HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇය තවත් ජේ. කේ. රෝලින් කෙනෙක් වේවි ද? බි‍්‍රතාන්‍යයේ සරසවි සිසුවියක් නවකතා පෙළක් ලියන්න පවුම් මිලියන ගණනක ගිවිසුමකට අත්සන් කරයි!

ඇගේ නම සමන්තා ෂැනොන්. 20 හැවිරිදි වියේ පසු වන ඇය තවමත් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නියක්.

ඇය ජේ.කේ. රෝලින්ගේ අඩි පාරේ යමින් හැරී පොටර් පොත් පෙළ ප‍්‍රකාශයට පත් කළ බ්ලූම්ස්බරි ප‍්‍රකාශක සමාගම සමග ඇගේ ‘ද බෝන් සීසන්’ නම් තවත් එහි කොටස් දෙකක් සඳහා මිලියන ගණනක ගිවිසුමක් අත්සන් කළා.

ඒත් මේ පොත් පෙළ තුනකින් නැවැත්වීමට ඇය අදහස් කරන්නේ නැහැ. ජේ.කේ. රෝලින් හැරී පොටර් ලිව්වා වගේ ම මෙහි පොත් හතක් ම ලියන්න ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 
හැරී පොටර් නවකතා මාලාව නිසා අද කෝටිපතිනියක් ව සිටින ජේ.කේ රෝලින්

 
හැරී පොටර් පළ කළ ප‍්‍රකාශන සමාගම හා මිලියන ගණනක ගිවිසුමක් අත්සන් කළ සමන්තා ෂනොන්.

බ්ලූම්ස්බරි සමාගම මේ පිළිබඳ ව එන සතියේ නිල නිවේදනයක් නිකුත් කරාවි. මේ නවකතා පෙළත් රෝලින්ගේ නවකතා මෙන් ජනපි‍්‍රය වෙතැයි ඔවුන් විශ්වාස කරනවා. කලින් ඔවුන් පළ කළ රෝලින්ගේ හැරී පොටර් කතා මාලාව ලොව පුරා පිටපත් මිලියන 400ක් පමණ විකුණුණා. ඒවා භාෂා 35කට (සිංහල ඇතුළු) පරිවර්තනය වී තියෙනවා. අද රෝලින් ලෝකයේ සිටින ධනවත් ම කාන්තාවන් කීපදෙනා අතරින් කෙනෙක්.

සමන්තා ඇගේ මුල් ම නවකතාව ලිව්වේ වයස අවුරුදු 15දියි. ඒ කාලේ ඇය දවසකට පැය 15ක් විතර නිදන කාමරයේ ලියමින් ගත කළා.

ඇය කියනවා, මේ පොත්වලට අඩංගු විස්තර ඇත්තේ එක්කෝ ඇගේ ඔළුවේ එහෙම නැත්නම් කලින් හිතට ආ ඒවා සටහන් පොත්වල ලියා ගෙන තියෙනවා කියා.

සමන්තාගේ අනාගතයේ සිදුවන්නක් සේ ලියන නවකතා පෙළේ කතානායකයා 19 හැවිරිදි දිවැසිවරයෙකි. නම පෙයිජ් ය. මේ නවකතාව දිග හැරෙන්නේ 2059 දී සිදුවන්නක් ලෙසයි. ඇය කියන්නේ ඇගේ නවකතාකරණයට අනුප‍්‍රාණය සැපයූවේ මාගරට් ඇට්වුඞ්ගේ ‘ද හැන්ඞ් මේඞ්ස් ටේල්’ හා ඇන්තනි බර්ජස්ගේ ‘අ ක්ලොක් වර්ක් ඔරේන්ජ්’ නවකතා කියායි. එසේ ම එංගලන්තයේ විශිෂ්ටතම කවියකු වූ ජෝන් ඩොන්ගේ නිර්මාණ ද ඇගේ නිර්මාණ ප‍්‍රබෝධයට හේතු වුණා.

මේ තරුණ නවකතාකාරිය පොත් සඳහා ලැබුණු අත්තිකාරම් මුදලෙන් ඇය සිය ඉගෙනීම සඳහා ලබා ගෙන තිබූ ණයතුරුස් ගෙවා දැම්මා.

සමන්තා කියන්නේ, සෞඛ්‍ය සමාජයක පිළිගැනීමේ නිලධාරිනියක වූ ඇගේ මව, අමන්දා ඇගේ නවකතාකරණයට එරෙහි නොවූ නිසා ‘ද බෝන් සීසන්’ කෘතිය නිමා කරන්නට ඇයට හැකි වූ බවයි.
ඇගේ මුල් නවකතාව වූ ‘ඔරෝරා’ ලියද්දී ගෙතුළට ම වී හිඳ ගෙන කරන ඒ ලියැවිල්ලෙන් ඇගේ සෞඛ්‍යය පිරිහෙතැයි බියෙන් මව ඇගේ ලේඛනයට විරුද්ධ වූ බවයි. ඒ වන විට බටහිර ලන්ඩනයේ උසස් පාසලක ඉගෙනීම ලබමින් සිටියා.

