HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සූර්යයාගෙන් විහිදෙන ගිනි ජාලා අලංකාර රූප පෙළක්න්! වසර ගණනාවකින් දක්නට ලැබුණු ඉතා සිත්කළු දසුනක්!

සූර්යයාගෙන් විහිදෙන ගිනි ජාලා අලංකාර ලෙස ඡායාරූපයට නැඟුණු අවස්ථාවක්, මේ. පසුගියදා මෙවැනි ගිනිජාලා අහසට විහිදුණු අවස්ථාවේ දී සූර්යයා මතුපිට ඇති වූ පිපිරීම් නිසා අධිතාපයෙන් යුත් ප්ලාස්මා ධාරා සූර්යයාගෙන් ඈතට ගලා ගිය අයුරු මේ රූපවලින් පෙනෙනවා.

වසර ගණනාවකින් දක්නට ලැබුණු ඉතා සිත්කළු දසුනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. සූර්යයා මතුපිට ඇති වන තාපාධික ප‍්‍රචණ්ඩ සුළි කුණාටු වන මේවායින් විහිදෙන්නේ මකරකුගේ මුවින් විහිදෙන්නාක් මෙන් ගිනිජාලායි.

 
පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා රාති‍්‍ර 12ට පමණ දැවැන්ත ගිනි ජාලාවක් හිරුගෙන් පිටතට විහිදුණු අයුරු.

විද්‍යාඥයන් මේ අග්නි මේඝ හඳුන්වන්නේ M1 නමින් හඳුන්වන මධ්‍යම ප‍්‍රමාණයේ ඒවා ලෙසයි. සූර්යයාගේ වම් පසින් විහිදුණු මේ ගිනිජාලා ඡායාරූපයට නැඟූවේ ඒ සඳහා යෙදවූ සුර්යගතික නිරීක්ෂණාගාරයක් ලෙස උඩුගුවනට යැවූ අභ්‍යවකාශ යානයකින්.

‘සූර්යයා මතුපිට මහා පිපිරීම් රැසක් සිදුවෙනවා.’ නාසා විද්‍යාඥයන් අන්තර්ජාලය ඔස්සේ එය සිදු වෙන අවස්ථාවේ දී ඒ පිළිබඳව මහජනයා දැනුවත් කළා. ‘මෙවැනි ගිනිජාලා විහිදෙන්නේ සූර්යයා මතුපිට පිපිරීම් ඇති වූ විටයි. සූර්යයාගේ ස්කන්ධය මෙසේ පිටතට විහිදෙද්දී හැම විට ම පොළොවට එයින් ලොකු බලපෑමක් ඇති වන්නේ නැහැ.

ඒවා අපේ දිහාවට විහිදෙන විට ප‍්‍රබල මට්ටමේ ඒවා නම් පොළොවේ උත්තර ධ්රුවයේ හා දක්ෂිණ ධ්රුවයේ සිදු වන ආලෝක සංදර්ශන ලෙස සලකන ඌෂාලෝකය වැනි සංසිද්ධි හට ගන්න පුළුවන්.

මෙම සූර්ය ගිනිජාලා වර්ග කර ඇත්තේ C, M හා X යන ඉංගී‍්‍රසි අකුරුවලින්. X වර්ගයේ ඒවා තමා වඩාමත් ප‍්‍රබල ඒවා වන්නේ. එවැනි පිපිරීම් ඇති විට නිකුත්වන සූර්ය ජාලා පොළොව දෙසට එල්ල වුණොත් පෘථිවිය වටා යමින් ඉන්නා අභ්‍යවකාශගාමීන්ට හා යානාවලට හානි සිදු වන්න පුළුවන්. අපේ බලශක්ති ජාලාවලටත් ඒ වගේම බිම ස්ථාපිත කර ඇති සන්නිවේදන හා නාවුක හා ගුවන් ගමන් මෙහෙයුම් පද්ධතිවලට ඒවායින් හානි සිදු වන්න පුළුවන්.

පසුගිය දා අප ඔබට මේ සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයේ වෙනස් වී සිදු වන බව කීවා ඔබට මක ඇති. සූර්ය ලප ගණනාවක් ඇති වීමත්, සූර්යයා මතුපිට විශාල පිපිරීම් සිදු වීමත් නිසා යම් යම් බලපෑම් සිදු වන බව අප එහි දී සඳහන් කළා. මෙහි දි සිදුවන බලපෑම දරා ගන්නට අපේ අභ්‍යවකාශ යානාවලටත් ගුවන්යානාවලටත් අපහසු වේවි කියලයි, විද්‍යාඥයන් අනතුරු අඟවන්නෙ.

