ස්ති‍්‍රක්කය තමයි, වැඩියෙන් ම භාවිත කරන උපකරණය, ගෙදරදොර රෙදි මදින්නට. ඒකත් ළමයින් එක්ක වැඩ කරන කොට වැඩිපුර අවධානයක් ඇති ව කළ යුතු දෙයක්. දැන් වැඩි දියුණු කළ ස්ති‍්‍රක්කත් තියෙනවා.
ඒත්, ස්ති‍්‍රක්කයෙන් මිදී රෙදි මදින්න, රෙදි මැදීම පහසු කරවන්න යමක් කරන්න තාක්ෂණය අතින් මෙතෙක් සිදු වුණේ නැහැ.
දැන් මේ කටයුත්ත පහසු කරවන්න පිළියමක් ලෙස නව මැෂිමක් බි‍්‍රතාන්‍යයේ සමාගමක් විසින් නිපදවල තියෙනවා. ඒක හඳුන්වන්නෙ ස්ටීම්රේල් (SteamRail) කියලයි. මේ යන්ත‍්‍රය නිසා රෙදි ස්ති‍්‍රක්ක කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මේ උපකරණයෙන් මිනිත්තු 9ක් ඇතුළත ඇඳුම් කෑලි 35ක රැලි ඉවත් කරල ගන්න පුළුවන්.
මෙම යන්ත‍්‍රයෙහි ජලවාෂ්ප නිපදවිය හැකි උපාංගයක් තියෙනවා. එයට ජලය ඇතුළු කළ විට එය රත් වී නිකුත් වෙන ජල වාෂ්ප ඇඳුම් එල්ලා ඇති විශේෂ කුටියක් හෙවත් කැප්සියුලයක් තුළට ගෙන යනවා. ඒ ජල වාෂ්ප නිසා කුටිය තුළට ඇතුළු වන තෙතමනයත් තාපයත් දෙක ම එක විට කි‍්‍රයා කරමින් ඇඳුම්වල රැලි සැණෙන් ඉවත් කරනවා.
මෙහි නිෂ්පාදක සමාගම වන ඩිස්ප්ලේසෙන්ස් (Displaysense) ආයතනය කියන්නේ කටයුත්ත හමාර වූ පසු මේ ස්ටීම්රේල් උපකරණය අකුළා ඇඳ යටට තල්ලූ කළ හැකියි කියලයි.
දැනට තියෙන අධි තාක්ෂණික යාන්ති‍්‍රක ස්ති‍්‍රක්කවලට වඩා මේක මිලෙන් අඩුයි. එකක් පවුම් 234ක්. ඒ නිෂ්පාදන සමාගම කියන විදියට ‘මෙය ආරම්භයක් විතරයි.’ අනාගතයේ මීට වඩා පහසු මිලෙන් අඩු උපකරණ වෙළෙඳපොළට ඒවි.
ස්ටීම්රේල් වැඩ කරන්නෙ මෙහෙමයි
1. ජල වාෂ්ප නිකුත් කරන මොඩියුලයට ජලය ඇතුළු වෙනවා.
2. මොඩියුලයෙන් නිකුත් වන ජල වාෂ්ප ඇඳුම් දැමූ කැප්සියුලයකට (ඇඳුම් එල්ලිය හැකි කුඩා කැබිනට්ටුවකට) යැවෙනවා.
3. මිනිත්තු නමයක් තුළ තාපයත් තෙතමනයක් නිසා ඒ ඇඳුම්වල රැලි ඉවත් වෙනවා.
4. දස වන මිනිත්තුවේ දී ඇඳුම් ටික කැප්සියුලයෙන් පිටතට ගෙන නමා ඇඳුම් අල්මාරියේ අසුරා ගන්න ඔබට පුළුවන්.
1 Comments
oka lankawe thiyenawa, commercial name is toby, sell by teleseen marketing
ReplyDelete