HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මරණයෙන් බේරෙන්න ගෙතූ කතාන්දර රැසක එකතුව!

කතාන්දර අහන්න අකමැති කවුද ? ලොකු පුංචි කවුරුත් කතාන්දරවලට කැමතියි. සමහර කතා සදා අමරණීය වෙන්නේ එම කතාන්දර හා ඒවායේ සිටින අපූරු චරිත නිසයි. බටහිර සාහිත්‍යයේ හමුවන එවැනි අමරණීය වූ චරිත හා කතාන්දර කිහිපයක් තමයි, අලිබාබා සහ හොරු හතලිහ, සින්බෑඞ් නම් නැවියා, ඇලඩින්. මේ චරිත ඇතුළත් වන කතාන්දර සියල්ලම එක් දහස් එක් රැය - අරාබි නිසොල්ලාසය එහෙමත් නැතිනම් ඇරේබියන් නයිට්ස් කියන එක් දීර්ඝ කතාවේ පුංචි කොටස්ය.


මොකක්ද මේ ඇරේබියන් නයිට්ස් ?
ඇරේබියන් නයිට්ස් මීට සියවස් 15කට පමණ කලින් ඉන්දියානු, පර්සියානු හා අරාබි කතාකරුවන් විසින් මුඛ වහරෙන් ප‍්‍රචලිත කරන ලද කතා සමුදායක්. ලොව පුරා ලද අත්දැකීම් ඇතුළත් මේ කතාවල ප‍්‍රභවය ඉන්දියාවෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ‘එක් දහස් එක් රැයක්’ යන අරුත් ඇති පැරණි පර්සියානු පොතෙහි පරිවර්තනයක් සේ ලොව පුරා පැතිර ඇති මේ කතා, අතීත කතා කලාවේ අති විශිෂ්ට නිදසුනක් සේ දක්වන්න පුළුවන්.

පණ බේරා ගන්න කතාන්දර කීම
අතීත භාරතයේ කතාවැල්, කතාමාලා ආදිය අනු ව යමින් එකිනෙක ඈඳුණු කතා පෙළක් ලෙස සැකසී ඇති මේ කතාවල පසුබිම් කතාව ඇත්තෙන් ම හරිම අපූරු එකක්. ඒ එක් දහස් එක් රැයක් තිස්සේ මේ කතා ගොතමින් කියා ඇත්තේ සුල්තාන්වරයකුගේ මනාලියක විසින් ඇගේත් ඇය වැනි තවත් යුවතියන් රැසකගේත් මරණය කල්දමා ගැනීමේ උපායක් හැටියටයි. මේ කතා කියන කතා නායිකාව ෂෙහෙරසාද් (Scheherazade) නම් යුවතියකි. ඇගේ කතා අසන සුල්තාන්වරයා ෂාරියර් (Shahriyar) ය. මොහුගේ රාජධානිය සැබෑවට ම පැවති එකක් නොවේ. එය අරාබියත් චීනයත් අතර පැවති එකක් හැටියට කතාවලියෙන් කියැවෙනවා. මේ කතාවල ආරම්භය නිශ්චිත නෑ. පසුබිම් කතාව ගොතා ඇත්තේ කතා මාලාව පෙළ ගස්වා ගැනීමටත් අසන්නාගේ කුතුහලය රඳවා ගැනීමටත් උපායක් හැටියටයි.