සුර්යයාගේ චුම්බක ක්ෂෙත‍්‍රයේ සිදු වන වෙනස්කම් නිසා අපට සක්වළෙන් එන අන්තරීක්ෂණ කිරණවලින් වන හානිය වළත්වන්න නොහැකි තත්වයක් උදා වෙන්න පුළුවන්. අහස් යානාවල හා අභ්‍යවකාශ යානාවල යන මිනිසුන් මේ විකිරණ නිසා පිළිස්සීම්වලට ලක් වෙන්න ඉඩ තියෙනවා.

අභ්‍යවකාශ යුගයේ දීම මෙවැනි ඉහළ මට්ටමේ අසාමාන්‍ය සූර්ය කි‍්‍රයාකාරීත්වයන් සිදු වීම එක් අතකින් විස්මයට කරුණක්. හිම තට්ටුවල අයිසටෝප්වලින් හා ගස්වල වළලූවලින් අපට කියන්න පුළුවන් වෙලා තියෙනවා, පසුගිය වසර 9,300ක කාලයක් තිස්සේ සිදු වූ මෙවැනි බලවත් සූර්ය විපර්යාසයන් 24කින් ප‍්‍රබලතම එකක් මෙසේ සිදුවී ඇති බව. අනාගතයේ දී සූර්ය චුම්බක ක්ෂේත‍්‍රයේ මෙවැනි විපර්යාස සිදු වීම අඩුවේවි.

මේක හොඳ ආරංචියක් වගේ පෙනුනට සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයේ වෙනස්කම් නිසා පෘථිවිය, පිටසක්වලින් එන හානිදායක අන්තරීක්ෂක කිරණවලට ලක් වීමේ අවදානම වැඩි වෙනවා. ඒ වගේ සූර්ය කුණාටු මෙයට වඩා ප‍්‍රචණ්ඩ විය හැකියි.

 
යෝධ ගිනිජාලාවක්: නාසා ආයතනයේ සුර්ය ගතික නිරීක්ෂණාගාරය විසින් ගන්නා ලද ඡුායාරූප කීපයක්. මේවා මිනිත්තු 15කට වරක් ගන්නා ලද ඒවායි.

 
ගිනිජාලා විහිදීම ආරම්භ වී පැයකට පමණ පසු ගන්නා ලද ඡායාරූපයක්.

 
තවත් පැය කාලාකට පසු ගිනිජාලා විහිදුණු හැටි.

 
සූර්ය ජාලා විදාරණය වීම් පාරාජම්බුල කිරණ පෙරණයකින් ගත් රූප පෙළක්.

එංගලන්තයේ බර්ක්ෂයර් හී රීඩින් විශ්ව විද්‍යාලයයේ ලූක් බානාඞ් කියන විදියට සූර්ය කී‍්‍රයාකාරිත්වයන් අඩු වුවත් සක්වළින් එන අන්තරීක්ෂණ 1.5කින් වැඩි වන නිසා හානියේ අඩුවීමක් වෙන්නේ නැහැ. සැම සියවසකට ම වරක් පොළොව දෙසට යෙමු වුණු මෙවැනි දරුණු සූර්ය පිපිරීම් 8ක් සිදු වෙතැයි ගණන් බලා තියෙනවා.

”පිටසක්වළින් එන විකිරණ අපටත් අපේ ඉලෙක්ට්‍රොනික පද්ධතිවලටත් අනාගතයේ දී බරපතල ගැටලූ ඇති කරාවි. අපේ නිරීක්ෂණවලට අනුව එන දශකවලදී මේ තත්ත්වය වඩාත් දරුණු විය හැකියි. ඒවායින් වන හානි අවම කර දෙන්නට අපේ ඉංජිනේරුවන් විසිනි යම් යම් පියවර ගත යුතු වෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.







Post a Comment

2 Comments

  1. ලස්සනයි තමා,
    අර කියනවනෙ කකුළුවාට වතුර හැලිය රත්වෙනකොට ඒකත් හෙන ආතල් කියල.

    ReplyDelete
  2. SOORYAYA KIYANNE GINI GENA DEWENA BOLAYAK

    ReplyDelete