්තරයක් දැක්කා.. ඒක ඇත්තද?

    ReplyDelete
  2. මටත් තිබුනනම් කියල හිතෙනෝ

    ReplyDelete