HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගෝල් දේශයේදී පැරදුණු ජුලියස් සීසර්!


ජුලියස් සීසර් (Julius Caesar) තම ජීවිත කතාව ලේඛන ගත කර තබන්න කලින් ඝාතනයට ලක් වුණා. ඒත් ඔහුගේ ජයග‍්‍රහණ නිසා මිනිස් ඉතිහාසයේ පෙරළි කළ කිහිප දෙනෙක් අතරින් එක් අයෙක් ලෙස සීසර් ඉතිහාසයට එක්වී සිටිනවා. ඉතිහාසඥයින් කියන විධියට ඔහු රෝමයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ඉතා සාර්ථක, තියුණු බද්ධියක් හා එඩිතර බවින් යුත් හමුදා ජෙනරාල්වරයෙක්, අඥාදායකයෙක්, උගතෙක් සහ ලේඛකයෙක්. ඒ වගේ ම ප‍්‍රබුද්ධ දේශපාලනඥයෙක්.


ඔහු එවකට ගැටුම් හා අවුල් වියවුල්වලින් පිරී තිබුණු රෝමයේ යල් පැන ගිය දේශපාලන න්‍යායයන් වෙනස් කරමින් අලූත් දේශපාලන පදනමක් ඇති කිරීමට සමත් වුණා. ඒ නිසා ම පුරාණ අධිරාජ්‍ය අතර ප‍්‍රබලතම අධිරාජ්‍යයක් ලෙස රෝම අධිරාජ්‍යය පත් වුණා. කි‍්‍ර.පූ. 60 දී ඔහු රෝමයේ පාලනය සඳහා තිදෙනකුගෙන් සමන්විත පාලක මණ්ඩලයක් ඇති කළා. ලෝකයේ ප‍්‍රථම පාලක ත‍්‍රිමූර්තිය වූයේ එයයි. ඒ පාලක මණ්ඩලයට අයත් වුනේ සීසර් ඇතුළු තවත් එරට විසූ ප‍්‍රබලයන් දෙන්නෙක්. එයින් එක් අයෙක් තමා පොම්පියස් මැග්නස් හෙවත් ශ්‍රේෂ්ඨ පොම්පේයි. මොහු රෝමානු සෙබළෙක් සහ දේශපාලනඥයෙක්. අනෙක් තැනැත්තා වයෝවෘද්ධ රෝමානු ජෙනරාල්වරයෙක්. ඔහු මාකස් ලිවියස් ක්‍රෙසුස්.  කි‍්‍ර.පූ. 58-50 කාලයේදී සීසර් ගෝල් දේශය ආක‍්‍රමණය කළා. කි‍්‍ර.පූ. 55-54 දී බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණය කළා. කි‍්‍ර.පූ. 49 දී ඔහු රුබිකෝන් ගඟ තරණය කරමින් ඉතාලිය දෙසට ඔහුගේ හමුදා මෙහෙයෙව්වා. ඉන්පසු ඇතිවූ සිවිල් යුද්ධය කි‍්‍ර.පූ. 45 දී අවසන් වුණා. මෙම යුද්ධයේ දී පොම්පේයි සහ ආධාරකරුවන් පරාජයට පත්වුණා. එතැන් පටන් සීසර් මුළු ජීවිත කාලයටම ආඥාදායකයෙකු ලෙසයි, රට පාලනය කළේ. අන්තිමේ දී ඔහු  කි‍්‍ර.පූ. 44 මාර්තු 15 වැනිදා කුමණ්ත‍්‍රණකාරීන් විසින් ඝාතනයට ලක් වුණා.

පවුලේ තොරතුරු
කි‍්‍ර.පූ. 102/100 ගේයුස් ජුලියස් සීසර් උපත ලැබුවා. ඔලේරියා සහ ගේයුස් ජුලියස් සීසර් තමයි දෙමාපියන්. පියා රෝමයේ නඩුකාරයෙක්. ඔවුන් අයත් වුනේ වංශවත් පවුලකට. ඒත් මුල් කාලයේදී කාගේවත් අවධානයක් දිනා ගත්තේ නැහැ. එතරම් පොහොසත් පවුලක් නොවේ.

මූදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුවීම
ගැටවර වියේ දී ම මුහුදු කොල්ලකරුවන් සීසර්ව පැහැර ගත්තා, නැගෙනහිර මධ්‍යධරණී මුහුදේදී. මුහුදු කොල්ලකාරයින් සීසර්ව නිදහස් කිරීමට රත්තරන් ඉල්ලූවා. ඔවුන් ඉල්ලූවේ කප්පම් ලෙස රන් කුට්ටි 20 යි. එහෙම නොදුන්නොත් සීසර්ව මරා දමනවා කියලා තර්ජනය කළා. සීසර් මුහුදු කොල්ලකරුවන්ට බිය වුණේ නෑ. ඔහු කීවා රන් කුට්ටි 20 වෙනුවට 50 ක් ඉල්ලා ගන්න කියලා. කප්පම් වෙනුවෙන් රත්තරන් ලබා දෙන්න යැයි පණිවිඩයක් යැවුණා මිලෙටස් නුවරට. මේ අතරේ සීසර් මූදු කොල්ලකරුවන්ට විහිළු කරන්න වුණා කවදා හරි දවසක ඔවුන්ව එල්ලා මරනවා කියලා. සීසර්ගේ නිර්භීතභාවය හා ධෛර්යය ගැන මුහුදු කොල්ලකරුවෝ පුදුමයට පත් වුණා. ඔවුන් කවදාවත් සිතුවේ නෑ සීසර් තර්ජනය ක‍්‍රියාවට නංවාවි කියලා. කප්පම් වෙනුවෙන් රත්තරන් ලැබුණා. සීසර්ව නිදහස් කළා. සති කීපයක් ගත වෙන්නටත් කලින් සීසර් ඔහුව පැහැරගත් මුහුදු කොල්ලකාරයින් සොයා අල්ලාගෙන ඔවුන්ව මරා දැම්මා.


සීසර්ගේ වීරකම්
කි‍්‍ර.පූ. 80-78 දී සීසර් දක්ෂ මෙන්ම ජනප‍්‍රිය හමුදා සෙබළෙක් ලෙස රෝමානු හමුදා සමඟ ආසියාවේ යුද කටයුතුවල නිරත වුණා. ඒ කාලයේ දී තම දිවි පරදුවට තබා සහෝදර වැසියෙකුගේ ජීවිතයක් බේරා ගැනීම නිසා ‘කොරෝනා සිවියා’ නම් රෝමයේ ඉහළම ගෞරවය සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉන්පසු කි‍්‍ර.පූ. 65 දී ප‍්‍රසිද්ධ මහජන කටයුතු බාර වූ රෝම මහේස්ත‍්‍රාත්වරුන් අතරට මහේස්ත‍්‍රත්වරයෙක් ලෙස සීසර් පත් කෙරුණා. නිදහස් මතධාරියකු වූ සීසර් සාම්ප‍්‍රදායික රාමුවෙන් මිදී කටයුතු කළ අයෙක් වුණා. මෙහිදී එක් වතාවක දී ඔහු ජනතාවගේ පරිහාසයට ලක් වීම නිසා ඔහුගේ අනාගතය අවදානමකට ලක් වුනත් ඉන් මිදීමට හැකි වුණා. කි‍්‍ර. පූ. 63 දී සීසර් ප‍්‍රධාන පූජක තනතුරට පත් වුණා.

රෝම ආණ්ඩුකාර සීසර්
ක‍්‍රි.පූ. 61 දී බටහිර, මධ්‍යම හා දකුණුදිග ස්පාඤ්ඤයේ ආණ්ඩුකාරවරයෙක් ලෙස පත් වුණා. ක‍්‍රි.පූ. 61-60 දී මෙම ප‍්‍රදේශවල පදිංචිකරුවන් ව සිටි ගෝත‍්‍රික ජන කොටස් හා එක්වී ඔවුන්ගේ සිත් දිනාගෙන අති දක්ෂ අයුරින් පාලන කටයුතු සිදු කළා.

