ආකාශ වස්තු කඩා වැටීමෙන් පොළොවට විපත්ති වූ අවස්ථා අතීතයේ තියෙනවා. මිහිමත ඇවිද ගෙන ගිය යෝධ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ උල්කාපාතයක් කඩා වැටීම නිසා යැයි කියනවා. ඒ වගේ විපත්තිදායක අවස්ථාවක් නුදුරේම ඇති බවයි, අලූත් ම පර්යේෂණයකින් කියවෙන්නෙ. එක්සත් රාජධානියේ සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයකට අනුවයි මේ ග‍්‍රහක කඩා වැටීමේ ප‍්‍රවණතාව හඳුනා ගෙන තියෙන්නෙ.
ඔවුන් කියන විදියට ඔවුන් විසින් හඳුනා ගෙන ඇති ග‍්‍රහක (asteroids) උල්කාපාත බවට පත් වෙමින් පෘථිවියට ආවොත් එහි දි ඇති වන ගැටීමෙන් විශාල වශයෙන් සිදු වන විනාශය කෙබඳු ද යත් ඒවා යළි පෙර පැවති තත්වයට පත්වීමට කිසිම දවසක හැකි වෙන එකක් නැහැ.
නාසා ආයතනයෙන් උඩුගුවනට යවනු ලැබූ ‘වයිඩ් ෆීල්ඩ් ඉන්ෆ‍්‍රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්’ (WISE-Wide Field Infrared survey Explorer) නම් අධෝරක්ත කිරණ යොදා ගෙන පුළුල් ක්ෂේත‍්‍රයක විමර්ශනය කළ හැකි චන්ද්‍රිකා දුරේක්ෂය මගින් පොළොවට ආසන්නයෙන් යන අපට ‘අනතුරුදායක විය හැකි ග‍්‍රහක’ 107ක් ඇතැයි සොයා ගෙන තියෙනව. ඒවා එකක් සාමාන්‍යයෙන් අඩි 330ක් හෝ ඊට වැඩි දිගකින් යුක්තයි. පොළොව අවට ඇති එවැනි ග‍්‍රහක සංඛ්‍යාව ඇහුවොත් ඔබ මවිත වේවි. මුළු ගණන 47,000කට වැඩියි.
‘වයිඩ් ෆීල්ඩ් ඉන්ෆ‍්‍රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්’ හෙවත් ‘වයිස්’ මෙහෙයුම මගින් සොයා ගෙන ඇති පොළොවට ආසන්න, අපට ‘අනතුරුදායක විය හැකි ග‍්‍රහක’ (Typical PHA) 107ක ගමන් මග හා අනෙක් පොළොවට ආසන්න ග‍්‍රහක (Typical NEA) යන ගමන් මග.
නාසා ආයතනය දියත් කළ ‘වයිස්’ මෙහෙයුම විසින් පෘථිවියට අනතුරුදායක විය හැකි ග‍්‍රහක 47,000ක් ඇතැයි ඇස්තමේන්තු කර තියෙනවා.
මේ ග‍්‍රහක කඩා වැටීමේ අනතුරට මුහුණපා ඇතැයි සැලකෙන ලොව ප‍්‍රධාන රටවල්
මුළු පොළොවට ම මේ ග‍්‍රහක පතිත වීමේ අවදානම තියෙනවා. එයින් වඩාත් හානි විය හැකි ප‍්‍රධාන රටවල් 10ක් නාසා ආයතනය විසින් දක්වා තියෙනවා. ඒවා මෙහෙමයි:
චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඉතාලිය, බි‍්‍රතාන්‍යය හා බ‍්‍රසීලයයි.
අනතුරක් විය හැකි ග‍්‍රහක (PHA- potentially hazardous asteroids) යනුවෙන් හැඳින්වෙන්නේ පෘථිවියට සමීප කක්ෂයක, එනම් සැතැපුම් මිලියන පහක් ඇතුළත ගමන් කරන ඒවායි. එසේ ම ඒවා අපේ පොළොවේ වායුගෝලය හරහා ගිනිගෙන විනාශ නොවී පොළොව මත පතිත විය හැකි තරම් විශාලත්වයක් ඇති ඒ වියයුතුයි. යම් ප‍්‍රදේශයකට, හෝ නගරයකට හෝ ඊට වඩා විශාල මට්ටමින් හෝ හානියක් සිදු කළ හැක්කේ අඩි 330කට වඩා දිගින් යුත් ඒවාටයි.
වයිස් මෙහෙයුමට අයත් පෘථිවියට ආසන්න ග‍්‍රහකයන් සොයා යන ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘නියෝවයිස්’ (NEOWISE) කියායි. මේ ව්‍යාපෘතිය මගින් ඒ ග‍්‍රහක සංඛ්‍යාව ඇස්තමේන්තු කළා පමණක් නොව ඒවා පතිත වුවහොත් පතිත වන්නේ කුමන රටවලටද කියා සටහනකුත් පිළියෙල කළා.
