Skip to main content

මෙන්න! ගිනස් ලෝක වාර්තා පොතට ‘විශ්ව’ වාර්තා සංස්කරණයක්! විශ්ව වාර්තා පිහිට වූ ග‍්‍රහයෝ

ලෝක ප‍්‍රකට ගිනස් ලෝක වාර්තා පොත ගැන නොදන්නා කෙනෙක් නැහැ. එහි ඇත්තේ ලෝකයට සීමා වූ වාර්තා විතරයි. ඊට විශ්ව වාර්තා කොටසක් එක් කළොත් මෙන්න මේවා තමයි ඇතුළත් වන්නේ.

අපේ මේ විශ්වයෙහි වඩාත් තාපාධික, ශීතාධික, වයස්ගත, ළාබාල හා වේගවත් ම ග‍්‍රහයා කවරෙක් ද? පසුගිය වසර 50 තිස්සේ අපේ දුරදක්න එන්න එන්න ම විශාල වෙමින්, දියුණු වෙමින්, තියුණු වෙමින්, අපට අපේ විශ්වය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට ඉඩ සලසා දුන්නා. එසේ ම අපෙන් ඈතට යමින් උඩුගුවනේ රැඳී සිටිමින් අපේ විශ්වීය නෑයින් ගැන අප මෙතෙක් නුදුටු දේ පෙන්වා දෙන්න සමත් වුණා.

ඒ අනුව තාරකා විද්‍යාඥයින් ඈත සක්වළ ඇති ග‍්‍රහ ලෝක රාශියක් ගැන විස්මකුරු තොරතුරු රැසක් සොයා ගන්නට සමත් වුණා. ඒ නිසා අද අපට හැකි වී තියෙනවා, ගිනස් ලෝක වාර්තා පොතේ අන්තර් ගැලැක්සීය සංස්කරණයක් ඇත්නම් එහි ඇතුළත් වන දේ ගැන මෙවැනි සටහනක් තබන්නට. (මෙහි දැක්වෙන රූප සටහන් මෙතෙක් අභ්‍යවකාශත දූරේක්ෂවලින් හා මිහිමත පිහිටුවා ඇති අති ප‍්‍රබල දුරේක්ෂවලින් ලබා ගත් දත්ත අනුව පරිගණක ග‍්‍රැෆික් චිත‍්‍රශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවායි.)

වේගයෙන් වැඩි ම ග‍්‍රහයා
අලූතෙන් හඳුනාගෙන තියෙනවා, විශ්වයේ වඩාත් වේගයෙන් ම යන ග‍්‍රහයා. ඒ තමා ස්වීප්ස් - 10 (SWEEPS-10). එම ග‍්‍රහයා සිය හිරු වටා යන්නේ සැතැපුම් 740,000ක් දුරින් සිටයි. මෙය පෘථිවියත් හඳත් අතර ඇති දුර මෙන් තුන් ගුණයක්. ඒ ග‍්‍රහයාට එම හිරු වටා එක් වටයක් යාමට, එනම් අවුරුද්දක් සම්පූර්ණ කිරීමට, ගත වන්නේ අපේ වේලාවෙන් පැය 10ක් විතරයි.

 
ස්වීප්ස් - 10 නම් ග‍්‍රහයාට මව් තරුව වටා එක් වරක් යාමට ගත වන්නේ පැය 10කි.

ලොකු ම, ඝනත්වයෙන් අඩු ම හා සැහැල්ලූ ම ග‍්‍රහයා
මේ සක්වළ තුළ අප විසින් දැනට හඳුනාගෙන ඇති ලොකු ම ග‍්‍රහයා, ටීආර්ඊඑස් - 4 (TrES-4) නම් වෙනවා. එය අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ලොකුම ග‍්‍රහයා වූ බ‍්‍රහස්පතී මෙන් 1.7 ගුණයක් විශාලයි. ඒ ග‍්‍රහයා ම තමා වැඩි ම ‘අපූර්වත්වයකින්’ යුත් ග‍්‍රහයා වන්නේත්. එය ඝනත්වයෙන් කෙතරම් අඩු ද කීවොත් ‘පොරොප්පයක’ ඝනත්වයට ආසන්නයි. එය ලොකු වතුර බේසමකට දාන්න පුළුවන් නම් පාවෙනවා. ඒ තරමට සැහැල්ලූයි. එය ඊට අයත් හිරු වටා යන විට එහි වායුගෝලයෙන් කොටසක් වල්ගා තරුවක වල්ගයක් මෙන් පසුපසින් ඇදී යනවා.