කි‍්‍ර.පූ. 59 දී පොම්පේයි සහ ක්‍රෙසස් සමඟ පැවති දේශපාලන මිතුදම් හේතුවෙන් සීසර්ට කවුන්සිලවරයෙක් වෙන්න හැකි වුණා. ඔහුගේ ආණ්ඩුකාර පදවිය පස් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගැනුණේ කි‍්‍ර.පූ. 58 දීයි. කි‍්‍ර.පූ. 55 දී එය අවුරුදු 10 දක්වා දීර්ඝ කළා. ඔහු යටතේ තිබූ පාලන ප‍්‍රදේශ අතරට අද්‍රියාතික් මුහුදේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉලිරියාවත් ට‍්‍රැන්සපීන් සහ සිසැල්පින් ගෝල් දේශත් (වර්තමානයේ මෙම ප‍්‍රදේශ අතරට අයත් වෙන්නේ උතුරු ඉතාලිය, ප‍්‍රංශය, බෙල්ජියම, ජර්මනියට අයත් කොටස් සහ නෙදර්ලන්තය) අයත් වුණා.


ගෝල් දේශයේදී පැරදුණු සීසර්
ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී ගෝල් දේශය ආක‍්‍රමණය කළා රයින් ගඟ ළඟට පැමිණෙන තෙක්ම. මෙහිදී සිදුවූ සටන්වලින් සීසර්ගේ හමුදා පරාජය වුණේ දෙවතාවක් පමණයි. එක් පරාජයක් සිදුවුණේ කි‍්‍ර.පූ. 54 ශීත සෘතුවේදී.

අනෙක් පරාජය ලැබුවේ කි‍්‍ර.පූ. 52 දී. ඒ ගෝල් දේශයේ පවුරකින් වටවූ ජර්ගෝවියා නගරයට පහර දුන් අවස්ථාවේදී. සුප‍්‍රකට ඇස්ටෙරික්ස් කතාවලට පාදක වුණේ ගෝල් දේශයේ දී රෝමානුවන් ලැබූ පරාජයි.

මිතුරා හතුරා වෙයි
සීසර්ගේ ආණ්ඩුකාර පදවිය අවසන් වුණා, කි‍්‍ර.පූ. 49 දී. මේ වෙන කොට සීසර් ධනවතෙක්. ඔහුට පක්ෂපාතී විශාල හමුදාවක් සිටියා. කි‍්‍ර.පූ. 53 දී ක්‍රෙසස් මියයාමත් සමඟ පොම්පේයි සීසර්ගේ එදිරිවාදියෙක් වුණා. ඔහු සෙනට් මණ්ඩලය සමඟ එක්වී සීසර්ට ද්‍රෝහිකම් කිරීම ඇරඹුවා. සීසර් ඔහුගේ හමුදා සමඟ රූබිකොන් ගඟ තරණය කරලා ඉතාලියට ගිහින් පොම්පේයිගේ හමුදා සමඟ සටන් වැදුණා. එහිදී හට ගත් සිවිල් යුද්ධය අවසන් වුණේ කි‍්‍ර.පූ. 45 දීයි.


දක්ෂ හමුදා ජෙනරාල්වරයා 
අති දක්ෂ හමුදා ජෙනරාල්වරයෙක් වූ සීසර් කි‍්‍ර.පූ. 48 දී පර්සෙලස්වලදීත්, කි‍්‍ර.පූ. 46 දී තෙප්සස්හිදීත්, කි‍්‍ර.පූ. 47 දී සුළු ආසියාවේදී දෙවැනි පැර්සනස් සමඟත් යුද වැදී ජය ගත්තා. මෙම ජයග‍්‍රහණ ගැන සීසර් ප‍්‍රකාශ කළේ ‘මම ආවා, මම දැක්කා, මම ආක‍්‍රමණය කළා’ යනුවෙනි.

