ගිය සතියේ කළ විශේෂ සැත්කම් මගින් බි‍්‍රතාන්‍ය රෝගීන් දෙදෙනකුට මේ ‘බයොනික ඇස්’ ලැබුණා. මේ ඉලෙක්ට්‍රොනික මයික්‍රොචිපය බද්ධ කිරීම සඳහා කළ සැත්කමට පැය 8ක් ගත වුණා. ඒවා ඉතා සාර්ථක වූ බවයි, වාර්තා වෙන්නේ. මේ අනුව වසර 20ක් පමණ කාලයක් තිස්සේ අන්ධභාවයෙන් පෙළුණු ඒ දෙදෙනාට මුල්වරට විස්මිත ලෙස පෙනෙන්නට පටන් ගත්තා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi984JFg3QJd9Sg9BJRs27_UhV9hTQwuHpBj8s0pc8Ut6Wg7vTENpRD7UNavNJ1hVqDJkm8b9ciez77TwliLQKy7Tjahc0aSaHQWTc2pXyGMRgpVQyTF0X__sd6ElTpgK_Xg2iiTyUX_Yo/s1600/1.jpg)
සැත්කම් පිරිසේ නායක මහාචාර්ය රොබට් මැක්ලරන්.
මෙසේ ‘බයොනික ඇස්’ සවි කෙරුණේ රෙටිනිටිස් පිග්මෙන්ටෝසියා නම් රෝග තත්වයෙන් පෙළුණු දෙදෙනකුටයි. මෙය සුව කළ නොහැකි අන්ධ භාවය ඇති වන ජානමය වශයෙන් උරුම වන රෝග තත්වයක්.
මේ බද්ධ කිරීමට මුලින් ම ස්වේච්ඡාවෙන් එක් වූ තැනැත්තා වූ කි‍්‍රස් ජේම්ස්ට වෛද්‍යවරුන් කීවේ කාලයත් සමග මොළය දැකීමට හුරු වූ පසු ඔහුට මුහුණු හඳුනාගත හැකි වනු ඇති කියායි.
විල්ට්ෂයර් වැසියකු වූ කි‍්‍රස් මෙහෙම කියනවා, ”මම හැමදාමත් සිතුවා මට කවදා හරි නැවත පෙනීම ලබා ගන්න පුළුවන් වෙයි කියලා”
මහාචාර්ය රොබට් මැක්ලරන් ඇතුළු ඔක්ස්ෆර්ඞ් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසට මෙම උපකරණය කි‍්‍රස්ගේ දෘෂ්ටි විතානයට බද්ධ කිරීමට පැය අටක කාලයක සංකීර්ණ සැත්කමක් කරන්න සිදු වුණා.
මෙම උපකරණය සවි කළ රෝගීන්ට ඉදිරි මාසවල දී මේ සියුම් උපකරණයෙහි සිදු කෙරෙන හරිගැස්සීම්වලට මුහුණ දීමට සිදුවෙනවා.
ලන්ඩන් වැසියකු වූ 60 හැවිරිදි රොබින් මිලර් මේ සැත්කමට ලක් වූ දෙවැන්නායි. ඔහුට ඉලෙක්ට්‍රෝඩ 1,500ක් සහිත චිපයක් දෘෂ්ටි විතානයේ පහළ කොටසේ සවි කර තියෙනවා.
”මේ උපාංගය සවි කර කි‍්‍රයාත්මක කළා පස්සෙ මට ආලෝකය පෙනුනා. සමහර වස්තූන්වල හැඩතල පෙනෙන්න පටන් ගත්තා. දැන් විශාල වෙනසක් පෙනීමෙහි සිදුවෙලා තියෙනවා.” ඔහු කියනවා.
”මං වර්ණ දකින්න වසර 25ක් තිස්සේ දැකපු සිහිනය සැබෑ වුණා. නිදාගෙන සිටි මගේ මොළෙන් කොටසක් අවදි වුණා වගෙයි, මට දැනෙන්නෙ. මේ පර්යේෂණ ඉදිරියේ දී ඇදහිය නොහැකි ආකාරයට වැඩි දියුණු වේවි. මේ වගේ දෙයකට ආරම්භක අවස්ථාවේ දී දායක වෙන්න ලැබීම සතුටක්.” ඔහු තව දුරටත් කියනවා.
මෙම අක්ෂි උපාංගය නිපදවූ ජර්මනියේ රෙටිනා ඉම්ප්ලාන්ට් ඒජී (Retina Implant AG) ආයතනය සිය සායනික අත්හදා බැලීම් ආරම්භ කළේ අපේ‍්‍රල් මාසයේ මැද හරියේ දී ඉහත කී බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනාට රැහැන් රහිත මේ විද්යුත් උපකරණය සවි කිරීමෙන්.
