HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පාරේ දුවන්නවත් බැරි කාරෙකක් පවුම් මිලියන තුනකට වෙන්දේසියේ විකිණෙයිද?


එක්සත් රාජධානියේ මෙතෙක් නිපදවූ සුපිරි ම මොටෝරිය කැලිෆෝනියාවේ දී වෙන්දේසි වුණා. 1997 දී නිපදවන ලද මැක්ලරන් එෆ් 1 ජීටීආර් නම් මේ රේසිං රථය තමයි එංගලන්තයේ පිටතට ගිය ඒ වර්ගයේ පළමු රිය වන්නේ. දැන් ඉදිරිපත් කර ඇති මොඩලය ජීටීසී ගල්ෆ් ඬේවිඩෝෆ් මැක්ලරන් එෆ් 1 වර්ගයට අයත් රේසිං කාරයක්.මේ වර්ගයේ රථ නිෂ්පාදනය කර ඇත්තේ 28ක් පමණයි.



මේ එෆ් 1 රථවල ‘වල්ගා දිග’ මොඩලයේ පසුපස දික් වූ උපාංග සවි කර ඇත්තේ රේස් ධාවන පථවල දී නොපෙරළී රිය සමබර ව තබා ගැනීම පිණිසයි. නිෂ්පාදනය කර ඇත්තේ ඒ වර්ගයේ රථ 10ක් විතරයි. එහි යොදා ඇත්තේ 6-litre V12 එංජිමක්. තත්පර 3.2කක දී පැ.සැ. 60ක් වේගයකට ළඟ විය හැකි මෙහි උපරිම වේගය පැ.සැ. 240ක්. ඉන්ධන පාවිච්චිය ගැලූමකට සැතැපුම් 6ක්.

1995 සිට 2005 ලොව ප‍්‍රධන පෙළේ ධාවන තරගවලට මෙය එක් කරනු ලැබුවා.


2009 දී මේ රථයක් වෙන්දේසි වුණේ පවුම් මිලියන 2.3කටයි. මේ වතාවේ එය පවුම් මිලියන 3 ඉක්මවූ මුදලකට වෙන්දේසියේ විකිණෙතැයි බලාපොරොත්තු වෙනවා.

මේ රථ හතරක් විතරයි, මහ මඟ ධාවනය කළ හැකි පරිදි මේ වන තෙක් සකසා ඇත්තේ.



මේ රිය ලබන අගෝස්තුවේ දී බොන්හැම්ස් සුවිශේෂ මෝටර් රථ වෙන්දේසියේ දී විකිණීමට නියමිතයි.

මෙම මැක්ලරන් එෆ් 1 වර්ගයේ මහ මඟ ධාවනය කළ හැකි කාරය 1993ත් 1998ත් අතර ඇණවුම් අනුව නිෂ්පාදනය කෙරුණු අතර ඒවා භාවිත කළ ප‍්‍රසිද්ධ පුද්ගලයන් අතර, රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවලින් ලෝක ප‍්‍රකට වූ ජේ ලීනෝ, තිරයේ මිස්ට බීන් චරිතය රඟපෑ නළු රෝවන් ඇට්කින්සන් ද වෙනවා. ඇට්කින්සන් ඔහුගේ එෆ් 1 රිය පසුගිය වසරේ අනතුරකට ලක් වුවද පවුම් ලක්ෂයක වියදමින් එය අලූත්වැඩියා කොට තවමත් තමා සන්තකයේ තබා ගෙන ඉන්නවා.

Post a Comment

3 Comments

  1. පොස්ට් එක නියමයි

    ReplyDelete
  2. සිහිනයකි නුඹ.. අපිට කොයිද පුසෝ බැදපු මාළු!!

    ReplyDelete
  3. පොස්ට් එක නියමයි

    ReplyDelete