විද්‍යාඥයෝ ‘මිනිස් මොළයක්’ තනන්ට යති! අති සුපිරි පරිගණකයක්, මිනිස් මොළය ඒ අයුරින් ම අනුකරණය කළ හැකියි!

මිනිස් මොළය ඒ අයුරින් ම අනුකරණය (විඩම්බනය) කළ හැකි, මෙතෙක් නොවූ විරූ ආකාරයේ අති සුපිරි පරිගණකයක් නිර්මාණය කරන්නට යුරෝපයේ විද්‍යාඥයෝ සැරසෙති. මේ විස්මිත පරිගණකය නිර්මාණය කරන්නට යන්නේ මොළයට වැළඳන රෝගවලට ප‍්‍රතිකාර කිරීමට උපකාර ලබා ගැනීමටයි.

මිනිස් මොළයට සමාන වෙනත් කිසිම යන්ත‍්‍රයක් ලොව නැත. ඒත් දැන් විද්‍යාඥයෝ ලෝකයේ බලවත් ම පරිගණකය යොදා ගෙන එවැන්නක් තැනීමට යති. ඔවුන් මෙය කරන්නට යන්නේ වසර 12ක් තිස්සේ කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යපෘතියක් යටතේ ය.

මේ සඳහා මෙතෙක් ලොව පුර ම විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගෙන ඇති මොළය පිළිබඳ රහස් සියල්ල එක් රැස් කිරීමට ඔවුහූ බලාපොරොත්තු වෙති. ඒවා අනුව එහි කි‍්‍රයාකාරිත්වය දැක්වෙන අනුකෘතියක තිර සටහනක් මුලින් ම තැනෙනු ඇත. ඊට මොළයේ එක් එක් ෙසෙල හා අණු ආදියෙහි කි‍්‍රයාකාරිත්වය ද සවිත්සරව ඇතුළත් වනු ඇත.

 
මිනිස් මොළය මුලූමනින් ම අනුකරණය කළ හැකි පරිගණකයක් තැනීමට විද්‍යාඥයෝ සැරසෙති.

මේ කාර්යය සාර්ථක කර ගත හැකි වුවහොත් සෞඛ්‍ය ෙක්‍ෂත‍්‍රයේ විශාල පෙරළියක් සිදු වනු ඇත. සිත් කම්පා කරවන ඇල්ෂයිමර්, පාකින්සන් වැනි ස්නායු රෝග ගැන අවබෝධ කර ගන්නට මග සැලසෙනු ඇත. එපමණක් නොව අප සිතන හැටි, තීරණ ගන්නා හැටි ආදිය ගැන ද මෙතෙක් නොදත් දේ දැන ගත හැකි වනු ඇත.

මෙම ව්‍යාපෘතියෙහි මූලිකත්වය ගෙන කි‍්‍රයා කරන්නේ ස්විට්සර්ලන්තයේ මහාචාර්ය හෙන්රි මාක්රාම් ප‍්‍රමුඛ විද්‍යාඥයන් පිරිසකි. මේ සඳහා යුරෝපයේ සිටින විද්‍යාඥයෝ රැසක් දායකත්වය ලබා දෙති. ඊට අමතරව එංගලන්තයේ කේම්බි‍්‍රජ්හි වෙල්කම් ටස්ට් සැන්ජර් ඉන්ස්ටිටියුට් ආයතනය ද මේ සඳහා ඔහු සමග එක්ව සිටියි.

”මොළය හරිම සංකීර්ණයි. එකිනෙකට සම්බන්ධ නියුරෝන (ස්නාසා) බිලියන ගණනක් තියෙනවා. ඒ නිසා ම ස්නායු විද්‍යාඥයන්ට ඒවායේ කි‍්‍රයාකාරිත්වය සැබැවින් ම තේරුම් ගැනීම අසීරු වී තියෙනවා. ඔවුන් දිවා රෑ වෙහෙසෙන්නේ එය තේරුම් ගන්නටයි. අනුකරණය (විඩම්බනය) කිරීමෙන් මෙය තේරුම් ගැනීම මඳක් හෝ පහසු කරනු ඇති. මොළය පිළිබඳ හැම අංශයක් ම එයින් හැදෑරීමට ඉඩ සැලසේවි.” යැයි මහාචාර්ය මාක්රාම් කියයි.