ක්ලියෝපැට්රා සහ සීසර්
සීසර් මාස කිහිපයක්ම ඊජිප්තුවේ වාසය කළා. ඊජිප්තු රැජින වූ ක්ලියෝපැට්රා අතර ඇතිවූ ආදර සම්බන්ධයෙන් ක්ලියෝපැට්රා පුතෙක් බිහිකළා. ඔහුගේ නම සිසේරියන්.

අවසන් ජයග‍්‍රහණය හා මරණය
සීසර්ගේ අවසන් ජයග‍්‍රහණය සිද්ධ වුණේ කි‍්‍ර.පූ. 45 දී. මෙම ජයග‍්‍රහණය ලැබුවේ පොම්පේයිගේ පුතුන්ට එරෙහිවයි. මෙම යුද්ධය සිදුවුණේ ස්පාඤ්ඤයේ මුණ්ඩායි නගරයේදී. යුද්ධය අවසන් කළත් සාමය ස්ථාපිත කිරීමට සීසර් අපොහොසත් වුණා. ඒ නිසාමයි බෲටස්ගේ පිහිපහරින් කි‍්‍ර.පූ. 44 මාර්තු 15 වැනිදා සීසර් ජීවිතක්ෂයට පත්වුණේ.

රෝමානුවන්ගේ පැසසුමට ලක්වීම
සීසර්ට තිබුණේ සංකීර්ණ චරිතයක්. ඒත් හැමදේම ගැන සැහැල්ලූවෙන් සිතන කිසිදෙයක් වැඩිය ගණනකට නොගත් තැනැත්තෙක් හැටියටයි, ඔහු ඔහුව ජනතාවට දකින්න සැලැස්සුවේ. ඔහු රෝම ජනයාගේ ආදරයට, ගෞරවයට හා පැසසුමට ලක් වුණා. කි‍්‍ර.පූ. 66 දී සීසර් රෝමානුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ක‍්‍රීඩා සංදර්ශන ප‍්‍රදර්ශනය ආරම්භ කළා. රෝමයේ ජනතාවට තුරඟ තරඟ, රණ ශූරයින්ගේ ඇණ කොටා ගැනීමේ ත‍්‍රාසජනක සටන් දැවැන්ත ක‍්‍රීඩා පිටි එහෙම නැතිනම් රඟහල්වලදී දකින්න ලැබුණා. ජුලියස් සීසර්ගේ ජනප‍්‍රියත්වය මෙමගින් තව තවත් වැඩි වුණා.


