HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කළුකුමකුට සමාන ඩයිනොසෝරයෙක් ආජෙන්ටිනාවෙන් හමුවෙයි! මේ කුරුලූ පරපුරේ ආදීම නෑයාද?

අඩි අටක් උසැති, පියෑඹිය නොහැකි, මේ කුරුලූ විශේෂය වත්මන් කුරුල්ලන්ගේ ආදීමයා ලෙස සැලකිය හැකි යැයි විද්‍යාඥයන්ගේ අදහසයි. මෙසේ හමු වී ඇත්තේ වසර මිලියන 70ක් පැරණි පොසිලයක්. කළුකුමකුට සමාන මේ පොසිලය සමග බිත්තර පොකුරකුත් හමු වී තියෙනවා. ඒ නිසයි මේ සතා කුරුලූ මවක් හෙවත් කිරිල්ලියක් ලෙස හඳුනා ගෙන ඇත්තේ.

මේ සොයා ගැනීම ඩයිනොසෝරයන් කුරුල්ලන් බවට පත් වූයේ කෙසේදැයි තේරුම් ගන්න එක්තරා ආකාරයකින් උපකාර වේවි කියලයි විද්‍යාඥයන් කියන්නෙ. මෙම ඩයිනොසෝරයා හඳුනාගෙන ඇත්තේ බොනපාටෙන්කියුස් අල්ටිමස් Bonapartenykus ultimus කියායි.

 
සොයා ගත් ඩයිනොසෝර පොසිලය අනුව ඒ කුරුල්ලා කෙබඳු විය හැකිදැයි සිතා කළ චිත‍්‍රයක්.

 
වසර මිලියන 70ක් පැරණි වෙතැයි සොයා ගෙන ඇති ඩයිනොසෝර බිත්තර පොසිලයක්.

මෙම අස්ථි කොටස් පර්යේෂණයට ලක් කරන පාෂාණිධාතු විද්‍යාඥ ෆ්නැන්ඩු නොවාස් කියන්නේ අලූත් ම පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් ‘වත්මන් ඩයිනොසෝරයන්’ වන කුරුල්ලන්ට ඇති නෑදෑකම පහදා ගන්නට හැකි වන බවයි.

”කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ අත් දඬු දික්වෙලා තියෙනවා. ඒ වගේ ම වේගයෙන් දුවන්න හැකි වන විදියට පාද විශේෂයෙන් සකස් වී තියෙනවා. ඔවුන්ගේ අත් මුලින් යොදා ගෙන ඇත්තේ ගොදුරක් අල්ලා ගැනීමටයි. අවසානයේ දී මේ අත්දඬු පියාපත් බවටත්, ඩයිනොසෝර කොරපොතු පිහාටු බවටත් පත් වෙලා තියෙනවා.” යනු ඔහුගේ අදහසයි.

”මේ දිග අත්දඬු පිහාටුවලින් වැහෙන්න ඇති, මේ විදියට වෙනස් වෙමින් යන්න ඇති. පසු කාලයේ දී උල්කාපාතයක් වැටීම නිසා බොහෝ ඩයිනොසෝරයන් මිහිමතින් අතුගෑවී ගියා. නමුත් මාංශභක්ෂක ඩයිනොසෝරයන් කණ්ඩායමක් ඒ උපද්‍රවයෙන් දිවි ගලවා ගන්න ඇති. ඔවුන් තමා අද වෙන කොට කුරුල්ලන් බවට පත් වී ඇත්තේ.”

ඔහු කියන විදියට මේ කතාව වසර සිය දහස් ගණනකින් සිදු වූවක් නෙවෙයි. ”මේ කියන්නේ වසර මිලියන 230ක කතාවක්. වර්තමානයේ අප දකින පරවියන්, පැණි කුරුල්ලන්, ගිජුලිහිණියන්, උකුස්සන් ආදී කුරුල්ලන් බිහි වුණේ ඒ ඩයනොසෝරයන්ගෙන්.” ඔහු තවදුරටත් කියනවා.

 
පාෂාණධාතු විද්‍යාඥ ෆ්ර්නැන්ඩු නොවාස් ඔහුට හමු වූ පොසිලයක් පිරික්සමින්.

 
අද කුරුල්ලන්ට නෑකම් කියන ඩයිනොසෝර පොසිලයක්. මේ පොසිල වසර මිලියන 70කට පෙර ආජෙන්ටිනාවේ විසූ අලූත් ඩයිනොසෝර විශේෂයකගෙයි.

