HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුබ වෙසක් මඟුලක් වේවා! මෙදා වෙසක් පුරසඳ සුපිරි එකක්! පෝය දවසේ එළියට බැස්සොත් ඔබට ඒ සුපිරි හඳ දකින්න පුළුවන්.

වසරේ විශලතම හඳ දිස් වන්නේ මේ පෝය දායි. හැබෑවට ම හඳ විශාල නොවුණත් අඩු තරමින් බලන අපටවත් විශාල ව හා වෙනදාට වඩා දිප්තිමත් ව පෙනෙනවා.

මේ සුපිරි හඳ සමාන්‍යයෙන් පිහිටනවාට වඩා එදා පොළොවට වඩාත් ළංවයි පිහිටන්නෙ. මෙසේ සඳ පෘථිවියට ළං ව පිහිටන නිසා උස් උදම් රළ ඇති වෙන්න පුළුවන්. මේ උදම් රළ ඇතැම් තැනක වෙනදාට වඩා සියයට 42ක් උසින් වැඩි විය හැකි බවයි, විද්‍යාඥයන් කියන්නෙ. එය සාමාන්‍ය රළ සෙන්ටිමීටර් 15ක් (අඟල් 6ක්) උස් වීමක් නිසා එය එතරම් ගණන් ගත යුතු නැත.

 
මේ සෙනසුරාදා රෑට පායන සුපිරි පුරහඳ 2012 අනෙක් පුර හඳවලට වඩා සියයට 14ක් විශාලත්වයෙන් ද සියයට 30ක් ද දීප්තියෙන් ද වැඩි වනු ඇත.

සඳ වඩාත් විශාලව පෙනෙන මොහොතේ එහි දීප්තිය සියයට 30කින් වැඩි වේවි. මේ සෙනසුරාදා ?ට පායන සුපිරි පුරහඳ 2012 අනෙක් පුර හඳවලට වඩා සියයට 14ක් විශාලත්වයෙන් ද වැඩි වනු ඇත.

සඳෙහි කක්ෂය ඕවලාකාර හැඩයක් ගන්නා නිසා කක්ෂය ළං වූ විට පුරහඳේ විශාලත්වය වෙනස් වී පෙනෙනවා. ඒ, ඉලිප්සාකාර කක්ෂයේ පොළොවට වඩාත් ළං වූ අවස්ථාව හෙවත් භූසමීපකය (perigee) පොළොවට වඩාත් ඈත් වූ අවස්ථාව හෙවත් භූදූරකයට (apogee) වඩා කිලෝමීටර් 50,000ක් අඩු වී පිහිටන නිසයි.

භූසමීපක පුන්සඳ ඇති විට වඩාත් උස්ව නැෙඟන උදම් ඇතිවෙනවා. ඒවා භූසමීපක උදම කියා හැඳින්වෙනවා. ඒත් මේ ගැන අප එතරම් වද විය යුතු නැතැයි ඇමරිකා කාලගුණ විද්‍යා අනාවැකි පළ කරන අධිකාරිය කියනවා. මෙසේ ඇති වන උදම උස් වන්නේ සුළු සෙන්ටිමීටර් ප‍්‍රමාණයක් වන නිසා එයින් බොහෝ තැන්වලට හානියක් වෙන්නේ නැහැ.

 
එංගලන්තයේ පැරණි ප‍්‍රාන්තයක් වන බර්ක්ෂයර්හී වෝෆීල්ඞ් දේවස්ථානයට සුපිරි සඳ පායයි.

 
මේ සති අන්තයේ වසරේ විශාලතම සඳ දීප්තියෙන් ද වැඩිය.

මේ සුපිරි පුන්සඳ දැක ගත හැකි හොඳම අවස්ථාව වන්නේ හඳ නඟින හා හඳ බසින වේලාවලදියි. ඔබට ගස් අස්සෙන් හා ගොඩනැගිලි අස්සෙන් මතු වන විට සාමාන්‍යයෙන් දකිනවාට වඩා විශාල ව පෙනෙනවා. දෘෂ්ටි මායාවක් ලෙසයි එය එසේ පෙනෙන්නේ.
 
සඳේ කක්‍ෂයේ ඉලිප්සාකාර ගමන් මඟ නිසා එහි දුරස් වීම අනුව පුන්සඳ විශාල පෙනෙන අවස්ථා ඇති වේ.

 
සුපිරි හඳ යනුවෙන් හැඳින්වෙන භූසමීපක පුරහඳ වෙනස් වෙන අයුරු

 
සුපිරි හඳ නිසා ලොව පුරා උදමෙහි ඇති වන්නේ සුළු වැඩිවීමකි.

මේ වෙනස් වීම් නිසා මුහුදේ රළවල ඇති වන්නේ ඉතාමත් සුළු වෙනස් වීමක් එනම් සෙන්ටිමීටර් 15ක් පමණයි. මේ සඳ පොළොවට ළං වීම නිසා ස්වාභාවික ව්‍යසන ඇති වන්නේ නැත. 1983 මාර්තු මාසයේ දී සුපිරි හඳක් පෙනුනද ලොකු වෙනසක් ඇති වුණේ නැත. එසේ ම 2008 දෙසැම්බරයේ දී ද සුපිරි හඳක් පෙනුනද ලොකු හානියක් ඇති වුණේ නැත.

Post a Comment

0 Comments