HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුදු ම සුදු කැන්ගරු පැටියෙක්! හන්ගේරියාවේ සතුන් වත්තක ලොකුම ආකර්ෂණය!

පුංචි කැන්ගරු පැටියා මවගේ පැස තුළ වී හිඳ ඉඳ හිට හිස එළියට දාලා අවට බලන කොට සත්තු වත්තට එන අයට පිස්සු හැදෙනවා. මෙහෙම දෙයක් මීට කලින් දැකල නැති හින්දා දැන් හැමෝම හංගේරියාවේ සැගඞ් සත්තු වත්තට එන්නේ මේ අසිරිය විඳ ගන්නයි.

බලන්නට එන සෙනඟ වැඩි හින්ද කැන්ගරු අම්මත් බොහොම පරිස්සමෙන් පැටියව බලා ගන්නේ පැටියාගෙ දුර්ලභකම තේරුම් අරගෙන ද කොහෙද. කැන්ගරු පැටියාට කියන්නේ වදැහ ජොයිය කියල. මෙයා නම් නිකං ජොයියෙක්, නෙමෙයි, ඇල්බිනෝ හෙවත් හැළි ජොයියෙක්.

 
රුක් කැන්ගරූ මවගේ පැස තුළ සිට හිස එළියට දමා ගෙන සිටින සුදු ජොයියා

වසර කීපයකට පෙර මේ බෙනට් (Bennette) කැන්ගරු විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක් වීමට ආසන්නව සිටියා. එරට සත්ව වෙදීන් ඒ ගැන පෙන්වා දීමෙන් පසු එරට රජය ඔවුන් රැක ගන්න නව නීති පවා ගෙනාවේ ඒ නිසයි. අද වෙන කොට ඔවුන් ඒ අනතුරෙන් මිදිලා.

එදා ඔවුන් කෙරෙහි අවධානය යොමු වුණේ සත්වවේදීන්ගේ. ඒත් අද ඔවුන් කෙරෙහි මුළු රටේ ම අවධානය යොමු වෙලා. ඒ හංගේරියාවේ සෙගඞ් නගරයේ පිහිටි ස්වාභාවික සත්වෝද්‍යානයේ මේ පුංචි බෙනට් පැටියා නිසා මුළු රටේ ම අවධානය ඔවුන් කෙරෙහි යෙමු වෙලා.

මේ සුවිශේෂ රුක් කැන්ගරු වර්ගය විද්‍යාත්මක හැඳින්වෙන්නේ ඩෙන්ඩ්‍රොලගස් බෙනටියනස් (Dendrolagus bennettianus) යන නමින්.

 
බෙනට් නම් වූ රුක් කැන්ගරූ පවුලට එක් වූ මේ සුවිශේෂ අමුත්තා නිසා ලෝකයේ ම ඇස් ඔවුන් දෙසට හැරිලා

අසාමාන්‍ය සුදු පැහැයෙන් යුක්ත වුනත් මේ පැටියා හොඳින් නිරෝගීව වැඩෙන බවයි බාරකරුවන් කියන්නේ. ඔහු හොඳින් වැඞී අනික් අය වගේ ම කිලෝග‍්‍රෑම් 16ක් බර වැඩුණු සතකු වන බවයි, ඔවුන් කියන්නේ.

මේ රුක් කැන්ගරුවන් ශක්තිමත් ජවසම්පන්න සතුන්. ඔවුන්ට අත්තෙන් අත්තට අඩි 30ක විතර දුරක් පනින් පුළුවන්. අඩි 59ක් තරම් උසකින් තුවාල නොවී බිමට වැටෙන්නත් ඔවුන් සමත්.

හංගේරියාවේ කඳුකරයේත් ඝර්ම කලාපීය වැසි වනාන්තරවලත් එකසේ ජීවත් වන මේ රුක් කැන්ගරු විශේෂය හංගේරියාවේ අලූත් ම සත්තු වත්තට නම් අසාමාන්‍ය සාමාජිකයන් පිරිසක්.

මේ සත්තු වත්ත විවෘත කළේ 1989 දියි. හෙක්ටයාර 45ක් පුරා මේ සත්ව උයන පැතිර පවතිනවා. මෙම සත්ව උද්‍යානය සත්ව සංරක්ෂණ හා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් හැටියටත් කි‍්‍රයාත්මක වෙනවා. වසරක් පාසා දහසකට වැඩි සතුන්ට ප‍්‍රතිකාර කරන්නට මෙහි බලධාරීන් සමත් වී තියෙනවා.

 
මුළු ඇඟ ම සුදුම සුදුයි. මේ ඇළි කැන්ගරුවාට තාම වයස මාස එකයි. මෙයා දැන් රටපුරා ම විතරක් නොවෙයි ලොව පුරාමත් ප‍්‍රසිද්ධයි.

 
මේ බෙනට් කියන රුක් කැන්ගරුවන් විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තිබුණ නිසා නීතියෙන් පවා ආරක්ෂා කරන්න හංගේරියානු රජයට සිදු වුණා.

Post a Comment

0 Comments