HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහ පාරට එන අලූත් ම වාහනය ‘ට‍්‍රයික්’ මෙන්න! මෝටර් සයිකලයකට වඩා ආරක්ෂා සහිතයි! අලූත් ම අලූත් නිපැයුමක්!

මේකත් එක විදියක තී‍්‍රවීල් එකක්. වෙනසකට තියෙන්නෙ මේ රියේ රෝද දෙක තියෙන්නෙ ඉස්සරහින්. තනි රෝදෙ පස්සෙන්. හරවන්නේ රෝද දෙකෙන්. රෝද දෙකේ මෝටර් සයිලකයට වඩා මේක ආරක්ෂා සහිතයි. වංගු ගන්න කොට ලේසියෙන් පෙරළෙන්නෙ නැහැ.

මේ අපූරු රිය නම් කරල තියෙන්නෙ ‘ස්වේ’ (Sway) කියලයි. විදිලි බැටරියකින් කි‍්‍රයා කරන මෙය වරක් චාජ් (ආරෝපණය) කළා ම සැතැපුම් 30ක් එනම් කිලෝමීටර් 48ක් ගියෑකි. හැබැයි මේ ස්වේ ට‍්‍රයික් රියේ උපරිම වේගය පැයට සැතැපුම් 40ක්, එනම් පැයට කිලෝමීටර් 64ක් විතරයි.

 
මේ ති‍්‍රරෝද මෝටර් සයිකලය ළඟදීම යතුරුපැදිකරුවන් අතර ජනපි‍්‍රය ගමන් ක‍්‍රමයක් වනු ඇති.

මෙහි සැලසුම්කරු ජෝ විල්කොක්ස්. ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩර්හැම්හී වාහන නිෂ්පාදන ආයතනයක සේවය කරන නිර්මාණකරුවෙක්. ඔහු කියන්නේ සාම්ප‍්‍රදායික මෝටර් බයිසිකල්වලට වඩා ආරක්ෂා සහිත නිසා මෙය ඉක්මනින් ම ජනතාව අතර ජනපි‍්‍රය වේවි කියලයි.

‘ඊසි රයිඩර්’ චිත‍්‍රපටයේ නළු ඩෙනිස් හොපර් කියන්නේ, ”මේ ස්වේ ට‍්‍රයික් රියෙන් ඕනෑම ආධුනිකයකුට මහ මග දී වංගු ගැනීමට පහසුවෙන් ම, නිතැතින් ම කළ හැකියි. මෝටර් සයිකල් පදවන්නන් පුහුණු කරවීමටත් මේ අලූත් රිය යොදා ගන්න පුළුවන්.” කියායි.

 
මේ ට‍්‍රයික් රිය වංගු ගැනීමේ පදවන්නාට විශාල පහසුවක් වනු ඇති. ඒ වගේ ම ආරක්ෂා සහිතයි.

 
මේ ස්වේ ට‍්‍රයික් රිය පදවන්න පුහුණු වීමක් අවශ්‍ය නැහැ.

නිර්මාතෘ විල්කොක්ස් එහි මහ මඟ ධාවනය ගැන කියන්නේ මෙහෙමයි: ”මෙය සැලසුම් කර ඇත්තේ පදවන්නාට විශේෂ ආරක්ෂාවක් සැලසෙන පරිදියි. එපමණක් නොව මෙය පදවා ගෙන යාම ද ඔහුට විශාල පහසුවක් වේවි. සාමාන්‍ය මෝටර් සයිකලයක් වගේ පෙරළීමේ අවදානමක් කොහෙත් ම නැහැ”

”රෝද දෙකේ මෝටර් සයිකල පැදවීම කෙතරම් විනෝදජනක වුනත් එහි පෙරළීමේ අවදානම වැඩියි. මේ නව රිය මගින් ඒ අවදානම සම්පූර්ණයෙන් ම ඉවත් වෙනවා. මෙය පැදවීමේ දී වංගු ගැනීම බියෙන් තොරව කළ හැකියි. අනිවාර්යයෙන් ම මෙය පදවන්නාට ආස්වාදයක් වේවි.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
මෝටර් සයිකල් පදවන අයට පුහුණු වෙන්නත් මෙය කදිම වාහනයක්.

 
මෙහි දෙපස ඇති පැදි දෙකෙන් තමා වංගු ගැනීමේ දී පදින්නා සම බර ව තබා ගන්නේ.

මේ රිය ඇතුළත් වන්නේ මහ මග නීත්‍යානුකූල ව පැදවිය හැකි මෝපෙඞ් පන්තියේ වාහන අතරටයි.

මෙහි තවත් සුවිශේෂත්වයක් තියෙනවා. එනම් මෙය මඩ මත හෝ හිම මත හෝ අයිස් මත එරීමක් හෝ ලිස්සා යාමක් හෝ නොමැතිව පදවා ගෙන යා හැකිවීමයි.

”මේක මගේ සිහිනයක්. මට මේ වගේ වාහනයක් පදවන්න හිතුණා. ඒත් මෙවැන්නක් වෙළඳ පොළේ තිබුණේ නැහැ. ඒ නිසා මට ම මෙය සැලසුම් කරන්න සිදු වුණා. දැන් සියලූ අත්හදා බැලීම් කර අවසන්. ළඟදී ම මෙය වෙළඳ පොළට දාන්න හැකි වේවි.” විල් කොක්ස් වැඩි දුරටත් කියනවා.

මෙය වෙළඳ පොළට දමන්න ඔවුන් අපේක්ෂා කරන්නේ ලබන වසරේ දීයි.



Post a Comment

0 Comments