පාෂාණධාතු විද්‍යාඥයන් කියන්නේ මෙසේ හමු වී ඇති බිත්තරවලින් මේ නව සත්ව විශේෂ ගැන බොහෝ තොරතුරු හෙළි කර ගත හැකි වන බවයි. මේ නව සත්ව විශේෂය දිගු පා ඇති, වේගයෙන් දිවිය හැකි, අල්වාරෙස්සෞරිද් Alvarezsaurid නම් ඩයිනොසෝර පවුලට අයත් එකක් ලෙස දැන් හඳුනාගෙන තියෙනවා.

පර්යේෂකයන් කියන්නේ මෙම බිත්තර සංසේචනය වී කලලයන් පවා ඒවා තුළ වැඞී ඇති බවයි. සමහර බිත්තර ඩයනොසෝර මව මිය යද්දී ඇගේ කුස තුළ ම තිබී ඇති අතර ඇය විසින් දමන ලද ඒවා ඇගේ පොසිල අසල ම විනාශ නොවී ඒ ආකාරයෙන් ම ඔවුනට හමු වුණා.

වත්මන් කුරුල්ලන් හා ඩයිනොසෝරයන් අතර ඇතැයි කලින් සිතූ නෑකම විවාදයට තුඩු දීලයි, තිබුණේ. පාෂාණධාතු විද්‍යාඥ ෆ්ර්නැන්ඩු නොවාස් කියන්නේ මේ අලූතින් සොයා ගත් අස්ථි කොටස් පියෑඹිය නොහැකි රීයා කුරුල්ලකු වන නැන්ඩුගේ ඇට සැකිල්ලට සමාන නිසා ඒ තත්ත්වය වෙනස් වෙන බවයි. ඒ කුරුල්ලා දකුණු ඇමරිකාවේ පහළ කොටසේ, එකල පැටගෝනියාව යනුවෙන් හඳුන්වනු ලැබූ ප‍්‍රදේශයේ, විසූ එකෙක්.

”අල්වාරෙස්සෞරිද්ගේ ඇටසැකිල්ලෙහි කොටස් දකුණු ඇමරිකාවේ විසූ, එම ප‍්‍රමාණයේ ම පියෑඹිය නොහැකි කුරුල්ලකු වූ නන්ඩුට බොහෝ සේ සමානයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම පොසිල සොයා ගත් ජේමි පවෙල් විසින් ඒ කුරුල්ලාගේ බිත්තර පොකුරක් ද ඒ අසලින් ම සොයා ගැනීමයි. ඒ නිසා වසර මිලියන 80කට විතර ඉස්සර ආජෙන්ටිනාවේ විසූ මේ සතුන්ගේ ප‍්‍රජනන ක‍්‍රමය ගැන අවබෝධයක් ලබා ගැනීම අපට පහසු වුණා.” නොවාස් කියනවා.

මේ කටයුත්තට නායකත්වය ගත්තේ නොවාස්. ඒ සඳහා ඔහුය සහය වෙනවා ඔහුගේ ආජෙන්ටිනා ජාතික පර්යේෂක සගයා වූ ෆෙඞ්රිකෝ ඇග්නොලින් හා ජේමි පවෙල් යන දෙදෙනා.

මේ ඩයිනොසෝර විශේෂය මුලින් ම සොයා ගත්තේ ජේමි පවෙල් වුනත් මේ සතාට නම් තැබීමේ දී පසුව බොනපාටෙනිකුස් අල්ටිමස් කියා නම් කළේ 1990 ගණන්වල ප‍්‍රථම අල්වාරෙස්සෞරිද් සත්වයා සොයා ගත් ආචාර්ය ජෝශප් බොනපාට්ට ගරු කිරිමක් ලෙසයි.

දැන් මේ බිත්තර ප‍්‍රබල මයික්‍රොස්කෝප මගින් විශ්ලේෂණය කෙරෙනවා. එහි ඇතැම් ඒවාට දිලීර වර්ගයක් නිසා හානි පැමිණ තියෙනවා.

දැන් විශ්වාස කරන විදියට හොඳින් වැඩුණු මේ ඩයිනොසෝරයකු මීටර 2.6ක් (අඩි 8.5ක්) පමණ ඇති. ඔවුන් ජීවත්ව ඇත්තේ ගොන්ඞ්වානාවේ. අතීතයේ මෙසේ හැඳින්වුණේ මේ මහාද්වීපවල දකුණට බර ප‍්‍රදේශයයි. අද මෙය ආජෙන්ටිනාවේ රියෝ නෙග්රෝ පළාතේ කොටසක්.

Post a Comment

0 Comments