1658 දී පෘතුගීසින් පළවා හැර ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසින් (වර්තමාන නෙදර්ලන්තය) විසින් අත්පත් කර ගන්නා ලදී. එකල ඕලන්ද (ලන්දේසි) රජය නියෝජනය කළේ පෙරදිග වෙළඳ කටයුතු සඳහා පිහිටුවන ලද වරලත් වෙළඳ සමාගමක් විසිනි. එහි නම ලන්දේසි බසින් උසුරුවනු ලැබුවේිෆෙරිනිජ් ඕස්ට්ඉන්ඩිෂ කොම්පඤ්ඤෙ’ (Vereenigde Oost-Indische Compagnie) යනුවෙනි. එහි අරුතිඑක්සත් පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම’ විය. ඒ ලන්දේසි පදවල මුල් අකුරු තුන එක් වීමෙන් VOC යන්න සැදිණ. එය එම කාලයේදී ඕලන්ද රාජ්‍ය මුද්‍රාව ලෙස භාවිත කරන ලදී. මෙය විශේෂයෙන් භාවිත කෙරුණේ එකල භාවිත වූ කාසිවල ය.
1683 දි පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගමේ ඇඩම් වැස්ටර් වෝල්ඞ් හා මහනුවර රාජසිංහ රජු අතර ඇති වූ ගිවිසුමේ 14 වන වගන්තියේ මුදල් අච්චු ගැසීම ගැන ද සඳහන් වී ඇත. සිංහල රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ මොනයම් අයකුටවත් කාසි අච්චු ගැසීමට, සෑදීමට, ප‍්‍රචාරය කිරීමට බලයක් නැති බව එයින් කියැවිණ.
ඕලන්ද යුගයේ මුල් කාලයේ දී ලංකාවේ භාවිත වූයේ ඊට පෙර පාලන බලය හිමි කරගෙන සිටි පෘතුගිසීන් විසින් නිකුත් කරන ලද කාසි වර්ග වේ. ඒවා වෙනත් රජයක් විසින් නිකුත් කරන ලද මුදල් නිසා හොර කාසි අච්චු ගැසීම ශීඝ‍්‍රයෙන් වැඩි විය. මෙයට පිළියමක් හැටියට ලන්දේසින් විසින් සියලූම පෘතුගීසි කාසි එකතු කරගෙන ඒ වෙනුවට VOC මුද්‍රාව සහිත කාසි නිකුත් කරන ලදී. මෙම මුද්‍රාව නැති කාසි කිසිවක් පිළිගැනීම තහනම් කරන ආඥාවක් ද නිකුත් කෙරිණ. එහෙත් හොර කාසි අච්චු ගැසීම එතකින් ද නොනැවතුණි. VOC මුද්‍රාව යටතේ ද හොර කාසි ශීඝ‍්‍ර ලෙස පැතිරෙන්නට විය. 1693 දී රජයේ කාසි සහ හොර කාසි වෙන්කර හඳුනා ගැනීම සඳහා ඉන්දියාවෙන් රාජකීය කාසි අච්චු ගසන්නන් ද ගෙන්වූ බව වාර්තාවල සඳහන් වේ.
1713 දී ලන්දේසින් විසින් තඹ කාසි තැනින් තැන ගෙන යෑමේ තහනමක් ද පනවන ලදී. එසේ ගෙන යන කාසි රාජසන්තක කරන බව ද ඒ නිවේදනයේ දැක්විණ. තව ද 1722 දී රිදී කාසි පිටරට යැවීම ද තහනම් කරන ලදී.
1737 පමණ කාලයේ දී කුඩා තඹ කාසි රාශියක් ගණන් කිරීමේදී ඇතිවුණු කරදරයෙන් මිදීමට එකල භාවිතා වූ තඹ දොයිතු කාසි (DUITS) 8, 16, 24 බැගින් වූ කාසි වැල් සාදා ඒවා ක‍්‍රමයෙන් තුට්ටු 2, 4, 6 වශයෙන් ගනුදෙනුවලට යෙදීමට කටයුතු කරන ලදී. මෙය සාර්ථක ක‍්‍රමයක් නොවීය. 1745 වන විට භාණ්ඩාගාරයේ විශාල තඹ කාසි හිඟයක් ද ඇති විය.
මේ නිසා පුවක් වෙළඳාමට අවහිර සිදුවු බව පැවසේ. මහනුවර සිටි වෙළඳුන් දොයිතු හැර කිසිම කාසි වර්ගයක් භාර ගැනීමට අකමැති වූ හෙයින්, භාණ්ඩාගාරයේ තිබු සියලූම කාසි නිකුත් කර මහජනයා වෙත ඇති දොයිතු කාසි භාණ්ඩාගාරයට ලබා දී ඒ වෙනුවට රිදී කාසි මාරු කළ බවත් කොමිස් පිට දොයිතු මාරු කිරීම තහනම් කර ලන්දේසින් අඥාවක් පැනවූ බවත් සඳහන් වේ. ඕලන්ද කාසි හැටියට බහුලව දැනට දක්නට ඇති මෙම තුට්ටු කාසි හැරුන විට ශී‍්‍ර ලංකාවේ භාවිත වූ ඕලන්ද කාසි තවත් වර්ග රාශීයක් ඇත. මේවා අතර එක් පැත්තක LSL යන ලාංජනයත් අනික් පැත්තේ VOC ලාංජනයත් ඇති තරමක් ඝනකමකින් යුත් කුට්ටිකාසි වර්ගයක් ද දක්නට ඇත. මේ හැර අඟල් කාලක් පමණ ඝනකමකින් යුත් තඹ කුට්ටි කාසි විවිධ ප‍්‍රමාණයෙන් නිකුත් කර භාවිත විණි. ඇතැම් කාසියක් කඩල පරිප්පු ඇටයක පමණ කුඩා ප‍්‍රමාණයෙන් නිකුත් කර තිබේ.