ඇරේබියන් නයිට්ස් යුරෝපයට
ඇරේබියන් නයිට්ස් නම් වූ මේ අපූරු කතා මාලාව මුලින් ම යුරෝපයට ආවේ ප‍්‍රංශ පරිවර්තනයක් හැටියටයි. එහි ඇතුළත් කතා කීපයක් වෙන වෙන ම තනි කතා ලෙසින් ඊට කලින් පළ වී තිබුණ ද 1704 දී ප‍්‍රංශ ලේඛක ඇන්ටොයින් ගැලන්ඞ් (Antoine Galland) විසින් කරන ලද ඒ පරිවර්තනයට මුළු කතා එකතුව ම ඇතූළත් වුණා. එහි ප‍්‍රථම ඉංගී‍්‍රසි පරිවර්තනය කොටස් තුනකින් 1838-40 වසර තුළ පළ වුණා. පරිවර්තකයා වූයේ එඞ්වඞ් විලියම් ලේන් (Edward William Lane) ය. එය කෙළින් ම අරාබි බසින් පරිවර්තනය කරන ලද්දක්. ජෝන් පේන් (John Payne) නම් නීතිඥවරයකු විසින් කරන ලද දෙවැනි පරිවර්තනය 1882-1888 දී පළ වුණා. අරාබිකරයේ බොහෝ කලක් ගත කරමින් හැදෑරීම් කළ ශී‍්‍රමත් රිචඞ් බර්ටන් (Sir Richard Burton) විසින් 1885-88 වසර තුළ පූර්ණ ඉංගී‍්‍රසි පරිවර්තනයක් කරන ලද අතර එය මෙතෙක් කර ඇති අති සාර්ථක පරිවර්තනය සේ සැලකෙනවා. එය වෙළුම් 16 කින් සමන්විතයි.

සිංහල බසට පෙරළීම
‘අරාබි නිසොල්ලාසය’, ‘එක්දහස් එක් රැය’, ‘අරාබි නිසානන්දය’ යන නම් වලින් සිංහලෙන් පළ වී ඇති මෙහි පැරණිතම සිංහල කෘතිය පළ වී ඇත්තේ 1892 දීය. එහි පරිවර්තකයා වූයේ බෙන්තොට ඇල්බට් ද සිල්වායි. ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විසින් මේ කතා මාලාව ‘එක් දහස් එක් රැය’ නමින් සිංහලට නඟා තියෙනවා. ‘අරාබි නිසානන්දය’ නමින් පළ වී ඇත්තේ කේ. බී. සුගතදාස සූරීන්ගේ පරිවර්තනයයි. ලොව පුරා විවිධ භාෂා සිය ගණනකට පෙරළා ඇති මේ කතා ලොව පුරා ඉතාමත් ජනපි‍්‍රයය. ඒවා තනි කතා ලෙසත් ලොව පුරා වෙන වෙන ම ජනපි‍්‍රය වී තිබේ. ‘අලිබාබා සහ හොරු හතළිහ, ‘ඇලඩින් සහ පුදුම පහන’, ‘සින්බෑඞ් නම් නැවියා’ එසේ ජනපි‍්‍රය වී ඇති කතා වේ. ඇරේබියන් නයිට්ස් නමින් රූපවාහිනී හා චිත‍්‍රපට මෙන්ම එහි හමුවන එක් එක් කතා වෙන වෙනමත් කාටූන්, චිත‍්‍රපට, චිත‍්‍රකතා ලෙසින් මේ වන විට නිර්මාණය වී තියෙනවා. ඒ වගේමයි මේ කතා තව අවුරුදු ගණනාවක් ඉදිරියට ප‍්‍රතිනිර්මාණය වේවි.


