HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න ලෝකයේ පුංචි ම පුංචි කාරෙක! පළල මීටරයයි, දිග මීටර එකහමාරයි!

මෙන්න ලෝකයේ පුංචි ම පුංචි කාරෙක! කලින් අපි නැනෝ කාරය ගැන ලිව්වා ඔබට මතක ඇති. දැන් ඒක ශී‍්‍ර ලංකාවෙ පාරවලත් වැහි වැහැල! දැන් නිපදවල තියෙනවා, ඊටත් පුංචි කාරෙකක්. මීටරයයි, පළල. උස මීටර එක හමාරයි. මේක වෙළඳ පොළට එන්නෙ ලබන අවුරුද්දෙයි.

මේ පුංචි කාරෙකට පුංචි කොරිඩෝවක, ලිෆ්ට් එකක, අඩි පාරක වුනත් යන්න පුළුවන්. ඕනෑම අස්සක මුල්ලක වනත් ගියෑකි. ඔබ වැඩ කරන මේසය ළඟ වුනත් පාක් කරන්න පුළුවන්. රථ ගාලක් ඕනැ වෙන්නෙ නෑ. නිදන කාමරේ වුනත් තියා ගත්තෑකි.

 
මේ පුංචි වොල්ප් කාරයෙන් වැඩ කරන තැනට වුනත් යන්න පුළුවන්.

ඒත් දුර ගමන් යන්න, වේගයෙන් යන්න නම් හිතන්න එපා! මේ කාරයෙ උපරිම වේගය පැ.සැ. 30 (පැ.කි.මී.48) යි. ඒ වගේ ම බඩුබාහිරාදිය ගෙනි යන්න වැඩි ඉඩක් නම් නැහැ.

මේ වෙලෝප් මිනි කාරය ඉතාලි ජාතික රොමානෝ ආටියෝලිගේ නිර්මාණයක්. මුලින් බුගායි හා ලෝටස් රථවල අයිතිකරුත් ඔහුයි.

මේ මිනි මොටෝ රියට මහමඟ දී සාමාන්‍ය කාර් දෙකක් අතරින් වුනත් රිංගලා යන්න පුළුවන්.

මෙහි යානයේ හැඩය නිර්මාණය සුවිශේෂ සීමිත ඇස්ටන් මාටින් රථ නිර්මාණය කිරීමේ වගකීම දැරූ සගාටෝගේයි.

 
වොල්ප් කාරයේ සැලසුම්කරුවන් ආටියෝලි යුවල ඔවුන්ගේ පුංචි කාරය සමග.

 
රෝද හතරේ සයිකල්වලට වගේ නීතියේ අවසර තියෙනව මහමඟ යන්න.

 
මේ කාරය සැලසුම් කර ඇත්තේ විශේෂයෙන් ම නාගරික වැසියන්ට, තදබදයට පිළියමක් ලෙසයි.

වොල්ප් සමාගමේ උප සභාපති ඉසබෙලා ආටියෝලි කියන්නේ, ”වොල්ප් රිය නිදහසේ එහා මෙහා යන්න කැමති, තදබදය නිසා මහමඟ රස්තියාදු වීමට අකමැති, ගාල් කිරීමට තැන් සොය සොයා කාලය නාස්ති කිරීමට අකමැති නාගරික වැසියන්ට කදිම වාහනයක්” කියායි.

” අපේ වොල්ප් සමාගමේ සභාපති රොමානෝ ආටියෝලි දිගු කාලයක් පර්යේෂණ කරලයි, පරිසරයට හානි නොකරන මේ ඇන්ජිම නිපදවා ගත්තේ. ඒ විතරක් නොවෙයි නාගරික වැසියන්ට නම් නගරයේ ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන එකම වාහනය මෙයයි.”

මෝටර් සයිකල් බලපත‍්‍රයක් ඇති 16ක දරුවකුට වුවත් මෙය පදවන්නට තහනමක් නැහැ.

වෙළඳ පොළට එන විට මේ පුංචි කාරයක මිල පවුම් 5,600ක් (රුපියල් නව ලක්ෂයක් පමණ) වේවි.

මෙය යුරෝපයේ අළෙවියට එන්නේ 2013 මුලදියි.

 
විස්මිත ලෙස සැහැල්ලූයි. බර කිලෝ ග්?ම් 350ක් විතරයි.

 
වොල්ප් මිනි රියේ බැටරිය ඔබ වැඩ කරන අතරේ ම චාජ් කර ගන්න පුළුවන්

 
අවුරුදු 16 අයටත් මේ රිය පදවන්න අවසර තියෙනවා.

Post a Comment

1 Comments

  1. නියමයි.. මම දැක්කා ඉතාලියේ වෙළද දැන්වීමුත් ප්‍රචාරය වෙනවා..

    ReplyDelete