HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබට හාන්සි පුටුවේ ඉඳගෙන ම ගමන් බිමන් යන්න ඕනැද? ටොයොටා සමාගම රෝද සවි කළ හාන්සි පුටු මොටෝ රියක් දෙන්න ලෑස්තියි!

අනාගතයේ එන මෝටර් රථ රැසක් චීනයේ බෙයිජිං නුවර පැවැත් වූ 2012 අන්තර්ජාතික මෝටර් රථ ප‍්‍රදර්ශනයට ඇතුළත් වුණා. රටවල් 36කින් මෝටර් සමාගම් 2,000ක් මේ සඳහා සහභාගි වුණා. ඔවුන්ගේ අලූත් ම පන්නයේ නිෂ්පාදන 84ක් මේ ප‍්‍රදර්ශනයේ දී මුල්වරට ඉදිරිපත් කිරීම සඳහා චීන අගනුවරට ගෙනවුත් තිබුණා. එයින් කීපයක් දැක ගන්න හා ඒවා ගැන ගන්න ඔබත් කැමතිද?

ටොයොටා සමාගමේ ‘අයි රියල්’ විදුලි මොටෝරිය තමා කවුරුනුත් විස්මයට පත් කළේ. අනෙක් ඒවා අතර නවතම මාදිලියේ ෆෝක්ස්වාගන් බීට්ල්ස් රථය වඩාත් කැපී පෙනුණා.

 
‘රෝද සවි කළ හාන්සි පුටුව’ හෙවත් ‘ටොයොටා අයි රියල්’ (Toyota i-REAL) රිය චීනයේ බෙයිජිං නුවර පැවැත් වූ 2012 අන්තර්ජාතික මෝටර් රථ ප‍්‍රදර්ශනයේ දී නිරූපිකාවක් පැදවූ අයුරු.

බොහෝ බටහිර හා ජපන් මෝටර් රථ නිෂ්පාදකයන් ඉදිරිපත් කළේ ඔවුන්ගේ අලූත් ම මාදිලියන් වූ අතර චීන සමාගම් විසින් ප‍්‍රදර්ශනයට තබා තිබුණේ අනුකරණ මාදිලියන්ය.

ටොයොටා සමාගම ඉදිරිපත් කර තිබුණේ හයිබි‍්‍රඞ් රථ හා සූවී රථ ඇතුළු චීනයට පමණක් නිෂ්පාදනය කළ ඒවාය.

ටොයොටා සමාගමේ සභාපති අකියෝ ටොයොඩා කියන්නේ, ”අපට ඕනෑ වුණේ අපේ චීන අනුග‍්‍රාහකයන් සතුටු කරන්න, හයිබි‍්‍රඞ් තාක්ෂණයේ නවනිපැයුම් හඳුන්වා දීමෙන්. විශේෂයෙන් ම, චීනයේ ම තැනූ හයිබි‍්‍රඞ් කාරයකින්, හයිබි‍්‍රඞ් තාක්ෂණයේ සුන්දරත්වය අත් විඳීමට සලස්වන්නයි.” කියායි.

 
හරිත රියක් රෑ විදුලි බලයෙන් දුවන නවත ම මාදිලියේ ෆෝක්ස්වාගන් ‘බීට්ල්’ රථය.

 
ජනපි‍්‍රය ජපන් කාටුන් වීරයා ඇස්ට්‍රෝ බෝයි සමග ප‍්‍රදර්ශනයට තබා තිබුණු ටොයොටා වී2 කාරය

 
රටවල් 14කින් මෝටර් රථ නිෂ්පාදක සමාගම් 2000ක් පමණ 2012 චීනයේ බෙයිජිං අන්තර්ජාතික මෝටර් රථ ප‍්‍රදර්ශනයට නව නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.

මේ ප‍්‍රදර්ශනයට තබා තිබුණු බොහොමයක් රථ, සූවී හා ඕෆ් රෝඞ් මාදිලිවලින් යුක්ත වුණා. ඒවා චීනයේ වර්ධනය වන ධන සම්පත් මෙන් ම රට තුළ දිවෙන වළවල්වලින් පිරුණු මහා මාර්ගවල රළු සහිත බව පිළිබිඹු කරන්නක් ද වුණා.

එම්ජී සමාගම අයිකන් (Icon) නමින් නව මාදිළියේ රථයක් ඉදිරිපත් කර තිබුණා. චීනයේ ෂැංහයි සමාගමක් වූ සයික් (SAIC) විසින් බි‍්‍රතාන්‍යයේ එම්ජී සමාගම මිල දී ගැනීමෙන් පසු ලබා ඇති ප‍්‍රගතිය පිළිබිඹු කරන්නක් වුණා.

අමුතු මාදිලියේ මෝටර් රථ නිෂ්පාදනයට නම් දරා ඇති ටොයෝටා සමාගම මේ මොටෝ රිය දැක්ම සඳහා අමුතුම තාලේ මොටෝ රියක් ඉදිරිපත් කළා. ඒ කටුස්සකු පාට වෙනස් කරනවා වාගේ තමන්ගේ පෙනුම සැණෙකින් වෙනස් කරන්න පුළුවන් මොටෝ රියක්.