උපකරණය සකි‍්‍රය කළ වහාම ඒ රෝගීන්ට ආලෝකය හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එහි දී තවදුරටත් කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔවුන්ට තද පැහැ පසුබිමක් ඉදිරියේ ඇති සුදු පැහැ වස්තූන් හඳුනා ගැනීමට හැකියාවක් ඇති වී තිබෙන බවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvWw57U9s9gTMidKRPXf2Ex6vNJccIuCZGHIaS99uibTjOOelw7pDg88aIvECBEzqlVslBM2cdvj485Y-VU9yQCOY-rCbRKs4dpCDUm7Ifv0C3kTM24lVuZHA04Irq3dVbr2dFgqHDxI8/s1600/2.jpg)
මිමී 3යි 3යි ප‍්‍රමාණයේ ඒ කුඩා චිපය අක්ෂිගෝලයට බද්ධ කෙරෙන්නේ මේ ආකාරයෙනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYGlVX630d2rK8l6oxqMqFCaCG2hAMGQhFXQd2O-6suuj9ZbDrYw412cVEJYHWYf1lNK8RbhaOfnHV6C_2v_UMfsRQIf0rH-YqU-Z4a6O8lyTMm1pilweGcjTYt5iROWjIe2OpuY3TmB4/s1600/3.jpg)
‘ද සික්ස් මිලියන ඩොලර් මෑන්’ නම් ටෙලි නාට්‍ය මාලාවේ එන කථා නායකයාට මෙන් හැබෑවට ම බයොනික ඇස් දෙකක් දැන් බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට ලැබී තිබෙනවා.
මේ නව උපාංගය සවි කළ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජාතිකයා විල්ට්ෂයර් වැසියකු වූ කි‍්‍රස් ජේම්ස්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI4C892VpXkqYuAqL602Kk_xf4d8ruvr7e3xLKYMq_wGw4K5vIN4EhkhuSNiOpl_dZLrUYj_ioP6TsowA2U2IJuRKF28qpFcZPn92SCILUnEA0h5sP_RwMJYJEnopFfuMigtRWEZ0AGY8/s1600/5.jpg)
බයොනික ඇස් ලද දෙවැන්නා රොබින් මිලර්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYUwdobV0FaSPbXGP3CDHmsWPeul639NVwN_8t0fYZvNZUKg0sxGXpzhyx4gRjFSeAyq3lX3ffRHoz18BL7u7dCZaug7g171pbmRxKGc9c2_zwGaqMM_qTcwKShKYENhys57bptftgxuA/s1600/6.jpg)
මේ නව අක්ෂි උපාංගය බද්ධ කෙරෙන්නේ දෘෂ්ටි විතානයටයි. උපකරණය සකි‍්‍රය කළ වහාම ඒ රෝගීන්ට ආලෝකය හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh-Nzfu1ehIcZoKgR2kANq3EIPq80hq5cxtk1zxjPoSV0w4rKTC7-0NsJEl1mwF-FVXusE5PX0rZIPTcQsZ2R7G8WTMItCCxwBilHnCWjGWGoKzM50RLWLl6OGnv5HaECJrbUMwIQFX00/s1600/7.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaoEO_VwSbvLzWsz2FBYfTKsNaaCzPUi-UzdCsHi1NmdhpxumXG-38hEi7GSTfg2eswBiY2QWOlEugN-eGeMNwAl5roWWtqo-orJLtS8vw5xloXe7Ejnp32Y5qeymI-9O5v3vchAyKlbU/s1600/8.jpg)
මෙම නව උපාංගය බද්ධ කෙරෙන්නේ ඇසේ දෘෂ්ටි විතානයෙහි (stimulation chip) ‘උත්තේජක චිපය’ කියා දක්වා ඇති ස්ථානයටයි.
තවත් බි‍්‍රතාන්‍යයන් දස දෙනකුට මේ උපාංග සවි කිරීමේ සැත්කම් මේ දිනවල සිදු කිරීමට නියමිතය. බි‍්‍රතාන්‍යයේ සිදු කෙරෙන සායනික අත්හදා බැලීම් සඳහා මේ සැත්කම් සිදු කරන්නේ බි‍්‍රතාන්‍යයේ කිංස් කොලේජ් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ ටිම් ජැක්සන්, ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අක්ෂිවෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් මැක්ලරන් සමග ඔක්ස්ෆර්ඞ් ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු ඇතුළු විශේෂ කණ්ඩායමක් විසිනි.
”අප උද්දාමයට පත් වෙලා ඉන්නේ, මේ වගේ අක්ෂි තාක්ෂණයේ පුරෝගාමී නව නිපැයුමකට සහය දීමට අවස්ථාව ලැබීම ගැන. අප මෙහිදී කළ පළමු සැත්කම් දෙක ම සාර්ථක ප‍්‍රතිඵල ගෙන ආ බව නිවේදනය කරන්නේ ඉතා සතුටින්” ඔවුන් පවසනවා.