ශී‍්‍ර ලංකාවේ භාවිත වූ කුට්ටි කාසි බොහොමයක ඒවා අච්චු ගැසූ තැන හඳුනා ගැනීමට හැකි වන සේ ඒවායේ C (කොළඹ), G (ගාල්ල), T (ති‍්‍රකුණාමලය) සහ J (යාපනය) යන අකුරු යොදා තිබුණි. ඒ කාසි වටිනාකමින් 6, 2, 1 1/2, 1/4, 1/8 වශයෙන් දැක්විණ.
කොළඹ කාසි මුද්‍රණය කෙරුණේ කයිමන් දොරකඩ අසල යයි සඳහන් ය. එහි වූ කිඹුලන් සහිත ආරක්ෂක දිය අගල නිසා, කයිමන් දොරකඩ යන වදන භාවිත කෙරිණ. ඇතැම් ඕලන්ද කාසිවල STUIVER යන ඕලන්ද වචනය 'ඉස්ති‍්‍රබි’ යනුවෙන් සිංහලට පෙරළා එහි මුල අකුර වන 'ඉ’ යන්න හැටියට කාසියේ මුද්‍රණය කර ඇති අවස්ථා ද ඇතැම් කාසියක දැකිය හැකිය.
ඕලන්ද බසින් RYKSDAALDER (රික්ස්ඩැල්ඩර්) යනුවෙන් හැඳින්වුණු කාසියක් සිංහලෙන් 'පතාගය’ හැටියට ලංකාවේ පැතිරී තිබුණු බව කියවේ. මෙහි වටිනාකම තුට්ටු 48 කි. එකල වටිනාකම් අනුව පතාගය විශාල මුදලකි. එයින් බිඳී ආ වදනක් අදත් හෙළ වහරෙහි ඇත. එනම්ිපදාසිය’ යි. පදාසිය යනු පතාග සියයකි.ිබිත්තියෙ පදාසියක් ගැලවිලා ගියා’ යනුවෙන් වහරන්නේ එදා පතාග සියයේ මහ විශාල ප‍්‍රමාණයක් යන අරුතිනි.
ලන්දේසි යුගයේ මුල් කාලයේ සිට අවසාන කාලය දක්වා ම ඕලන්ද ප‍්‍රාන්ත රාජ්‍යවලට අයත් කාසි විශාල ප‍්‍රමාණයක් අප රටේ භාවිත විය. මේ කාසි දැනට ද අපේ කාසි එකතු කරන්නන් අත බහුලව තිබෙනු දැක්ක හැකිය. ඕලන්දය, ගැල්ඩර්ලන්තය, පි‍්‍රස්ලන්තය, සීලන්තය හා යුට්රැචට් යන පළාත්වල රාජ්‍ය මුද්‍රා සහිත VOC කාසි ප‍්‍රමාණයෙන් පැරණි තඹ සතයේ කාසියක හැඩය ගනී.
ශී‍්‍ර ලංකාව තුළ බහුලව භාවිත වූ ලන්දේසි දොයිතු කාසි අච්චු ගසා ඇත්තේ ඕලන්දයේය. මේවා ඕලන්දය, සීලන්තය, බටහිර පී‍්‍රස්ලන්තය, ස්ටාඞ් යුට්රැචට්, ගැල්ඩර්ලන්තයට අයත් කාසි වේ. මෙම වර්ගයේ දොයිතු කාසි අපේ ඇතැම් නිවසක පැරණි අල්මාරි ලාච්චුවල තිබෙනු දැකිය හැකිය.
ලන්දේසි තම අවසාන කාලයේදී කඩදාසි මුදල් (නෝට්ටු) ද නිකුත් කර ඇත. ඒවා හැඳින්වෙන්නේ 'පතාග’ යනුවෙනි. මේ නෝට්ටුවල සිංහල, දෙමළ හා ඕලන්ද බසින් දීර්ඝ වාක්‍යයක් තිබුණි. එනම්,‘.........................(නෝට්ටුවේ අනුක‍්‍රමික අංකය ඉලක්කමින් යොදා) පතාග....................හොඳයි. මේක පෙන්නන අයගේ ඉන්දියාවේ මුදල් වූ පතාගයට ඉස්තී‍්‍ර වේ. හතලිස් අට ගණනේ පතාග......ක් කොම්පඤ්ඤ වෙත තිබෙන බව මෙහි පහත අත්සන් කළ අපි එළිදරවු කරනවායැ. එවැනි ගණනට මේ විශ්වාස කෙරීමේ ලියුම මේ දිවයිනේ සෑමතැනම වලංගු වෙන්න යෙදේයැ.’ යන්න ය.
ලන්දේසි යුගයේ මුදල් පිළිබඳව ඔබට වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් රාජගිරියේ පිහිටි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් කෞතුකාගාරය හෝ මහජන බැංකුවේ විජේවර්ධන මාවත සේවක අභ්‍යාස විද්‍යාල ගොඩනැගිල්ලේ පහත මාලයේ පිහිටි මුදල් කෞතුකාගාරය නැරඹීමට යා යුතුය.
සටහන : නීතිඥ කේ. එස්. විජේසේකර (kswije@sltnet.lk)
2 Comments
ගොඩාක් ස්තුතියි මේ තොරතුරු වලට... තඹ දොයිතුව අහලා තිබුණට නම හැදුනු හැටි අදයි දැනගත්තේ...
ReplyDeleteවටින ලිපියක්...ස්තූතියි.
ReplyDelete