HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හදවත් රෝගී මරණ අඩු කරන නව මෙවලමක්! හෘද අකරණය ගැන කල් තියා අනතුරු ඇඟවීම්!

නව අධිතාක්ෂණික වෛද්‍ය උපකරණයක් නිපදවලා තියෙනවා, එය හෘදයෙහි තැන්පත් කළා ම හදිසියේ හෘදය රෝගී වෙන තත්ත්වයක් උදාවෙන බව දැන ගෙන එය කල්තියා දැනුම් දෙන්නට හැකියාව ඇති. හදිසියේ ඇති වන හෘද අකරණයන් නිසා රෝහලකට ගෙනි යන්න පෙර මිය යන ලොව පුරා සිටින රෝගීන්ට සහනයක් ගේන ආරංචියක්.

දැනටමත් හෘද අකරණයක් කල් ඇති ව හඳුනා ගැනීම පිළිබඳ පුළුල් දැනුමක් මහජනතාවට ලබා දී ඇතත් මුල් රෝග ලක්ෂණ පහළ වීමත් රෝහල් ගත කිරීමත් අතර ගත වන සාමාන්‍ය කාලය තවමත් පැය තුනක් පමණ වෙනවා. ඒ නිසා හෘද අකරණයකට ලක් වන රෝගියා වඩා ඉක්මනින් රෝහල් ගත කිරීමට මේ එන්ජල්මෙඞ් ගාඩියන් (AngelMed Gaurdian) නම් නව උපකරණය නිසා හැකියාව ලැබෙනවා.

 
ඇතුළතින් කරන අනතුරු ඇඟවීම: මේ ඒන්ජල් මෙඞ් ගාඩියන් උපකරණය මගින් තුන් ආකාරයකින් ළඟ එන හෘද අකරණය ගැන දැනුම් දෙනවා.


මේ හෘද අකරණ දැනුම් දීමේ නව උපකරණය ඉදිරිපත් කරන්නේ ඇමරිකාවේ ඒන්ජල්මෙඞ් වෛද්‍ය උපාංග නිෂ්පාදන සමාගමයි.

‘අර්ගනොමික්ස් ඉන් ඩිසයින්’ (Ergonomics In Design) සඟරාවේ මේ පිළිබඳ ලිපියක් පළ කර තිබේ. සිරුර තුළ තැන්පත් කළ හැකි ඒන්ජල් මෙඞ් ගාඩියන් නම් නව උපකරණය මගින් තුන් ආකාරයකින් ළඟ එන හෘද අකරණය ගැන දැනුම් දෙන බව එහි සඳහන් වෙනවා. ඒ කම්පන සංවේදක මගින්, ඇසෙන ශබ්දයකින් හා පෙනෙන ක‍්‍රමයක් ලෙස ආලෝකයක් නිකුත් කිරීමෙන් ආදියයි.

 
රෝගියකුගේ එක්ස් රේ එකක්, සිරුර තුළ එන්ජල්මෙඞ් උපකරණය සවි කර ඇති අයුරු.

මෙම උපකරණය දැනට ශායනික පරීක්ෂාවට ලක්කර තියෙනවා. මේ උපකරණයක දැනට නිෂ්පාදන වියදම පවුම් 8,232ක්. ලොකු මිලක් වුනත් වසරක් පාසා හදවත් අකරණයෙන් සිදු වන ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණයක් මරණ වළක්වා ලීමට මෙයට හැකියාව ඇති බව නිෂ්පාදකයන් කියනවා.

මෙම ඒන්ජල් මෙඞ් උපකරණය සුවිශේෂ වන්නේ එහි ඇති තුන් ආකාර අනතුරු ඇඟවීම් ක‍්‍රම නිසයි.

උද්ගත වන හදිසි තත්වයක දී කම්පන සංවේදක මගින් වෛද්‍ය කාර්යය මණ්ඩලයට දැනුම් දීමේ ක‍්‍රමය දැනටමත් ශල්‍යාගාරවල සිදුවන්නක්. එහෙත් රෝගීන් වෙනුවෙන් සැලසුම් කළ ස්වයං-ආවේක්ෂණ උපකරණයක් මගින් මේ දැනුම් දීමේ හැකියාව කෙබඳුදැයි විමසන පර්යේෂණ ඉතාමත් අල්ප ය.

