HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 40,000ක් වයසැති ලොව පැරණිම සංගීත භාණ්ඩය...!


මීට වසර 40,000කට විතර ඉස්සර අලූත් නව මානවයන් ගිනිමැලයක් වට කොට ගෙන සින්දු කියමින් ඇටවලින් තැනූ නළා පිඹිමින් ඔවුන්ගේ සැන්දෑකාලයන් ගෙවන්නට ඇති. අලූතින් ම සොයා ගත් පැරණි ම සංගීත භාණ්ඩය නිසයි, මෙහෙම කියන්න හේතු වුණේ. මේ පැරණි ම සංගීත භාණ්ඩය සත්ව ඇට කැබැල්ලකින් තැනූ බටනළාවක්. මේ නිසා පර්යේෂකයන් මෙතෙක් සිතා සිටියාට වඩා මිනිසාගේ නිර්මාණශීලිත්වයේ ආරම්භය තවත් අතීතයට තල්ලූවී යනවා.

 
කුරුලූ අස්ථියකින් තනා ගත් වසර 40,000ක් පැරණි බටනළාවක්

පර්යේෂකයන් අධ්‍යයනය කරමින් සිටියේ දකුණු ජර්මනියේ ස්වෝබියන් ලෙන් පද්ධතියක කොටසක් වූ ගීබෙන්ක්ලොස්ටෙරල් නම් මානව ජනාවාසයක් පිළිබඳවයි. එහි දී තමයි ඔවුන්ට මේ ඇට බටනළා හමුවූයේ. එකක් තනා තිබුණේ මැමතකුගේ ඇත්දළයකිනි. අනෙක තනා තිබුණේ කුරුල්ලකුගේ අස්ථියකිනි. ඊට අමතරව ඔවුනට සිදු කළ දත් වගයක්, ආභරණ වැනි දෑවල කැබලි කීපයක්, ගල් මෙවලම් ආදිය ද එහි තිබී ඔවුන්ට හමුවුණා.

 
මැමත් ඇටවලින් නිර්මාණය කළ නළා දෙකක්.

"මේවා ගැළපෙනවා, මීට වසර කීපයකට පෙර අප පළ කළ කල්පිතයකට. ඒ වසර 40,000ත් 45,000ත් අතර කාලයේ දී මධ්‍යම යුරෝපයේ නව තාක්ෂණික වෙමලම් තැනීම හා නව මානව කි‍්‍රයාකාරකම් සිදු වූයේ ඩැනියුබ් ගඟ ආශි‍්‍රතව යන්නයි, ඒ කල්පිතය වුයේ." මෙහෙම කීවේ ඒ අධ්‍යයනයේ එක් පාර්ශ්වකරුවකු වූ ජර්මනියේ තූබින්ජන් විශ්ව විද්‍යාලයේ නික් කොන්රඩ් ඒ ගැන අදහස් දක්වමින්.

ගීබෙන්ක්ලොස්ටෙරල් මේ කලාපයේ ඇති ලෙන් පද්ධතියට අයත් එක් ලෙනක් විතරයි. මෙහි දී පුද්ගලානුබද්ධ කෞතුක භාණ්ඩ ගණනාවක් ම හමු වී තියෙනවා. පැරණි ජර්මනියේ ස්වාබියා හී ඇති ඔරිග්නේෂියානු අවධියට අයත් මේ ඉපැරණි කෞතුක භාණ්ඩ ඉතා පැරණි සංස්කෘතියකට හිමිකම් කියන බව නොරහසක්.

ඒ අතර දැන් විශේෂයෙන් අධ්‍යයනයට ලක් ව ඇත්තේ ඉපැරණි මානවයා අස්ථිවලින් තනා ගත් බටනළා කීපයක්. ඒවා මෙතෙක් හමු වී ඇති මිනිසාගේ පැරණිම සංගීත භාණ්ඩ ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙය 2008 දී පමණයි, මුලින් ම සොයා ගත්තේ. මේ සමඟ ඒ ලෙන තුළ තිබී හමුවූ අස්ථියකින් තැනුනු මිනිස් පිළිමයද වසර 35,000ක් පැරණි වෙතැයි කාබන් දින නිර්ණයන් අනුව හෙළි වී තියෙනවා.

මේ ඔරිග්නේෂියානු සංස්කෘතිය ඉහළ පේලියෝලිතික අවධියට අයත් ලෙසයි පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙන්නෙ. මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් මැයි 8 වැනිදා ‘හියුමන් ඉවොලූයිෂන් ජර්නලයේ’ පළ වී තියෙනවා.

Post a Comment

0 Comments