සදම්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ‘නියෝඉම්පැක්ටර්’ කියලා මෘදුකාංගයක් මගින් තමයි, මේ අවදානම වැඩි රටවල් පෙළ ගැස්සුවේ. අපි මේ ලැයිස්තුව ගත්තේ ඒකෙනුයි.
”‘නියෝවයිස්’ විශ්ලේෂණය අපට පෙන්වා දෙනවා අපි හොඳ ආරම්භයක් ගත්තු බව. පොළොවට සත්‍යවශයෙන් ම හානි කළ හැකි ඒ ග‍්‍රහක හඳුනා ගන්නට ලැබීම ඉතා වැදගත්.” මෙහෙම කියන්නේ වොෂින්ටනයේ නාසා මූලස්ථානයේ පොළොවට ආසන්න වස්තූන් නිරීක්ෂණ වැඩ සටහනේ විධායක ලින්ඞ්ලි ජොන්සන්. ”අපට තව ගොඩක් දේ සොයා ගන්න තියෙනවා. ඉදිරි දශක කීපය අපට ගත කරන්න වෙන්නේ ඒවා ගැන සම්පූර්ණ තොරතුරු සොයන්නයි.”
”‘නියෝවයිස්’ විශ්ලේෂණය මගින් පොළොවට සත්‍යවශයෙන් ම හානි කළ හැකි ඒ ග‍්‍රහක හඳුනා ගන්නට ලැබීම ඉතා වැදගත්.” මෙහෙම කියන්නේ ලින්ඞ්ලි ජොන්සන්.
පහත කක්ෂවල තියෙන ග‍්‍රහකවලට පොළොවට කඩා වැටීමට ඇති ඉඩකඩ වගේ අපට ඒවාට යාම තියෙන ඉඩකඩත් වැඩියි. අපට අනාතගයේ දී ඒවාට රොබොටික හා මිනිස් මෙහෙයුම් කළ හැකි වේවි.
”අපට පුදුම හිතුනා පොළොව කිට්ටුවෙන් ග‍්‍රහක මේ තරම් ප‍්‍රමාණයක් තියෙනව කියල දැන ගත්තාම. මේවා අපේ අනාගත අභ්‍යවකාශ ගමන්වලට හොඳ තෝතැන්නක් වේවි” කැලිෆෝනියාවේ පසදේනාහි ජෙට් ප්‍රෙපල්ෂන් ලැබොරටරි හී එමි මෙයින්සර් කියනවා.
මේ ග‍්‍රහකවලින් අපට වන හානියේ තරම මැන ගන්න නම් ඒවා සෑදී ඇති ද්‍රව්‍ය මොනවා දැයි දැන ගන්න ඕනෑ. ඒවා පාෂණවලින් හෝ ලෝහවලින් තැනී ඇද්දැයි නිශ්චිතව දැන ගන්න ඕනෑ.
මේ නියෝවයිස් ව්‍යාපෘතියෙන් සොයා ගත් තොරතුරු ළඟඳීම ඇස්ට්‍රොෆිසිකල් සඟරාවේ පළ වේවි.
වයිස් අභ්‍යවකාශ යානය අහස දෙවරක් පරිලෝකනය කළා අධෝරක්ත කිරණ මගින් 2011 දී එය දිගු නින්දකට යවන්නට පෙර. ඒ මගින් මිලියන ගණනක් ආකාශ වස්තූන් පමණක් නොව සුපිරි දීප්තියෙන් යුත් ගැලැක්සි මෙන් ම අලූතින් බිහි වෙන තරු ආදිය ලේඛන ගත කරන්නට අපට උදවු වුණා. එසේ ම පොළොවට ආසන්න ග‍්‍රහක පිළිබඳ තොරතුරු සැපයීමත් සිදු කළා. පොළොවට ආසන්න ග‍්‍රහක 600ක් රූප ගත කරන්නත් එය සමත් වුණා. ඒ අතරින් ග‍්‍රහක 135ක් අලූතින් ම සොයා ගත් ඒවායි.
සැතැපුම් මිලියන පහක් ඇතුළත තියෙන, පොළොවේ වායුගෝලය හරහා ගිනි ගෙන විනාශ නොවී ආ හැකි ඕනෑම ග‍්‍රහකයකට පුළුවන් අපට අනතුරක් කරන්න.
3 Comments
පරෙස්සම් වෙන්න ඕනි කාලයක්
ReplyDeleteමම ඉන්දියා ගිය විට එහි සිටි ස්වාමිනවහන්සේ නමක් කීව ඉන්දියා කේන්දරයෙ ස්වාභාවික විපතක් ඉන්දියාවට තියෙනව කියල. මෙය කියවද්දි මට එය මතක් වුනා.මිහිපිට කිසිම රටකට එසේ නොවෙිවායි අපි ප්‍රාර්ථනා කරමු
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්...බොහම ස්තුතියි....
ReplyDelete