ඇමරිකාවේ ඇරිසෝනාවේ ලොවෙල් ග‍්‍රහලෝක නිරීක්ෂණාගාරයේ ජෝර්ජි මැන්ඩුෂේව් කියන්නේ ඒ ග‍්‍රහයාගේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයකට ග්රෑම් 0.2ක් බවයි. එය බල්සා ලීයක ඝනත්වයට සමානයි.

”මේ ග‍්‍රහයාගේ අඩු ඝනත්වය නිසා එහි ඉහළ වායුගෝලය ග‍්‍රහයාගේ කක්ෂගත ගමනේ දී ඇද ගෙන යාම අසීරු වන නිසා එහි කොටසක් වල්ගා තරුවක වාගේ ඇදෙනවා.” ඔහු තවදුරටත් කියනවා.

 
ලොකු ම ග‍්‍රහයා, ටීආර්ඊඑස් - 4 (TrES-4) ඝනත්වයෙනුත් අඩුයි. අපට වඩා ආලෝක වර්ෂ 1400ක් ඈතින් පිහිටලා තියෙන්නෙ.

මේ අමුතු ග‍්‍රහයන් පිළිබඳ විස්තර Space.com වෙබ් අඩවියෙන් ඔබටත් අවශ්‍ය නම් බලා ගත්තෑකි. අප වෙසෙන මේ සක්වළ තුළ ඇති විස්මිත ලක්ෂණ නිසා භෞතික විද්‍යාව පිළිබඳ පවතින සංකල්පයන් දැන් වෙනස් වෙමින් යන බව කිවයුතුයි.

වයස්ගත ම ග‍්‍රහයා
ඒ තමා ‘මෙතුසෙලා’ (Methusela) නම් ග‍්‍රහයා. එහි ‘විද්‍යාත්මක’ නාමය පීඑස්ආර් බී16020-26බී (PSR B1620-26 b) කියලයි ලැයිස්තුවල තියෙන්නෙ. මෙතෙක් සොයා ගෙන ඇති පරිදි ලෝකයේ පැරණිතම ග‍්‍රහයා එයයි. ඒ කියන්නෙ මේ විශ්වයේ ඉන්නා එක මුත්තෙක්. දැනට වයස අවුරුදු බිලියන 12.7ක්. අපේ පෘථිවියට වඩා වයස අවුරුදු බිලියන අටකින් වැඩි මහලූයි.

මෙතුසෙලා ග‍්‍රහයා බිහි වූයේ විශ්වයේ පැවති ‘බිග් බෑන්’ නම් මහා පිපිරුම සිදු වී වසර බිලියන දෙකකට පසුවයි. 1993 දී මේ ග‍්‍රහයා සොයා ගැනීමෙන් පසු ග‍්‍රහයන් පිළිබඳව එතෙක් පැවති මත වෙනස් වුණා. දැන් අප දන්නවා මීටත් වඩා වයස්ගත ග‍්‍රහයන් රැසක් අනාගතයේ දී සොයා ගැනීමට ඇති බව.

මේ අනුව විශ්වය තුළ ජීවය පැවතීම පිළිබඳ ඇති අදහස් ද වෙනස් වෙනවා. මෙතෙක් අප සිතා සිටියාට වඩා කලින් ජීවය මේ විශ්වය තුළ පහළ වන්නට ඇතැයි දැන් අදහස් කෙරෙනවා. ග‍්‍රහයකු එහි ජීවිත කාලය තුළ වාර ගණනාවක් පරිණාමයට ලක් වෙන්නට ඇතැයි දැන් විද්‍යාඥයන් සිතන්නට පටන් අරන්. අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ අපේ හැකියාව වැඩි දියුණුවෙත් ම මේ පිළිබඳ විස්මිත අධ්‍යයනයන් කෙරෙනු ඇති.

 
අපේ මේ නිල් කැටය, ජීවය පවතින ග‍්‍රහයා ලෙස තබා ඇති වාර්තාව අසමසම එකක්.

ඇමරිකාවේ නාසා විද්‍යාඥයන් දැන් විශ්වාස කරනවා, යම් ග‍්‍රහයෙක් යම් තරුවක් සමග බිහි ව, ඒ වටා කක්ෂගත ව තිබී, එම තරුව විනාශ වූ පසු, ඒ අසලින් යන වෙනත් තරුවකගේ ග‍්‍රහයකු ව ඉදිරියට යා හැකිය කියා.