ජුලියන් කැලැන්ඩරය
අතීතයේ දී රටට ම පොදු කැලැන්ඩරයක් තැනීමේ වගකීම පැවරී තිබුණේ කාට ද? එදා කැලැන්ඩරය සැකසීම ප‍්‍රධාන පූජකවරයාගේ වගකීම වුණා. ඔහු කැලෙන්ඞ්ස් (calends) දින එනම් නව සඳ දා, ඔහු ජනතාවට ‘නන්ස්’ (nones) හෙවත් චන්ද්‍රයාගේ අව පක්ෂයේ දින හා ‘ඊද්ස්’ (ides) හෙවත් පුර පක්ෂයේ දින ගැනත්, පසළොස්වක දිනය ගැනත් දැනුම් දුන්නා. එදා වගේ ම අදත් අපේ කැලැන්ඩරය තැනීමේ දී අපේ රටේ පූජක පක්ෂය රජයට සහය වෙනවා. ඒ පෝය දවස්, ආගමික උත්සව දවස් ආදිය පවත්වන දින තීරණය කරන්න තියෙන හින්දයි. කොහොම වුනත් රෝමයේ ජුලියස් සීසර් අධිරාජයාගේ සමයේ (කි‍්‍ර.පූ. 46 දී) පුජකයන් මේ කාර්යය හරියට කරන්න සමත් වුණේ නෑ. ඔවුන් තැනූ කැලැන්ඩරයේ ගිම්හාන මාසය යෙදී තිබුණේ වසන්ත සමයටයි. ඒ නිසා සීසර් අධිරාජයාට මේ තත්වය නිවැරදි කරන්නට අවශ්‍ය වුණා. ඔහු ජුලියන් කැලැන්්ඩරය සැකසීමට කි‍්‍රයා කළේ ඒ නිසයි. ඔහු ඒ සඳහා සොසිජීන්ස් නම් මිසර තාරකා විද්‍යාඥයාගේ උපදෙස් පැතුවා. ඒ අනුව එතෙක් පැවති කැලැන්ඩරයට, සෑම වසර හතරකට වරක් වැඩිපුර දිනයක් එක් කර දින 365ක කැලැන්ඩරයක් හඳුන්වා දුන්නා. ඔහුගේ අදහස් අනුවයි. එතෙක් භාවිත කළ දින 355 කැලැන්ඩරයට අතිරික්ත වූ දින 10, දින 29ක් වූ මාස අතරේ සමසේ බෙදී යන ආකාරයට සැකසුවේ ඔහුයි. මේ වෙනස්කම් කළේ මීට අවුරුදු 2053කට පෙර, එනම්, කි‍්‍ර.පූ. 46 දීයි. එතෙක් මාර්තු 1 වැනිදායින් ආරම්භ වුණු අවුරුද්ද ජනවාරි 1 වැනිදා සිට ආරම්භ වන සේ වෙනස් කරනු ලැබුවේ ජුලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දියි. කැලැන්ඩරයේ අද පවා භාවිත වන ජූලි යන්න ඔහුගේ නියෝගයෙන් යෙදූ එකක්.

පස් වැනි හෙවත් ක්වින්ටිලිස් යනුවෙන් හැඳින්වුණු මාසය ජුලියස් සීසර් අධිරාජයාගේ නම අනුව ජූලි යනුවෙන් යළි නම් කෙරුණා. ඊට පසු බලයට පත් වූ ඔගස්ටස් අධිරාජයා විසින් ඊළඟ මාසය වූ සය වැනි හෙවත් සෙක්ස්ටිලිස්, අගෝස්තු යනුවෙන් නම් කළා පමණක් නොව තමාගේ නම ඇති මාසය ජුලියස් සීසර්ගේ මාසයට වඩා කුඩා නොවිය යුතුයි කියා එහි දින ගණන ද 31ක් කළ බව ද සඳහන් වෙනවා.

Post a Comment

8 Comments

  1. මං ආවෙ ජිම් පප්පා ගැන තියෙද බලන්න එයාගැන නෑනෙ අවුලක් නැ වඅදගත් ලිපියකි...

    ReplyDelete
  2. ඒ නිසාමයි බෲටස්ගේ පිහිපහරින් කි‍්‍ර.පූ. 44 මාර්තු 15 වැනිදා සීසර් ජීවිතක්ෂයට පත්වුණේ.// මං හිතාගෙන හිටයෙ ජුලියසස් සීසර් මරපු හරි හේතුව තාමත් දන්නෙ නෑ කියලා.

    කෝ මේ ලිපියේ අපේ සූර පප්පලා ගැන නෑනේ....ගෝල් දෙසේ විතරයි තියෙන්නෙ...:p

    ReplyDelete
  3. සීසර් ගැන වටින කරුණු ටිකක් දැනගන්න ලැබුණා. බොහොම ස්තුතියි

    ReplyDelete
  4. ගොඩාක් වටිනා ලිපියක්

    ReplyDelete
  5. කෝ මේකේ අඩුයිනේ????

    ReplyDelete
  6. Niyamai.twa dewal me wage palawenawanam maru.

    ReplyDelete