උඩුගුවනේ සිට පෙනෙන අපේ පොළොවේ දසුන් විස්මිතයි; විසිතුරයි! එවැනි සුවිශේෂ දසුන් පෙළක් ඔබ ඉදිරියේ දිග අරින්නයි, අප මේ සූදානම් වන්නේ.
අපේ පොළොවේ ජීව නාළිය වන් මේ මේ ගංගාවන් මවන දසුන් අතර ඒවා මුහුදට එක්වන තැන්වල සෑදෙන ඩෙල්ටාවන් මවන දසුන් සුවිශේෂයි. ලොව පුරා ප‍්‍රධාන ගංමෝයන් ආශ‍්‍රිත ඩෙල්ටාවල වෙසෙන ජනතාව ලෝකයේ ජනගහනයෙන් මිලියන 500කට ආසන්නයි.
ලෝක ජනගහනයෙන් පහළොවෙන් එකක් ජීවත්වෙන්නේ, හුස්ම ගන්නේ, වැඩ කරන්නේ, මේ මහ පොළොවේ හතළිහක් පමණ වන ප‍්‍රධාන ඩෙල්ටා ප‍්‍රදේශ ආශ‍්‍රිතවයි. මෙවැනි ඩෙල්ටා ප‍්‍රදේශවල පවතින, කිසිදාක නැති වී නොයන, සරු බව මේ ආශි‍්‍රතව ජීවත්වීමට මිනිසාට පහසුවක් වෙලා තියෙනවා.
ගුවනේ සිට බලන විට මේ විශාල ප‍්‍රදේශ පෙනෙන්නේ අතු විහිදී යන රුධිර නාළිකා වගෙයි. මහ පොළොව සරුසාර කරමින්, පරිසරය ප‍්‍රාණවත් කර තබමින්, මේ ගංගාවන් මහාද්වීප සිසාරා මහ මුහුද කරා යන ගමන, අපේ ජීවිතවලට ද පණ නල පිඹිනවා. ඒ නිසයි, අප මේ ඩෙල්ටාවන් මවන දසුන් පෘථිවි ග‍්‍රහයාගේ රුධිර නාළිකාවලට සමාන කර දකින්නේ.
ඇත්තෙන් ම මේ විදියට දුර අහසේ සිට දකින විට තමයි, ඒවායේ විශාලත්වයත්, ඒවා අපේ පොළොවේ හැඩය වෙනස් කරන හැටිත්, ඒ වගේ ම ඒවායේ සුන්දරත්වයත් දැකිය හැක්කේ.
ලෝක ප‍්‍රකට වැන් ගෝ සිත්තරාගේ සිත්තමක් වගෙයි. ඒත් මේකත් ඩෙල්ටාවක්. මේ බටහිර අපි‍්‍රකාවේ බියාගෝස් කොදෙවු රැස පිහිටි ඩෙල්ටා ප‍්‍රදේශයයි. මෙහි ඇති කොදෙවු 80න් 20කම ජනාවාස තියෙනවා.
පැපුවා නිව්ගිනියාවේ පැපුවා බොක්ක: කිලෝමීටර 400ක් පමණ පුළුල් මුහුදු ප‍්‍රදේශයක පැතිර ඇති මෙය ප‍්‍රමාණයෙන් දළ වශයෙන් වර්ග කිලෝමීටර 35,000ක් පමණ වෙනවා. මෙහි ඇති මුහුදු වෙරළවල් රාශිය පුරා පැතිර ඇත්තේ කඩොලාන වනාන්තරයි.
ලොව විශාලතම ඩෙල්ටාවන් අතරින් එකක්. මේ රුසියාවේ ලීනා ඩෙල්ටාවයි. මෙය වර්ග කිලෝමීටර 61,000ක භූමි ප‍්‍රදේශයක් ආවරණය කරනවා. ඩෙල්ටාව විතරක් වර්ග කිලෝමීටර 30,000ක්.
ගංගා නම් ගඟ ඉන්දියාව හරහා ගලා විත් බංග්ලාදේශයේදී මුහුදට වැටෙද්දී සෑදෙන ගංගා ඩෙල්ටාව, මෙය ලෝක හින්දුන්ගේ ශුද්ධ වූ ගංගාව ලෙස සැලකෙනවා.
