HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සඳ බසිනවා ඔබ කිසිදාක නුදුටු විදියකට දකින්න! අභ්‍යවකාශ නැවතුම් පොළක සිට දැක ගන්න මෙන්න අවස්ථාවක්!

උඩුගුවනේ රඳවා ඇති අභ්‍යවකාශ නැවතුම් පොළේ සිට නවතම අධිතාක්ෂණික ‘නයිට්පොඞ්’ ති‍්‍රපාදය සහිත කැමරාවෙන් ඉතා පැහැදිලි ඡායාරූප රැසක් අරන් තියෙනවා. ඒවා කැමරාවට නඟා ඇත්තේ තත්පරයට සැතැපුම් හතරක වේගයෙන් පොළොව වටා යමිනුයි.

මේ නව අදහස කි‍්‍රයාත්මක කිරීම සඳහා පියවර ගත්තේ එහි ගොස් සිටින අභ්‍යවකාශගාමියෙක්. ඔහුගේ නම ආන්ද්රේ කුයිපර්ස්. විශේෂ වේග පාලනයක් ඇති ෂටරයක් සහිතව අභ්‍යවකාශ නැවතුම් පොළේ ගමන් වේගයට අනුගතව ඉබේ කි‍්‍රයා කළ හැකි, කැමරාව යොමු වන දෙසට හැරිහැරී එල්ල වී තිබිය හැකි ති‍්‍රපාදයක් මත කැමරාවක් සවිකර කි‍්‍රයාත්මක කරන්නට ඔහු සමත් වුණා. කැමරාව රාති‍්‍ර කාලයේත් ඔහු සලකුණු කළ තැන්වල පින්තූර ගත්තා. ඉන් ඔහු ලද ප‍්‍රතිඵල විස්මිතයි. ඔබටත් ඒවා දැන් දැක බලා ගන්න පුළුවන්.

 
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ අභ්‍යවකාශ ගාමියකු වූ ආන්ද්රේ කුයිපර් සඳ බැස යන අයුරු කැමරාවට නැඟූ හැටි

සැතැපුම් 250ක් ඉහළට රාති‍්‍රයේ යුරෝපය පෙනෙන හැටි

නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් ප‍්‍රදේශය ඉහළට පෙනෙන හැටි

 
එක්සත් රාජධානිය හා අයර්ලන්තය රාති‍්‍රයට පෙනෙන හැටි. ඉහළින් පෙනෙන්නේ ඌෂා ලෝකයයි.

2003 දිත් 2006 දිත් වශයෙන් කලින් කීපවතාවක් ම මේ ආකාරයේ රාති‍්‍රයේ පින්තූර ගන්නට තැත් කළත් ඒ කිසිවකුටත් ඒක කරන්න පුළුවන් වුණේ නෑ. කැමරාව කොතරම් නිශ්චලව තියා ගත්තත් අභ්‍යවකාශ නැවතුම් පොළේ ගමන් වේගය නිසා ගන්නට හදන පින්තූර බොඳ වෙලා තමයි සටහන් වුණේ.

පසුගිය වසරේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ අභ්‍යවකාශ ගාමියකු වූ පැවුලෝ නෙස්පෝලි රාති‍්‍ර කාලයේ අපේ පෘථිවියේ සිත්කළු ඡායාරූප රැසක් ගන්නට සමත් වුණා, යුරෝපා නිරීක්ෂණ මැදිරිය වූ කුපෝලාහී සිට. ඔහු නියම කාච විවර වේගය තමා විසින් ම සකස් කර ගෙනයි, අතින් කැමරාව මෙහෙයවමිනුයි, ඒ පින්තූර ගත්තේ. ඒක අසීරු දෙයක් වුනත්, ඒ කාලේ හැටියට ලොකු දස්කමක්.

අභ්‍යවකාශ නැවතුම් පොළේ ගමන් වේගයත් රාති‍්‍ර කාලයේ පින්තූර ගැනීමේ අභියෝගයත් ජයගන්න ඒ සඳහා විශේෂ යාන්ති‍්‍රක චලනය කළ හැකි ති‍්‍රපාදයක් අලූතින් නිපදවන්න යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය කල්පනා කළා. ඒ සඳහා කොසින් නම් ඕලන්ද ජාතික සමාගම හවුල් කර ගත්තා. ඒ නව නිපැයුම තමා ‘නයිට්පොඞ්’ කියන්නේ. ඒ උපකරණය මගින් පෘථිවියේ නිශ්චිත ස්ථානයකට කැමරාවේ කාචය නාභිගත කර තබා ගනිමින් අභ්‍යවකාශ නැවතුම්පොළේ වේගයට අනුව හැරෙමින් ස්වයංකී‍්‍රයව පින්තූර ගන්න පුළුවන්. රූපය සම්පූර්ණ වන තුරු කැමරාවේ කාචය වැසෙන්නේ නැහැ. මේ කැමරාවත් සමග එහි ගිය ඕලන්ද ජාතික ආන්ද්රේ කුයිපර් තමයි, ඉතා සාර්ථකව ඒ කටයුත්ත ඉටු කර ගන්නට සමත් වුණේ. ඒ පින්තූර තමා දැන් ඔබ මේ බලන්නේ.

ආන්ද්රේ කුයිපර්ස් අභ්‍යවකාශ නැවතුම්පොළේ ඇතුළේ සිටියදී.

 
ඕලන්ද ජාතික අභ්‍යවකාශගාමී ආන්ද්රේ කුයිපර්ස් අභ්‍යවකාශ නැවතුම්පොළේ ඇතුළේ.

 
රුසියාවේ කම්චට්ස්කා අර්ධද්වීපය ආන්ද්රේගේ කැමරාවට හසුවූ අයුරු.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිවල පාම් දූපත හා ලෝක සිතියම නිරූපණය කරන දූපත් පොකුර.

ලන්ඩන් නගරයේ රාති‍්‍ර දසුනක්. එම් 25 නම් ලන්ඩනයේ වටරවුම් මාර්ගය ද මෙහි පැහැදිලිව පෙනේ.


Post a Comment

4 Comments

  1. nice view thank's for the post

    ReplyDelete
  2. ඇත්තටම ඔව්.දුර්ලභ පින්තූර ටිකක්. ස්තූතියි.!

    ReplyDelete
  3. ස්තුතියි පින්තූර හා විස්තර වලට... නාසා ආයතනය සම්බන්ධ තවත් ලිපි පළ කරනවා නම් හොඳයි !!!

    ReplyDelete