ඇලඩින් සහ පුදුම පහන
‘එක් දහස් එක් රැය’ හෙවත් අරාබි නිසානන්දය කතා මාලාවට ඇතුළත් එක් කතාවක් තමයි, ‘ඇලඩින් සහ පුදුම පහන‘හි එන ප‍්‍රධාන චරිතය. ඒ කතාවට අනුව ඇලඩින් චීනයේ විසූ ඇඳුම් මහන්නකුගේ පුතෙක්. මුස්තාපා නම් මන්ත‍්‍රකාරයකු අභිරහස් ගුහාවක සඟවා තිබූ පුදුම පහනක් ගැනීමට ඇලඩින් යොදවනවා. මුස්තාපාගේ උපාය වූයේ ඇලඩින් ලවා පහන ගෙන්වා ගෙන ඇලඩින් සදහට ම ගුහාව තුළ සිර කර පහන තමන් සතු කර ගැනීමයි. එහෙත් ඒ උපාය හරි යන්නේ නෑ. පහන ඔහුට නොදෙන ඇලඩින් ඊට අරක් ගෙන සිටින විස්මිත භූතයකුගේ පිහිටෙන් මායා බලයෙන් ධනවත් ව එම පළාතේ සුල්තාන්වරයාගේ දියණිය සරණ පාවා ගෙන ජීවත් වෙනවා. මේ අතර මන්තරකරු ප‍්‍රයෝගයක් කොට ඇලඩින් නැති විටෙක පහන තමන් සතු කර ගෙන පහනේ භූතයා යොදවා ඇලඩින්ගේ බිරියත් සමඟ මාළිගය අපි‍්‍රකාවට අරන් යනවා. මේ බව දැන ගත් ඇලඩින් ඔහු සොයා ගොස් උපායෙන් ඔහුගෙන් පහන ලබා ගෙන ඔහු වනසා දමා බිරියත් සමඟ පෙරළා චීනයට පැමිණ සුවසේ ජීවත් වෙනවා.


අලි බාබා සහ හොරු 40
‘එක් දහස් එක් රැය’ කතාවේ හමුවන කතාවලින් තවත් අපූරු කතාවක් තමයි අලි බාබා සහ හොරු හතලිහ. මේ කතාවේ ප‍්‍රධාන චරිතය තමයි අලි බාබා. දුප්පත් දර කපන්නෙක් වන අලි බාබා කැළයේ දරකපන්න යද්දී හොරු හතලිහකට අයත් රහස් ගල් ගුහාවක් හමුවෙනවා. ගල් ගුහාවේ දොර විවර කරන රහස් වචනය දැන ගෙන වස්තුව පැහැර ගන්නවා. ඔහු ධනවත් වෙනවා. ඒත් අලි බාබාගේ කෑදර සොයුරා කසීම් ගල් ගුහාවට ගිය විට පිටවීමට දොර අරින රහස් වචනය අමතක වී ගුහාවේ හිරවෙනවා. හොරුන්ට හසුවී මියයනවා. ඊට පස්සේ හොරු අලිබාබා සොයා ඔහුවත් මරා දමන්න පැමිණෙන විට අලි බාබාගේ සහායිකාව වන මෝජියානා උපායශීලීව අලි බාබා හොරුන්ගෙන් බේරෙනවා.


සින්බෑඞ් නැවියාගේ වික‍්‍රම
සින්බෑඞ් නම් නැවියා බැග්ඩෑඞ් නුවරින් නැව් නගින්නේ වස්තුව සොයමින් ලොව පුරා සංචාරයේ යෙදීමටයි. සින්බෑඞ්ට මෙම සංචාරවලදී හරිම අපූරු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. නොයෙක් නොයෙක් යෝද සත්වයින් හා අපූරු පුද්ගලයින් හමුවෙනවා. සින්බෑඞ්ගේ වීර මුහුදු චාරිකා 7 ක් ගැන ඇරේබියන් නයිට්ස් කතාවට ඇතුළත් වෙනවා. මෙම වීර චාරිකා අතරින් 6 වැනි වීර චාරිකාවේ දී සින්බෑඞ් අපේ රටටත් පැමිණෙනවා. කතාවේ සඳහන් වෙන්නේ ‘සිලෝන්’ නම් රටේ රජු බැහැ දැකීමට සින්බෑඞ් ගියා කියලයි. මුතු මැණික්වලින් පිරි ගංගා ඇළ දොළ, ඇත් සොහොන සහ ඇත් කඳ ලිහිණියන් ගැනත් එම කතාවේ ඇතුළත් වෙනවා.

Post a Comment

1 Comments