ඇමරිකා එක්සත් මිසිසිපි ඩෙල්ටාව, ඒ හරහා මිසිසිපි ගංගාවත් ගහකොළ, වනවගා අතරින් ගලා යනු දැකිය හැකියි.
ඒත් මේ තරම් දුර සිට බලන විට අපට ඒවායේ ඉවුරුවල මිලියන 500ක් පමණ ජනතාවක් වෙසෙන බව දැක ගන්න තියා හිතා ගන්නවත් බැහැ. ඒ වගේ ම ඒවායේ සිදු වන ස්වාභාවික ව්‍යසන පෙනෙන්නෙත් නැහැ.
ඩෙල්ටාවක් සෑදෙන්නේ ගංගා මුහුදට වැටෙන මෝය අසල අවසාදිත පස් තැන්පතු එක් රැස් වීමෙන්. ‘ඩෙල්ටා’ යන වදන ආවේ ගී‍්‍රක හෝඩියේ හතර වන අකුර හැඳින්වෙන වදනින්. ගංගාවක් මුහුදට වැටෙන තැන, ඒ කියන්නෙ ගංමෝයක් පිහිටන තැන, එහි බිමේ ඇති ති‍්‍රකෝණාකාර ස්වරූපය ගී‍්‍රක ‘ඩෙල්ටා’ අකුරේ කැපිටල් හැඩය (Δ) ගන්නා නිසයි, ඒ තැන ඩෙල්ටා කියා හඳුන්වන්නේ.
අප මේ ඉදිරිපත් කරන මේ මහ පොළොව පුරා පිහිටි ප‍්‍රධාන ‘ඩෙල්ටා’ මවන විසිතුරු දසුන් පෙළ තුළින්, උඩුගුවනට ගිහින් චන්ද්‍රිකාවක සිට ලබන අත්දැකීමක් ඔබට ලැබෙනවා සිකුරුයි.
මේ විස්මිත විසිතුරු රූ ගැන ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ භෞතික භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය හෙලන් බර්නින්හැම් දක්වන්නේ මෙවන් අදහසක්:
"ඩෙල්ටාවන්හිදී විවිධ පරාසවල පරිසර දැක ගන්න පුළුවන්. විශේෂ පරිසර පද්ධති ලෙස සැලකෙන වටිනා තෙත්බිම් ප‍්‍රදේශත් ඒවාට අයත් වෙනවා."
"ගංගා-බ‍්‍රහ්මපුත‍්‍ර ඩෙල්ටාව දකුණු බංග්ලාදේශයේත්, නැගෙනහිර ඉන්දියාවේත් විශාල ප‍්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. එය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති ජනාවාස සහිත ප‍්‍රදේශයක්."
"එය ඉතාමත් හොඳ නිදසුනක්, මිනිස් ජනගහනයන්ට අවශ්‍ය සම්පත් බොහොමයක් සපයන ඩෙල්ටාවකට. එහි කෘෂිකර්මාන්තයට සුදුසු සරුබිමක් මෙන් ම ධීවර කර්මාන්තයට සුදුසු පරිසරයක් ද තියෙනවා." කියා ආචාර්ය බර්මින්හැම් කියනවා.
ඒත් මේ ප‍්‍රදේශවල ජීවත්වීමේ අවදානමකුත් තියෙනවා.
ආචාර්ය බර්මින්හැම් කියන්නේ, "ඩෙල්ටා ස්වභාවයෙන් ම පහත් බිම්. ඒ නිසා පහසුවෙන් පාංශු ඛාදනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ ම ඒ ආශි‍්‍රත මුහුදු මට්ටමේ ඉහළ යාමේ බරපතල අවදානමකුත් තියෙනවා. මේ නිසා ගංවතුර, දරුණු ජලගැලීම් ඇති විය හැකියි."
"ඒ විතරක් නොවෙයි, ගංගා ඔස්සේ එන අවසාදිත තැන්පතු වැඩි වීම නිසා ඩෙල්ටා ප‍්‍රදේශයකට පැටවෙන බර පමණ ඉක්මවීම නිසා ගිලා බහින්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ජලගැලීම් වැඩි වීමට ඉඩ තියෙනවා."
කාලයාගේ ඇවැමෙන් මේ ඩෙල්ටා පද්ධති වෙනස් වීමට බලපාන හේතූන් රාශියක් තියෙනවා. ඒවා ඇති වන්නේ චක‍්‍රාකාරවයි.
