HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලියනාඩෝ ඩාවින්චිගේ ඉපැරණි සටහන් හා චිත‍්‍ර ඇතුළත් දුලබ ගණයේ ප‍්‍රදර්ශනයක්!

‘අඟුරු, කඩදාසි ආදිය මිල දී ගන්න. මිනිස් හිස්කබලක් සොයා ගන්න.’ ඩා වින්චි එදිනෙදා තමාට ම ලියූ සිහිකැඳවීම් සටහන් ඇතුළත් ප‍්‍රදර්ශනයක් ලබන මැයි මාසයේ දී එංගලන්තයේ බකිංහැම් මාලිගයේ දී පැවැත්වෙනවා.

ලියනාඩෝ ඩාවින්චිගේ මෙතෙක් අප‍්‍රකටව පැවති සටහන් පොත් කීපයක් මේ ප‍්‍රදර්ශයේ දී ලෝක ජනතාවට දැක ගන්න පුළුවන්.

කි‍්‍ර.ව. 1510 දී තරම ලියන ලදැයි සැලකෙන මේ ලැයිස්තුවේ, සටහන් කර තියෙනවා, හිස්කබලක් සොයා ගත යුතු බව, සිය මිනිස් සිරුරේ චිත‍්‍ර හා සටහන් ඇඳි පොත් බැඳීමට දිය යුතු බව, මොළයේ සිදුරු ගැන නිරීක්ෂණය කළ යුතු බව, කිඹුලකුගේ හක්කක විස්තරයක් කළ යුතු බවට සටහන් තබා තියෙනවා.

කි‍්‍ර.ව. 1510 දී ඩාවින්චි සංචාරයක් සඳහා නිවසෙන් බැහැර යද්දී ගෙන යායුතු යැයි තමාට ම සිහිකැඳවීම් කළ සටහන්.

ලියනාඩෝ ඩාවින්චි ඉතාලියේ පුනරුද සමයේ විසූ ශ්‍රේෂ්ඨ චිත‍්‍රශිල්පියෙකි, ප‍්‍රාරම්භක විද්‍යාඥයෙකි. මේ ඔහු විසින් ම අඳින ලද චිත‍්‍රයකින් මුද්‍රණ තහඩුවකට උත්කීර්ණය කරන ලද්දකි.

සැත්කම් සඳහා ලියනාඩෝ ඩාවින්චි යොදා ගත් සටහන් පොතේ පිටුපස ඇති අයුරු

මෙහි දී වඩාත් ප‍්‍රායෝගික වන්නේ චිත‍්‍රශිල්පියා රටහුණු, අඟුරු හා කඩදාසි මිල දී ගත යුතු බව සටහන් කර තැබීමයි.

මෙම ලැයිස්තුවත් ලබන මැයි 4 වැනිදා එංගලන්තයේ බකිංහැම් මාලිගයේ රාජකීය කලාගාරය තුළ ඩාවින්චිගේ ඉපැරණි සටහන් එකතු වෙනවා.

මෙම රාජකීය ප‍්‍රදර්ශනයේ භාරකරු වූ මාටින් ක්ලේටන් කියන්නේ, ”දුර ගමනක් යන  ඕනෑම කෙනෙක් ගෙන යාමට අවශ්‍ය දෑ අමතක වෙනවාට සටහන් තැබීමක් කරනවා වගේ ඩාවින්චිත් ඔහුගේ සටහනක් තබා තියෙනවා.”

”එදිනෙදා පාවිච්චි කරන කමිස, අත් මේස්, තුවා ආදියට අමතරව ඔහු සිය කායච්ඡේදන මෙවලම්, ඩැහි අඬු, සැත් පිහි, අස්ථි කපන කියත් ආදිය ගැන සිහි කැඳවීම් සටහන් තබා තියෙනවා.

”ඊට පසු අපට තොරතුරු හමු වෙනවා, මිලාන්වලින් දකුණට වෙන්නට පිහිටා ඇති පාවියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පාසලෙහි ඔහු මිනිස් විවච්ඡේදනය කරමින් කටයුතු කළ බව. මේ සිහිකැඳවීම් ලැයිස්තුව සමහර විට පාවියාවලට යාමට පෙර කරන ලද්දක් විය හැකියි.

මේ සටහන් පොත් දෙවැනි චාල්ස් රජු විසින් 1690 දී මිල දී ගෙන රාජකීය කෞතුක එකතුවේ තිබී මෙසේ මෙම ප‍්‍රදර්ශනයට එක් කර ගෙන තියෙනවා.

ලියනාඩෝ ඩාවින්චි විසින් 1511 දී අඳින ලද චිත‍්‍ර සටහන් ගණනාවක් ද ප‍්‍රදර්ශනයට එක් වෙනවා.

ලියනාඩෝ ඩාවින්චිගේ මේ රූපය ෆ‍්‍රැන්සිස්කෝ මෙල්සි විසින් අඳින ලද්දක්. මෙයත් ප‍්‍රදර්ශනයට අයත් වෙනවා.

ලියනාඩෝ ඩාවින්චි විසින් ඡේදනය කළ හිස්කබලක්. සටහන් පොත් පිටු 80ක් සමග මෙය ද ප‍්‍රදර්ශනයට ඇතුළත් වෙනවා.

ලියනාඩෝ ඩාවින්චිගේ සටහන් පොතෙන් පිටුවක්, ඔහුගේ සිහිකැඳවීම් ලැයිස්තුවත් සමග.

Post a Comment

0 Comments