මේ කටයුතු සිදු කෙරෙන්නේ ජර්මනියේ ඩුසල්ඩෝෆ් හී විශ්ව විද්‍යාලයකදී ය. තිරයක් මත මැවෙන මේ ‘සුවිශේෂ මොළය’ ති‍්‍රමාන පිළිබිඹුවලින් යුක්ත වනු ඇත. ඒවා දර්ශනය වන්නේ අර්ධ කවාකාර නියමු කුටියක් බඳු තැනක ය. විද්‍යාඥයන්ට මේ රූප ඔස්සේ මොළයේ විවිධ ප‍්‍රදේශවල සරමින් ඒවා එකිනෙක හා සන්නිවේදනය කරන ආකාරයන් දැක බලා ගත හැකි වනු ඇත.

 
අධි බලශක්ති භාවිතය: මේ තනන සුපිරි පරිගණකයට ඉහළ දැක්වෙන බි‍්‍රතාන්‍යයේ සෙලාෆීල්ඞ් න්‍යෂ්ටික බලාගාරය නිපදවන මුළු බලශක්ති ප‍්‍රමාණය ම අවශ්‍ය වෙයි.

ලෝකය පුරා සෑම තැනක ම සිදු වන ස්නායු විද්‍යා පර්යේෂණ මගින් සොයා ගන්නා සියලූ තොරතුරු මේ සඳහා එක් කර ගනු ඇත. මෙය මෙතෙක් ලබා ඇති ස්නායු විද්‍යාත්මක දැනුම එක් වේදිකාවකට රැස් කිරීමකි. වසරක් පාසා මෙවැනි විද්‍යාත්මක නිබන්ධන 60,000ක් පමණ ලියැවෙයි.

මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ බිලියනයක් ලැබීමට නියමිත ය. එය රුපියල්වලින් නම් බිලියන 175 කි.

මේ තත්වය යටතේ මෙවැනි දියුණුවක් පරිගණකයට ලබා දීම ගැනත් විවිධ මත පළ වේ. සිතා මතා වැඩ කිරීමේ හැකියාව පරිගණකයට ලබා දීම අනාගත රකුසකු බිහි කර ගැනීමක් යැයි වද වෙන අය ද සිටිති. විශේෂයෙන් එවැනි මාධ්‍ය මේ විද්‍යාඥ කණ්ඩායම හඳුන්වන්නේ ‘ෆ්රැන්කන්ස්ටීන් පිරිස’ ලෙසයි.

”ඒත්, මෙය සාර්ථක වුවහොත් කිසියම් ආකාරයක මොළේ දුබලතාවකට වාර්ෂික ගොදුරු වන ලොව බිලියන දෙකක් පමණ වන දෙනාට මෙයින් ලොකු පිහිටක් ලැබේවි.” මහාචාර්ය මාක්රාම් පවසයි.

”මෙය එක්තරා ආකාරකින් මිනිසා ඉදිරියේ ඇති ලොකු ම අභියෝගයන් තුනෙන් එකක් ජය ගැනීමක් ලෙස සැලකිය හැකියි. අප ඉදිරියේ ඇති ඒ අභියෝගයන් තුන නම් පෘථිවිය, අභ්‍යවකාශය හා මොළය තේරුම් ගැනීමයි. අපට අවශ්‍ය වී තියෙනවා, අප මනුෂ්‍යයන් වුණේ කොහොමද කියා දැන ගන්න.”