ආචාර්ය බර්මින්හැම් කියන්නේ, ඩෙල්ටාවල මේ වෙනස් වීම්වල තුඩු දෙන හේතු දෙයාකාරයි කියලයි. ඇතැම් හේතු ස්වභාවිකව ඇති වෙනවා. ඇතැම් ඒවා මිනිසා විසින් ඇති කරනවා. ඒ අතරින් වඩාත් වැදගත් ප‍්‍රධාන හේතුවක් වන්නේ ගෝලීය උණුසුම් වීමයි. මේ නිසා මුහුදේ ජල මට්ටම ඉහළ යා හැකියි. එවිට ඩෙල්ටාව ආශි‍්‍රත ජන ජීවිතය අනතුරට පත් වෙනවා.
චීනයේ ෂැංහයි ඩෙල්ටාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්, එහි ෂැංහයි මුහුදු වරායත් යැංට්සි ගංමෝයත් දැකිය හැකියි.
රුසියාවේ සයිබීරියාවේ ඛාටන්ගා ගෙඟ් ඩෙල්ටාව, මවන්නේ සුළඟට හසු වූ වලාකුළක් බඳු දසුනක්.
මේ චන්ද්‍රිකා ඡායාරූපය, මැඩගස්කරයේ බොම්බෙටෝකා බොක්කේ ඩෙල්ටාවේ. මෙවැනි ඩෙල්ටා ඉවුරුවල ලෝක ජනගහනයෙන් මිලියන 500ක් දෙනා ජීවත්වන්නේ යන්න ඇදහිය නොහැකි තරම්.
අපායෙන් එන ලෝදිය ගඟක් ද? නැහැ. මේ, මැඩගස්කරයේ බෙට්සිබොකා ගංමෝයයි. පාංශු ඛාදනය නිසා විශාල හානියක් මෙම ප‍්‍රදේශයට සිදු වෙනවා. ගංගාව විශාල වශයෙන් රතු පස් සහිත රොන් මඩ මුහුද කරා ගෙන යන අයුරු.
බංග්ලාදේශයේ ගංගා ඩෙල්ටාවේ දසුනක්. මෙහි ව්‍යාජ වර්ණ යොදා ඇත්තේ භූමියත් ජලයත් වෙන් කොට දැක්වීම පිණිසයි.
ඊජිප්තුවේ නයිල් නදී ඩෙල්ටාව කයිරෝ නගර ප‍්‍රදේශයට අත්‍යවශ්‍ය ජලය සපයනවා, මේ ඩෙල්ටාව මධ්‍යධරණී මුහුදු වෙරළ තීරයේ කි.මී. 240ක් තරම් දුරකට විහිදෙනවා.
රුසියාවේ ලීනා ඩෙල්ටාවේ තවත් ඡායාරූපයක්, මෙහි ව්‍යාජ වර්ණ යොදා ඇත්තේ විවිධ අවසාදිත පස් වර්ග වෙන්කොට දැක්වීම සඳහායි.
රුසියාවේ වොල්ගා ගෙඟ් ඩෙල්ටාව. කැස්පියන් මුහුදේ ජල මට්ටම වෙනස් වීම නිසා මේ ඩෙල්ටාව ව. කි.මී. 3000හේ සිට 25,000කටත් වැඩි ප‍්‍රමාණයකට වෙනස් වුණා, පසුගිය වසර 130ක කාලයක් තිස්සේ.
ඇමරිකාවට අයත් ඇලස්කාවේ යූකොන් ගෙඟ් ඩෙල්ටාව. මෙහි ඉවුරුවල 25,000කට වැඩි ජනගහනයක් ජීවත්වෙනවා.
6 Comments
හැබෑවටම චිත්‍රයක් වගේ. මගේ හිත ගත්තෙ දෙවෙනි පින්තුරේ!
ReplyDeleteලස්සනයි නියම ලිපිය
ReplyDeleteමරුනේ කියල වැඩක් නෑ ලස්සන පින්තූර ටිකක්..
ReplyDeleteෂා මරු ලස්සන පින්තූර ටික
ReplyDeleteබැලු බැල්මට පේන්නේ ඇදපු චිත්‍ර වගේ...
ReplyDeleteසමහර පින්තූර ස්වාභාවිකයි.
ReplyDelete