වයසින් ළාබාලම ග‍්‍රහයාට තාමත් නමක් නෑ
දැනට හඳුනාගෙන ඇති ළාබාල ග‍්‍රහයා වන්නේ අවුරුදු මිලියනයකටත් අඩු වයසක් ඇති තවමත් නමක් තබා නැති ග‍්‍රහයෙක්. එය කක්ෂගතව ඇත්තේ අපට වඩා ආලෝක වර්ෂ 420ක් ඈතින් පිහිටි ‘කොකු ටවු’ (Coku Tau) නම් තරුව සමගයි. (මෙය වෘෂභ රාශියට අයත් තරු පන්තියට අයත් ද්විමය තාරකාවකි)

තාපාධික ග‍්‍රහයා
දැනට සොයා ගෙන ඇති තාපාධික ග‍්‍රහයා ‘ඩබ්ලියුඒඑස්පී-12බී’ (WASP-12b)ලෙස නම් කර තියෙනවා. එහි මතුපිට උෂ්ණත්වය සහරා කාන්තාරයටත් වඩා වැඩියි. එනම් සෙල්සියස් අංශක 2,200ක් විතර වෙනවා. විශාලත්වය අතින් එය අපේ බ‍්‍රහස්පතී මෙන් දෙගුණයක්.

ශීතාධික ග‍්‍රහයා
දැනට සොයා ගෙන ඇති ශීතාධික යුත් ග‍්‍රහයා වන්නේ ‘ඔජීඑල්ඊ-බීඑල්ජී-390එල්’ (OGLE-BLG-390L)ය. අපේ පෘථිවිය මෙන් පස් ගුණයක් විශාල එහි ඇත්තේ පාෂාණමය මතුපිටක් යැයි විශ්වාස කෙරෙනවා. අප විසින් හඳුනාගෙන ඇති වඩාත් දුරින් පිහිටි ග‍්‍රහයාත් එයයි. එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 28,000ක් දුරිනි. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -220ක්. එය දියර නයිට්රජන්වල තාපාංකයටත් අඩුයි. එනම්, පිළිගත් අවම උෂ්ණත්වය වූ නිරපේක්ෂ ශූන්‍යයට ආසන්නයි.

 
දැනට සොයා ගෙන ඇති පැරණිතම ග‍්‍රහයා මෙතුසෙලා (බයිබලයේ එන පැරණි ම මිනිසා) අවුරුදු බිලියන 12.7ක් තිස්සේ මේ විශ්වයෙහි පවතිනවා.

 
තවමත් නමක් තබා නැති වයසින් අඩු ම ග‍්‍රහයා කොකු ටවු නම් තරුව වටා කක්ෂගතව තිබෙන්නකි. වයස අවුරුදු මිලියනයකටත් අඩුයි.

සුවිශේෂ ග‍්‍රහයෙක්!
‘එප්සිලෝන් එරිඩානි බී’ (Epsilon Eridani-b) නමින් හැඳින්වෙන ග‍්‍රහයා කක්ෂගතව ඇත්තේ එප්සිලෝන් එරිඩානි නම් තරුව සමගයි. ඒ තරුව අයත් වන්නේ එරිඩානුස් (ගඟ) නම් තරු පන්තියටයි. මේ ග‍්‍රහයාගේ වෙන් කොට ගත හැකි සුවිශේෂ ලක්ෂණයක් නැතත් ඒ පිළිබඳ විශේෂ සටහන් මෙහි තබන්නේ අපට ආලෝක වර්ෂ 10.5ක් දුරින් පිහිටා ඇති නිසා ළඟඳීම වැඩි දියුණු කෙරෙන දුරේක්ෂ මගින් අපේ ග‍්‍රහලෝක නරඹන අයුරින් ඒ ග‍්‍රහයාද දැක ගැනීමට හැකි වන පැවසීමටයි.

