HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩිස්කවරි ෂටලය අවසන් ගමන් යන අසිරිය බලන්න!

ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය පසුගියදා යෝධ දොඹකරයකින් ඔසවා බොයිං 747 යානයක් මත තබනු ලැබුවා. ඒ එහි අවසන් ගමන යන්නයි. ඒත් ඒ යන්නේ අභ්‍යවකාශයට නොවෙයි. ඇමරිකාවේ වොෂින්ටනයේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයටයි. මින්පසු එය එහි හිඳිමින් කෞතුකාගාරය නරඹන්නට එන අයගේ නෙත් සිත් පිනවමින් ඉතිහාසයට එක් වනු ඇති.

 
ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය වොෂින්ටනයට යන්නට බෝයිං යානය මත නංවා ඇති අයුරු.

ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නාසා ආයතන තාක්ෂණික විශේෂඥයන්ට මෙය වොෂින්ටන් ගෙන යාම පමා කරන්නට සිදු වුණා, පසුගිය සතියේ පැවති දැඩි සුළං තත්ත්වය නිසා.
ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය කෙළින් ම බෝයිං 747 යානයෙන් කර තබා ගෙන යන්නේ ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපළටයි.

මෙම ඩිස්කවරි ෂටලය මුලින් ම උඩුගුවනට ගියේ 1984 දීයි. පසුගිය පෙබරවාරියේ දී අවසාන වතාවට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය උපකරණ හා උපාංග තොගයක් ප‍්‍රවාහනය කිරීමෙන් පසු උඩුගුවන් ගමන්වලින් ඉවත් කරනු ලැබුවා.

මෙම ඩිස්කවරි ෂටලය දැනට ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති එන්ටර්ප‍්‍රයිස් අභ්‍යවකාශ ෂටලය ප‍්‍රදර්ශනය කරන ස්ථානයේ තැන්පත් කෙරෙනවා. එන්ටර්ප‍්‍රයිස් ෂටලය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් තැනකට ගෙන යාමට සැලසුම් කර තියෙනවා.

ඒ අනුව මේ මස අවසානයේ දී එම එන්ටර්ප‍්‍රයිස් ෂටලය ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ගුවනින් ගෙන ගොස් එතැන් සිට විශාල බත්තලක ආධාරයෙන් මුහුදේ ගෙන යනවා. එය නිව්යෝක් නගරය අසල මුහුද ආශි‍්‍රත කර ගෙන ස්ථාපිත කර ඇති ‘ඉන්ට‍්‍රපිඞ් සී ඇන්ඞ් ස්පේස් මියුසියම්’ යනුවෙන් නම් කර ඇති සුවිශේෂ කෞතුකාගාරයෙහි ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කරන්නට නියමිතයි. ඇමරිකාවේ පැරණි යුද නැව්, සබ්මැරීන්, විශේෂ ගුවන් යානා ගණනාවක් මෙහි දැනටමත් ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා.

මේ කටයුත්ත ආරම්භයේ දී ඩිස්කවරි යානය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යානා එකලස් කරන ගොඩනැගිල්ලේ සිට පිටතට යෝධ දොඹකරයක ආධාරයෙන් ඔසවා ගෙන ආවේ, එය ගෙන යාමට විශේෂයෙන් සැකසූ ජම්බෝ ජෙට් යානයේ තැන්පත් කරන්නයි.

ඒ අවස්ථාවේ දී තද සුළඟක් ඇති වුණා. ඒ සුළඟ නිසා, රාත්තල් 167,000ක් බර අභ්‍යවකාශ යානය පැද්දෙන්නට වුණා. ඒත් වන විට කහ පැහැති එල්ලූම් පටියක් යානයේ බඳ වටා දමන්නට තාක්ෂණික ශිල්පීන් සමත් වුණා. ඒ නිසා යානය පහත් කිරීමේ දී කරදරයක් වුණේ නැහැ. ”අපට බයක් තිබුණේ සුළඟ නිසා යානය පැද්දී වේදිකාවේ වදියි කියලයි. ඒ නිසා අප එතැනින් එහාට ගියේ නෑ, තද සුළඟ නවතිනකම්” යානය ගෙන යාම භාරව කි‍්‍රයා කර බාට් පැනලෝ ඒ පිළිබඳව පැහැදිලි කිරිමක් කළා.

ඔවුන් නැවත වැඩ පටන් ගත්තේ පසුවදායි. වොෂින්ටන් යන පියසැරිය නියම කරගත් වෙලාවට ම කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ.

නාසා අභ්‍යවකාශ යානා අතරින් පැරණිම යානය තමා ඩිස්කවරි. එය පසුගිය වසර 27 තිස්සේ ගමන් වාර 39ක් උඩුගුවනට ගිහින් තියෙනවා.

දැන් එහි තිබුණ යළි ප‍්‍රයෝජනයට ගත හැකි වටිනා උපකරණ ඉවත් කර ගෙනයි, මේ අවසාන ගමන ගෙනි යන්නේ.



 
දැඩි සුළං නිසා යානය ගෙන යාම කල් දමා දින කීපයක් බලා සිටීමට ඔවුන්ට සිදු වුණා.

 
ඩිස්කවරි යානය ගෙන යාම සඳහා බොයිං යානය මත සවි කරන අයුරු, යානා දෙකේ විශාලත්වය ඔබට මෙයින් සිතා ගත හැකියි.

 
ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය වොෂින්ටනයට යන්නට බෝයිං යානය මත නංවන්නට පෙර ඒ සඳහා විශේෂයෙන් සැකසූ බෝයිං 747 යානය ස්ථාන ගත කරන්නට මොහොතකට පෙර.

 

 
ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය බෝයිං යානය මත හොවන්නට මග පෙන්වන අයුරු.

 
ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය ප‍්‍රවාහන ජෙට් යානයේ මත සවි කරන්නේ මේ අට්ටාලයේ ආධාරයෙන්.

 
දැඩි සුළං හේතුවෙන් ෂටලය ගෙන යාම අතර මග නතර කරන්නට සිදු වුණා.

 
වොෂින්ටනයට ගෙන යාම සඳහා ෂටලය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට ගෙනා අයුරු.

 
නාසා ෂටල අතර පැරණි ම ෂටලය වූ ඩිස්කවරි යානය වසර 27ක් තිස්සේ මෙහෙයුම් 39ක් උඩුගුවනට ගියා.

 
මෙම අභ්‍යවකාශ යානය මුල් ගමන ගියේ 1984 දීයි. පසුගිය පෙබරවාරියේ සිය අවසන් උඩුගුවන් ගමන ගියේ උඩුගුවනේ රඳවා ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය උපකරණ වගයක් රැගෙනයි.

 
රාත්තල් 167,000ක් බර ෂටල යානය තුළ ඇති වටිනා උපකරණ සියල්ල ගලවා ප‍්‍රදර්ශනයට සූදානම් කරන අයුරු.

 
කලින් ගමන - 2000 දී ඩිස්කවරි ෂටලය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගෙනා අයුරු.

 
ඩිස්කවරි යානය මෙසේ යන ගමන නිමා වන්නේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයෙන්.





Post a Comment

2 Comments