HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැමරාවට වැඩිය ලොකු, අධි මිල විස්මිත කාචයක්! මේ පුළුල් කාචයෙන් ඔබේ පිටුපස ඇති දේත් දකින්න පුළුවන්!


මේ කැමරාවේ කාචය කෙතරම් පුළුල් කෝණයකින් යුක්ත ද යත් ඔබට ඔබේ පසුපස සැඟවී ඇති දේත් කැමරාවට නඟන්න පුළුවන්. මේ නිකොන් මීනාක්ෂි කාචයෙන් (Nikon fisheye lens) අංශක 220 කෝණයක ක්ෂේත‍්‍ර පරාසයක් ඡායාරූපයට නැඟීම ඔබට ඉතා පහසුවෙන් කළ හැකියි. යුනික් රා.10 නිකෝ මීනාක්ෂි (මසු ඇස) කාචය නම් වූ මෙය පසුගිය සතියේ ලන්ඩනයේ වෙළෙඳ පොළට ආවා. මේ එක කාචයක මිල කැමරාව නැතිව පවුම් ලක්ෂයක් වෙනවා. එය සවි කළ හැකි කැමරාව වෙන ම මිලට ගන්න වෙනවා.


මෙය මුලින් ම හඳුන්වා දුන්නේ 1970 දීයි. ඒ ජර්මනියේ පැවති ලෝක ෆොටෝකීනා ඡායාරූප උපකරණ හා උපාංග ප‍්‍රදර්ශනයට එක් වෙමින්. මේ තරම් සංකීර්ණ මීනාක්ෂි (මසු ඇස) කාචයක් මෙතෙක් ලෝකයේ බිහි කර නැහැ. මේ කාචය 1970 දී ෆොටෝකිනා ලෝක ඡායාරූප ප‍්‍රදර්ශනයේ දී හඳුන්වා දුන් අවස්ථාවේදී නරඹන්නන් මවිතයට පත් කළත් එය නිෂ්පාදනය කොට වෙළඳපොළට නිකුත් කිරීමක් සිදු වුණේ නැහැ. ඒත් 1972 මාර්තුවේ පටන් විශේෂ ඡායාරූප ශිල්පීන් කීපදෙනකුගේ අවශ්‍යතා අනුව ඔවුන්ගේ ඇණවුම් පරිදි වරින් වර කාච කීපයක් නිපදවනු ලැබුවා පමණයි.

වසර 42කකට පෙර හඳුන්වා දුන්නත් විකිණීමට තබා තිබුණේ නෑ. දැන් ඔබට කෙළින් ම එය මිලදී ගන්න පුළුවන්. මේ කොයිතරම් විශාල ද කීවොත් ඊට යා කළ හැකි කැමරවෙ හුඟාක් කුඩාවටයි පෙනෙන්නෙ.

මේ තරම් සංකීර්ණ කාචයක් මෙතෙක් නිපදවා නැහැ. මෙය හැඳින්වෙන්නේ අති පුළුල් (6mm F2.8 ultra-wide lens) කාචයක් ලෙසයි.

මේ කාචය අලෙවි කරන වෙස්ට්මිනිස්ටර්හී ගේ‍්‍රස් ආයතනයේ හිමිකරු ගේ‍්‍ර ලෙවෙට් ඒ ගැන පළ කරන්නේ මේ වගේ අදහසක්: ”අපේ ඉස්තරම් කැමරා මිලදී ගන්නකු වන ටෝනී කොවල් මාස හයක් තිස්සේ එතෙර ගොස් මේ ගැන විමසීම් කළා. මේ තරම් ප‍්‍රශස්ත තත්ත්වයේ නිර්මාණයක් ලැබීම අපේ වාසනාවක්.”

එක්සත් රාජධානියේ නිකොන් සමූහ අලෙවි කළමනාකරු ජෙරමි ගිල්බට් කියන්නේ ”මේ 6mm f2.8 කාචය අතිශය දුර්ලභ එකක්. මෙය මූලික වශයෙන් සැලසුම් කර නිෂ්පාදනය කර දුන්නේ විද්‍යාත්මක කටයුතුවලට හා කාලගුණ විද්‍යා අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගන්නයි. කාච නිෂ්පදනයේ මුදුන් මල්කඩ ලෙස මෙය සැලකිය හැකියි.”

”නිකොන් ආයතනයේ මා සේවය කළ මුළු වසර 25 තුළ ම මට දැක ගන්න ලැබුණේ මේ 6mm f2.8 කාච දෙකක් විතරයි. මෙයින් අංශක 220 කෝණයක් කැමරාවට හසු කර ගන්න පුළුවන්. ඔබ මවිත වේවි මේ කාචයේ හැම රූප රාමුවක ම ඔබට ඔබේ දෙපා පවා පෙනෙන කොට” ඔහු වැඩිදුරටත් කියනවා.

”මෙම කාචය විශේෂයෙන් නිපදවනු ලැබුවේ විද්‍යාත්මක හා කාර්මික අවශ්‍යතා අනුවයි. විශේෂ උඩුකයේ ඡුායාරූප ගැනීම, වාස්තු විද්‍යාත්මක නිර්මාණ, කැටයම් හා ගෘහස්ථ සවිස්තර ඡායාරූප ගැනීම ආදියට විශේෂ ඇණවුම් මත පමණක් 1972 මාර්තුවේ සිට මෙම කාච සුළු ප‍්‍රමාණයක් තනනු ලැබුවා.” ලෙවෙට් කියනවා.

 
රාත්තල් 19ක් බර මීනක්ෂි (මසු ඇස) කාචය 1970 දී ජර්මනියේ පැවති ලෝක ඡායාරූප ප‍්‍රදර්ශනයට තබා තිබූ අයුරු.


Post a Comment

1 Comments

  1. ඈත්තටම මෙක මහා විශ්මයක්.

    ReplyDelete