ඒ ග‍්‍රහයා අයත් හිරුට ඇති දුර නිසා එහි සාගර ඇත්නම් ඒවා අධිශීතනයට ලක් ව මිදී යා හැකියි. එහි ජීවය ඇතැයි සිතිය නොහැකියි. එහෙත් එම හිරුගේ ග‍්‍රහ මණ්ඩලයේ ඇති වෙනත් ග‍්‍රහයන් තුළ ජීවය තිබීමට ඉඩකඩ ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

කුඩා ම ග‍්‍රහයා
මෙහි දී අප කතා කරන අන්තිම හා කුඩා ම ග‍්‍රහයා, අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට පිටින් හමු වූ ග‍්‍රහයන් අතර කුඩා ම ග‍්‍රහ වස්තුව වෙනවා. බහිර් ග‍්‍රහයන්ගෙන් කුඩා ම ග‍්‍රහයා වූ කෙප්ලර් -10බී (Kepler-10b) අපේ පොළව මෙන් 1.4 ගුණයක් විශාලයි. අපේ සිට ආලෝක වර්ෂ 560ක් ඈතිනුයි ඉන්නෙ. මේ ග‍්‍රහයා ගැන මුල්වරට ලෝකයට ප‍්‍රකාශ කළේ 2011 ජනවාරි මාසයේදියි.

හිරුට ආසන්න වූ වඩාත් තාපයෙන් යුත් කලාපයේ ග‍්‍රහයන්ගේ ජලය වාෂ්ප වෙනවා; මතුපිට දියර ලෙස රැඳෙන්නෑ. හිරුගෙන් ඈත් වූ වඩාත් සිසිල් කලාපයෙහි ග‍්‍රහයන් මත ද ජලය දියර වශයෙන් රැඳෙන්නෑ. නිතරම පවතින්නේ මිදුණු ස්වරූපයෙන්. ඒ අතර මැදි කලාපය හැඳින්වන්නේ ජීවයට හිතකර ‘වාසනාවන්ත කලාපය’ ලෙසයි. එහි පෘථිවියෙහි මෙන් ජීවය පැවතිය හැකියි.

මේ නව ග‍්‍රහයා ඇත්තේ ද එවැනි ජීවය පැවතිය හැකි කලාපයකයි. මෙය විශිෂ්ට සොයා ගැනීමක් බවට විශ්වාසය පළ කරන නාසා ආයතනය තවදුරටත් මෙහි ජීවය ඇද්දැයි සොයා පරීක්ෂණ කිරීමට තීරණය කරල තියෙනවා.

 
තාපාධික ග‍්‍රහයා ‘ඩබ්ලියුඒඑස්පී-12බී’ (WASP-12b), සෙල්සියස් අංශක 2,200 ඉක්මවයි.

 
විශ්වයේ ශීතාධික ග‍්‍රහයා ‘ඔජීඑල්ඊ-2005-බීඑල්ජී-390එල්බී’ (OGLE-BLG-390Lb)

 
‘එප්සිලෝන් එරිඩානි බී’ (Epsilon Eridani-b) හැඳින්වෙන ග‍්‍රහයා ආලෝක වර්ෂ 10ක් දුරින් පිහිටි අපට ළඟඳීම දුරේක්ෂයකින් බැලිය හැකි වේවි.

සක්වළට නෙත් හෙළන වඩාත් දියුණු දුරේක්ෂ බිහි වීමත් සමග අපේ විශ්වී නෙත් තවත් පුළුල් වී නව සොයා ගැනීම් අනාගතයේ දී තවතවත් අපේ දැනුමට එක් වනු නොඅනුමානයි. මාසයකට එකක් බැගින් ග‍්‍රහයන් සොයා ගන්නා කාලය වැඩි ඈත නොවෙයි. ඉදිරි පනස් වසර තුළ මොන තරම් විස්මිත දේ සොයා ගැනීමට අපට හැකිවේද?

 
කුඩා ම ග‍්‍රහයා සැලකෙන කෙප්ලර්-10බී (Kepler-10b)2011 ජනවාරි මාසයේ දී සොයා ගත්තක්.

Comments

  1. ගොඩක් වටිනා ලිපියක්...ස්තූතියි.

    ReplyDelete
  2. වැදගත් තොරතුරු ටිකක්.

    ReplyDelete
  3. ග්‍රහලෝක ගැන කතා කරද්දි මට ලොකු ගැටලුවක් තියෙනවා. මල් කැකුලු සංස්කාරකතුමාට පුලුවන්නම් මේකට උත්තරයක් දෙන්න.

    අපි භාවිතා කරන ජ්‍යොතිෂය ලෝකෙට බිහිවන්නේ ගොඩාක් ඈත අතීතයේනේ. ඒ කාලේ චන්ද්‍රිකා, දුරදක්න තිබුනද? සූර්යාගේ සිට ග්‍රහලෝකවලට ඇති දුර ගණනය කළේ කොහොමද? ඒවායෙන් පෘතුවියට එන බලපෑම් නිර්ණය කළේ කොහොමද? පුළුවන්නම් පහදා දෙන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.