 
මෙහි වමේ ඇති උපකරණය සිරුරේ පිටතින් සවි කරන්නක්, එය ඇතුළතින් කම්පන මගින් එන අනතුරු ඇඟවීම ආලෝකය විහිදීමකින් දැනුම් දෙනවා.

හෘද ස්පන්දනය පාලනය කරන උපකරණවලට, ශබ්දයකින් අනතුරු ඇඟවීමේ උපාංගයක් සවි කළ ද සමහර රෝගීන්ට, විශේෂයින් ම වයස්ගත අයට, මේ අනතුරු ඇඟවීමේ ශබ්දය නෑසී යා හැකියි.

‘අර්ගනොමික්ස් ඉන් ඩිසයින්’ සඟරාවේ මේ ලිපිය ලියූ සම කර්තෘවරිය වූ මේරි කැරොල් කියන්නේ, ”ශබ්දකින් නිකුත් කරන අනතුරු ඇඟවීමකට වඩා, කම්පන අනතුරු ඇඟවීම වඩා හොඳින් රෝගියාට දැනෙන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, රෝගියා බර ඇඳුමක් ඇඳ සිටියොත් හෝ කන් ඇසීමේ දුබලතාවකින් පෙළුණොත් හෝ එහෙමත් නැත්නම් ඝෝෂාකාරී පරිසරයක සිටියොත් අනතුරු ඇඟවීමේ ශබ්දය නෑසී යා හැකියි.” කියායි.

 
දැනට ශායනික පරීක්ෂණවලට ලක්කර ඇති මෙම ඒන්ජල්මෙඞ් ගාඩියන් උපකරණ දැනටමත් සීමිත සැත්කම් මගින් සාර්ථකව සවි කළ හැකි බව ඔප්පු වී තියෙනවා.

මේ උපකරණයට, අනතුරු ඇඟවීම, මට්ටම් දෙකකින් නිකුත් කළ හැකියි. වැඩි ප‍්‍රමුඛතා දෙන අනතුරු ඇඟවීම නිකුත් කරන්නේ හෘද අකරණය දරුණු එකක් නම්, හදිසි සේවා කැඳවීමක් අවශ්‍ය නම් විතරයි. පැය 48ක් ඇතුළත වෛද්‍යවරයකුට පෙන්නුවාට වරදක් නැති රෝග තත්වයක දී අඩු අවදානම් අනතුරු ඇඟවීමක් නිකුත් කෙරෙනවා.

මේ අනතුරු ඇඟවීම් කෙරෙන්නේ පපුවේ වම් පැත්තේ ඉහළින් තැන්පත් කෙරෙන වෛද්‍ය උපකරණයකින්. ඊට සම්බන්ධව සිරුරේ පිටතින් සවි කෙරෙන උපකරණයකින් මේ අනතුරු ඇඟවීම ලබා ගෙන ශබ්දයකින් හෝ රතු හෝ කහ පැහැති ආලෝක ධාරාවක් මගිනුයි.

මේ උපකරණය කෙතරම් රෝගීනට හිතවාදී ද කියා මේ ශායනික පරීක්ෂණවල දී විමසා බලනවා. දැනටමත් අවදානම අඩු හා වැඩි වශයෙන් කම්පන හඳුනා ගන්නට වයස්ගත රෝගීන් පවා සමත් වී තියෙනවා. එසේ ම රෝගීන් දැනටමත් මේ කම්පන අනතුරු ඇඟවීම් ක‍්‍රමයට හා ශබ්ද හා දෘෂ්‍ය ක‍්‍රම දෙකට ම එකසේ කැමති බව ප‍්‍රකාශ කර තියෙනවා.



Post a Comment

3 Comments

  1. මෙකෙ මිල වැඩි උනත් ජීවිතෙ ඉට වඩා වට්නව

    ReplyDelete
  2. මෙකෙ මිල වැඩි උනත් ජීවිතෙ ඉට වඩා වට්නව

    ReplyDelete
  3. මාරයිනෙ..දැන් මෙහෙම කාලයක් යනකොට මිනිසාගේ සියලුම කොටස් යාන්ත්‍රික කරල රොබෝල වගේ කරයි.ඒත් කමක් නෑ ජීවිතේ බේර ගන්න පුළුවන් නම්....

    ReplyDelete