”මගේ අම්මා හැමතිස්සේ ම වද වුණේ මම නිදන කාමරයට වැදී එක දිගට ලිවීමේ කාරියටයි. එයින් මා රෝගී වෙතැයි ඇය බිය වූවායැයි” සමන්තා ලන්ඩනයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට කීවා.

ආභාසය ලැබුණු බිම, මධ්‍යම ලන්ඩනයේ මෙම සත් මංසල පිහිටි කොවෙන්ට් ගාඞ්න්හී සෙවන් ඩයල්ස්වලින් ලත් අත්දැකීම් ඇයට මේ පොත් ලිවීමට උදවු වුණා.

‘ඔරෝරා’ නවකතාව ලියා අවසන් කළාට පස්සෙ 2010 දි සමන්තා එය පොත් ප‍්‍රකාශකයන් 10 දෙනකුට යැව්වා. ඒ සියලූ දෙනා ම එය ප‍්‍රතික්ෂේප කළා.

ඒත් සමන්තා ඉන් අධෛර්යයට පත් වුණේ නෑ. ඇය දෙවැනි නවකතාවක් ලියන්න පටන් ගත්තා. ‘ද බෝන් සීසන්’ නම් වූ ඒ නවකතාවේ වැඩි හරියක් ලිව්වේ ඔක්ස්ෆර්ඞ්හී සැන්ට් ඈන්ස් කොලීජියේ නේවාසිකාගාරයේ වූ ඇගේ කාමරයේ සිටියදියි.

සමන්තා දැන් ජීවත් වෙන්නේ වයඹදිග ලන්ඩනයේ රුයිස්ලිප්වලයි. ඇය මෙහි සිට නවකතාව ලිවීම දිගට ම නිහඬ ව කර ගෙන ගියා.


ඇය කියන්නේ ඇයට මේ නවකතාව ලියන්න ආභාසය ලැබුණේ මධ්‍යම ලන්ඩනයේ වීදි හතක් එක් වන කොවෙන්ට් ගාඞ්න්හී සෙවන් ඩයල්ස් ප‍්‍රදේශයේ මාසයක් විතර රැුකියාවක් කිරීමෙන් ලත් අත්දැකීම්වලින් බවයි.

”මගේ සිත ඇදී ගියා අංක හත කෙරෙහි මෙහි අංක හතට ඇති සම්බන්ධය නිසා. ඒකයි, මං සත්මංසල පසුබිම් කර ගෙන නවකතා හතක් ලියන්න අදහස් කළේ.” ඇයි වැඩිදුරටත් කියනවා.

බ්ලූම්ස්බරීහී ප‍්‍රධාන සංස්කාරිකා ඇලෙක්සැන්ඩ‍්‍රා පි‍්‍රන්ගල් ඇගේ නවකතාව කිය වූ වහාම එය මිල දී ගන්න තීරණය කළා. ඇය එය 2013 සැප්තැම්බරයේ දී ප‍්‍රකාශයට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේ පමා වෙන්නේ සමන්තාගේ උපාධිය සම්පූර්ණ කරන තෙක්.

ඇලෙක්සැන්ඩ‍්‍රා කියන්නේ, ”සමන්තා ප‍්‍රාණවත් නැවුම් අදහස්වලින් පිරුණු කෙනෙක්. මේ පොත ඉතාමත් රසවත් අත්දැකීමක් ලබා දෙන එකක්. අපි මේ එක පොතකට නොවෙයි ඇය ඉදිරියට ලියන පොත් මාලාවකට ම එකවර ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නෙ.”කියායි.

Post a Comment

5 Comments

  1. WOW.. Great.. කියවන්න තවත් පොතක් එන්න හදනවෝ.. හරි ෂෝක්!!

    ReplyDelete
  2. තවත් හොද කතාවක් වේවි කියලා හිතනවා..

    ReplyDelete
  3. මට හැමදාම ආපු ප්‍රශ්නයක් තමයි ඔය හැරී පෝටර්,ලොඩ්ස් ඔෆ් ද රින්ග්ස් වගේ ලෝක ප්‍රසිද්ධ කතා අපේ රටේ කවුරුත් නොලියන්නේ ඇයි කියන එක... අපේ තියෙන ඔය වගේ කතා ඒ තරම් ප්‍රසිද්ධ නොවී තියෙන්නෙ හේතුව මොකක් වෙන්න පුළුවන් ද?

    ReplyDelete
  4. අපේ උන්ට කොන්දක් හෝ මොලයක් නොමැත , තිබුනද මෙවැනි ඒවා ලියවුනද දෙවියන් විසින් ඊට හරස් කපයි.!

    ReplyDelete