‘ෆන් - වීඅයිඅයි’ Fun-Vii(Fun - Vehicle interactive internet) කියා හැඳින්වෙන මේ විස්මිත කාරයේ පිටකටුව තනා ඇත්තේ ස්පර්ශක සාණි touch-screen පැනල සහිතවයි. ඒවාට අත තබා පිට වර්ණ රටා එසැණ වෙනස් කර ගන්නට රියැදුරාට පුළුවන්. ඒ වගේ ම ඒ රිය කෙළින් ම වාහන අලෙවිකරුගේ වෙබ් අඩවිය හා සම්බන්ධ කර වාහනයේ දෝෂ ආවේක්ෂණ කර ගන්නත් පුළුවන්.

ඒ වගේ ම වාහනයට පුළුවන්, දොරේ පිටත රටාව වෙනස් කර රියැදුරාගේ උපන්දිනයට සුබ පතන්නත්.

ටොයොටා සමාගම මේ සුවිශේෂ මෝටර් රථය මීළඟට එන ටෝකියෝ මෝටර් රථ ප‍්‍රදර්ශනයට පෙර චීන ජනතාවට ඉදිරිපත් කළේ චීන අනුග‍්‍රාහකයන්ට කරන විශේෂ ගෞරවයක් හැටියටයි.

 
චීනයේ නිෂ්පාදිත එම්ජී අයිකන් රථය

 
චීනයේ නිෂ්පාදිත ‘සූවී ගේ‍්‍රට් වෝල්’ රිය.

 
තවත් නව මාදිලියක් - හැවල් ඊ

 
රෝවේ 950 මොටෝ රිය

 
‘ෆන් - වීඅයිඅයි’ කාරය ‘ස්මාට් ෆෝන්’ එකක් වාගෙ, මෙන්න ඔබට සුබ පතනවා.

එහි සභාපති අකියෝ ටොයෝඩා කියන්නේ, ”කාරයක් අපේ හැඟීම්වලට පෑහෙන්න ඕනෑ. එකෙන් සතුටක් ලබන්න බැරි නම් ඒක කාරෙකක් නෙවෙයි.” කියායි.

ඒත් මේ කාර් නිෂ්පාදන දැවැන්තයා මේ විස්මිත ‘ෆන් - වීඅයිඅයි’ කාරය දැන් ම අලෙවියට නිෂ්පාදනය කරන්න අදහස් කරන්නේ නැහැ. අනාගතයේ දී භාවිත කළ හැකි තාක්ෂණය ගැන අවබෝධයක් දෙන්නයි, මේ ප‍්‍රදර්ශන භාණ්ඩය ඉදිරිපත් කළේ. ඔවුන්ගේ ප‍්‍රකාශනයක මේ විස්මිත රිය හඳුන්වා දුන්නේ ‘මිනිසාත්, මෝටර් රථත්, සමාජයත් එකට බද්ධ කරන අනාගතයක්’ එන බව දැක්වෙන පෙරමඟ ලකුණක් ලෙසයි.

 
මේ විස්මිත රිය තුළ හෝ පිටත හෝ ස්පර්ශ කිරීමෙන් ඔබට විධාන කළ හැකි විවිධ ආලේඛ ප‍්‍රදර්ශනය කෙරෙනවා.

 
‘ෆන් - වීඅයිඅයි’ කාරය වෙළඳ පොළට නො ආවත් අනාගතයේ කාර්වලට ලැබෙන තාක්ෂණය කොයි වගේ ද කියලා දැන ගන්න මේ මගින් හැකියාව තියෙනවා.

තවත් නවතම විදුලි මොටෝ රිය දෙකක් ඉදිරිපත් කරල තියෙනවා. එකක් හතර දෙනකුට යා හැකි එෆ්ටී-ඊවී 3 කියන විදුලි රිය. එය ටොයොටා අයිකිවු මාදිලියට අයත් එකක්. ලිතියම්-අයන බැටරියකින් වැඩ කරන්නෙ. බැටරිය හොඳින් ආරෝපණය කළ විට සැ.65ක් දුර යතෑකි.

ටොයොටා සමාගම බලාපොරොත්තු වෙනවා, විදුලි රිය තාක්ෂණය යොදා ගෙන කෙටි දුර දිවිය හැකි නවතම වාහනයක් ඉදිරිපත් කිරීමට මේ වසර තුළදි. ඒ සඳහා විනාඩි කීපයක් අතරමග නැවතී බැටරිය ආරෝපණය කිරීමට මහමඟදී කිරීමට වැඩ පිළිවෙළක් ඇති වෙන්න ඕනැ.

අනිත් අලූත් රිය ‘එෆ්සීවී-ආර්’ නම් වන අතර එය ඉන්ධනයක් ලෙස භාවිත කරන්නේ හයිඩ‍්‍රජන්ය. මෙහි වැඩි දියුණු කළ මාදිලියක් 2015 දී අලෙවි කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ රිය වරක් බැටරිය ආරෝපණය කළ විට එක දිගට කිලෝමීටර් 450ක් දුවන්න පුළුවන් වේවි.


Post a Comment

0 Comments