HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිල්වෙස්ටර් ස්ටෙලෝන් අතීතයට ගියාද? අතීතයෙන් ආවාද?


සිල්වෙස්ටර් ස්ටෙලෝන්(Sylvester Stallone) අතීතයට ගියාද? අතීතයෙන් ආවාද? 16 සියවසේ චිත‍්‍රයකට ඔහුගේ මුහුණ ගියේ කොහොමද?

වතිකානු නගරයෙන් හැම විට ම අලූත් දේ සොයා ගන්නවා. ඇතැම් විට ඒවා විස්මිතයි. මේ අලූත් සොයා ගැනීම කර ඇත්තේ ශුද්ධ නගරය නරඹන්න ආ අමුත්තෙකුයි. ඔහු විසි හැවිරිදි ඇන්තනි සොන්ෆ්‍රෙල්. ඔහු හදිසියේ ම දැක තියෙනවා සුප‍්‍රකට ඉතාලි චිත‍්‍රශිල්පී රෆායෙල් විසින් වසර පන්සීයකට පෙර, 16 වන සියවසේ ඇඳි චිත‍්‍රයක සෙනඟ අතර අද සිටින ජනපි‍්‍රය බටහිර නළුවකු වූ සිල්වෙස්ටර් ස්ටෙලෝන් ඉන්නවා.

හරියටම මීට වසර පන්සීයකට පෙර, 1511 දී 9 වැනි ග්‍රෙගරි පාප් වහන්සේ වතිකානු ආඥාව අනුමත කළ මොහෙතේ ඒ අසල එය නරඹමින් සිටි පිරිස අතර නමක් නැති තැනැත්තාගේ මුහුණට චිත‍්‍රශිල්පී රෆායෙල් එදා සිල්වෙස්ටර් ස්ටෙලෝන්ගේ මේ මුහුණ ම ඇන්දේ කෙසේ ද? ඔහුට අනාගතය දකින්න හැකියාවක් තිබුණාද? හොඳට බලන්න. මුහුණු දෙක සසඳන්න.

මේ ඇත්තට ම ‘රොකී,’ ‘රැම්බෝ’ වැනි චිත‍්‍රපටවලින් ඔබ වෙත ආ සිල්වෙස්ටර් ස්ටෙලෝන් නෙමෙයි. මුෂ්ඨි ප‍්‍රහාරයකින් රතු වුණු කම්මුලේ ඇට දිහා බලන්න. ඔහුගේ බරවුණු ඇසිපිය දෙක බලන්න. නාසය, කොණ්ඩය, බෙදුණු නිකට දිහා බලන්න. ඒ පින්තූරයේ ඉන්නා තැනැත්තා හැම අතින් ම ස්ටෙලෝන් රඟපෑ රොකී චරිතයට සමානයි නේද? අනෙක් පුදුමය නම් ස්ටෙලෝන් ද චිත‍්‍රශිල්පියෙක් වීමයි.

Post a Comment

4 Comments

  1. කියානු රීව්ස් වයසට නොයන බව දන්නවද? :-) http://www.keanuisimmortal.com/

    ReplyDelete
  2. සිස්...... මාරයි ඈ..........

    ReplyDelete
  3. ඒකනම් ඇත්ටටම අපූරු සිදුවීමක්..

    ReplyDelete
  4. මේකනම් ලොකු විස්මයක් නෙවේ. දැන් අපේ සීගිරි අප්සරාවන් දිහා බලන්න. සමහරු අයිස්වර්යා රායි වාගේ, වසන්ති චතුරානි වගේ, උපේක්ෂා ස්වර්ණමාලි වගේ. තව තවත් අය ගැන හිතන්න හිතන්න අපිට ඒ වගේ පේනවා. දකිනවා. මේක අහඹු සිද්ධියක්. ගුප්ත යථාර්තයක් නැහැ. ඒ නිසා වැඩිය හිතන්න එපා.

    ReplyDelete