”මේ උපකරණය බද්ධ කිරීමෙන් පසු, මේ රෝගීන් පෙනීම අතින් අප බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ප‍්‍රගතියක් ලබා තිබෙනවා. මේ තාක්ෂණය ඇත්තෙන් ම විස්මිතයි. මෙය අන්ධ වීමේ රෝගවලින් පෙළෙන අයට විශාල සහනයක් ගෙන දෙන ඉතා වැදගත් නව නිපැයුමක්”
මෙම උපකරණය සවි කළ රෝගීන්ට ඉදිරි මාසවල දී මේ සියුම් උපකරණයෙහි සිදු කෙරෙන හරිගැස්සීම්වලට මුහුණ දීමට සිදුවෙනවා.
ලන්ඩන් වැසියකු වූ 60 හැවිරිදි රොබින් මිලර් මේ සැත්කමට ලක් වූවෙක්. ඔහුට ඉලෙක්ට්‍රෝඩ 1,500ක් සහිත චිපයක් දෘෂ්ටි විතානයට පහළින් සවි කරල තියෙනවා.
”මේ උපාංගය සවි කර කි‍්‍රයාත්මක කළා පස්සෙ මට ආලෝකය පෙනුනා. සමහර වස්තූන්වල හැඩතල පෙනෙන්න පටන් ගත්තා. දැන් විශාල වෙනසක් පෙනීමෙහි සිදුවෙලා තියෙනවා.” ඔහු කියනවා.
”මං වර්ණ දකින්න වසර 25ක් තිස්සේ දැකපු සිහිනය සැබෑ වුණා. නිදාගෙන සිටි මගේ මොළෙන් කොටසක් අවදි වුණා වගෙයි, මට දැනෙන්නෙ. මේ පර්යේෂණ ඉදිරියේ දී ඇදහිය නොහැකි ආකාරයට වැඩි දියුණු වේවි. මේ වගේ දෙයකට ආරම්භක අවස්ථාවේ දී දායක වෙන්න ලැබීම සතුටක්.” ඔහු තව දුරටත් කියනවා.
මේ පර්යේෂණය හා අත්හදා බැලීම් මේ වන තෙක් වසර හයක් තිස්සේ ජර්මනියේ දී තමයි, සිදු කෙරුණේ. දැන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අය යොදා ගෙන, බි‍්‍රතාන්‍යයේ කෙරෙන අත්හදා බැලීම්වලින් පසු වානිජමය වශයෙන් මෙම උපාංගය නිෂ්පාදනය කිරීමට අවසර ලබා ගන්නට නිෂ්පාදන ආයතනය බලාපොරොත්තු වෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje6Z8US2NOufWK8jwV2ES4a1ReB9_FsPVkTUigaO9Flz8aEOyYFjvkm-GoUjnzUm2u0Q65bTaR6yqIK6wks8EMmxNGag7CYM-6UGjlvo5w8JU1y94Bnuo5nmC4fI2URgmkeSADMO7NqII/s1600/9.jpg)
මයික්‍රො චිපය සකි‍්‍රය කළ වහාම රෝගීනට ආලෝකය පෙනෙන්නට පටන් ගත්තා. මේ රූප පෙළෙන් දක්වෙන්නේ සැත්කමින් පසු සාමාන්‍ය තත්වය හා අපේක්ෂිත දෘෂ්‍ය තීව‍්‍රතාවේ පරාසයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy3y5dgZjNccKK0wxHgOjksKDPwnDMiIYFjckpUDlr-mmRz8EieG5pBYsI2upuuVljgBE9FV5CdknA8zfaItptY58sIfB3j4-nd7mHmLGhP53mbrQ_VmuEo_qg8N5HfGATyzvn6ihVUVk/s1600/10.jpg)
සිරුරෙන් පිටත සිට රැහැන් රහිතව මේ උපකරණය බද්ධ කරන චිපයට රූප සකසා ගැනීමට උපකාර කරයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEit6NR_3U2w2Esp9Zj2PZAIDHlddwqAgLT77Rq3KJRZIEI14PmbUXtOkbS2HXG8u6GHj4_B1uhuQfDHn1L8d8018YBcQnWmMY2Y0yhnpNfG0GbIc0MM15tNChmZ5Ishf4nUfDg2L7nbDHk/s1600/11.jpg)
‘මං හැමදාම හිතුව කවදහරි මට ආයිත් පෙනීම ලැබෙයි කියලා’ කි‍්‍රස් ඉන්නේ හරිම සතුටින්.
2 Comments
ඈත්තටම විශ්මයක්.
ReplyDeleteඈත්තටම විශ්මයක්.
ReplyDelete