 
මෙතෙක් හඳුනා ගෙන ඇති පරිදි මිනිස් මොළයේ මස්තිෂ්ක බාහිකයේ ඒ ඒ තැන් සක‍්‍රිය වන ආකාරය

පසුගිය වසර 15 තිස්සේ ම මේ පිරිස මහත් ආයාසයක් ගෙන අධ්‍යයනය කොට මොළයේ බාහික තීරුවේ (cortical column) අනුකෘතියක් නිර්මාණය කරන්නට සමත් වූහ.

එපමණක් නොව මීයකුගේ මොළයේ කොටසක අනුකෘතියක් තනන්නට ද ඔවුහූ සමත් වූහ. ඒත් මෙය ඒ සියල්ලට ම වඩා සම්පූර්ණයෙන් ම වෙනස් වූ සංකීර්ණ දෙයකි.

අපේ මොළයේ නියුරෝන බිලියන 100ක් තිබේ. ඒ හැම එකක් ම එක් තත්පරයක් තුළ ගණනය කිරීම් බිලියන ගණනක් සිදු කරයි. ඒ එක නියුරෝනයක් කරන කාර්යය දළ වශයෙන් එක ලැප්ටොප් පරිගණකයක කාර්ය භාරයට හා සමාන ය.

ඒ නිසා මොළයට සමාන පරිගණකයට බිලියන බිලියන ගණනක් ගණනය කිරීම් කිරීමට හැකියාව තිබිය යුතුය. ඒ සඳහා න්‍යෂ්ටික බලාගාරයක බල ශක්තිය අවශ්‍යය.

සුපිරි පරිගණකයකට බල ශක්තිය සැපයීම මේ පර්යේෂකයන්ට මුහුණ දීමට සිදු වන එක් ප‍්‍රබල අභියෝගයක් වනු ඇත.

මිනිස් මොළයේ වැඩි කොටසක් ගැන තවමත් පර්යේෂකයන් දන්නේ නැත. වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වූ එහි රහස් හෙළි කර ගැනීම ද එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.

මහාචාර්ය මාක්රම් සමග මෙම ව්‍යාපෘතියේ වැඩ කරන රිචඞ් වෝකර් කියන්නේ මෙහෙම දෙයක්: ”අපේ මොළවලට නම් බල ශක්තිය අවශ්‍ය වන්නේ ඉතාමත් සුළු ප‍්‍රමාණයක් විතරයි. ඒවාත් අවුරුදු 90ක් හෝ ඊට වැඩි ගණනක කාලයක් පවතිනවා.

”මේ මොහොත වෙන කොටත් අපට තැනිය හැකි ලොකුම පරිගණකයවත් නඩත්තු කරන්න අපට හැකියාවක් නැහැ. ඒ හින්දා අපට මොළය වැඩ කරන හැටි සොයා ගන්න පුළුවන් වුණොත් ඒකෙනුත් අපට අති විශාල වාසියක් සිදු වෙනවා”

මොළයේ රෝගී තත්වයන්, විෂාදයේ සිට මානසික රෝග තත්වයන් හි සිට වයස්ගත වීමත් සමග ඇති වන ඇල්ෂයිමර් වැනි රෝගී තත්වයන් ගෙන් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාතයක් ජනතාව පීඩා විඳින බව නොරහසකි.

පසුගියදා ඬේවිඞ් කැමරන් ඩිමෙන්ෂියාවෙන් පෙළෙන අය වෙනුවෙන් කරන පර්යේෂණ සඳහා පවුම් මිලියන 66ක අරමුදලක් පිහිටුවීමට ජනතාවට ආයාචනයක් කළේය.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. වටිනා ලිපියක් මෙ ගැන අලුත් තොරතුරු ඉදිරි ලිපි වලින් දැනුවත් කරන්න මිනිස් මොලය නම් පුදුම දෙයක් ඒ ස්බාවික නිරිමනය අපි ප්‍රයොගික ලොකයෙ තනන්න යන විට කොතරම් බලශක්තියක් වැයවනවද ? කවදාවත් ඒහි නිර්මාන චින්තනය දෙන්න පුලුවන්ද අපි අත්තටම අපෙ ශක්තිය ගැන දන්නවද

    ReplyDelete