HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වතුර බින්දුවක් තුළ දැවැන්ත යුද්ධයක්! ඒ අසාමාන්‍ය, බිහිසුණු සිදු වීම කැමරාවට!


වතුර බින්දුවක් තුළ දැවැන්ත යුද්ධයක් ඇති බව ඔබ දන්නෙහිද? අන්වීක්ෂයෙන් ගත් මේ වීඩියෝවෙන් ඒ ක්ෂුද්‍ර ජීවීන් අතර සටන දැන් ඔන්න ඔබටත් දකින්න පුළුවන්.

කවුරුන්ද හිතුවේ නිසල ජලය තුළ මේ වගේ භායනක දේ සිදු වෙනවා ය කියලා?

ඕස්ටේ‍්‍රලියාවේ බහුමාධ්‍ය කලා උපාධිධරයකු වූ ක්ලෙමන්ස් වර්ත් මේ ජල බිඳුවක් තුළ වන මෙම අසාමාන්‍ය, බිහිසුණු සිදු වීම කැමරාවට නඟලා තියෙනවා.

මෙහි ඉන්නා සතුන් හරියට ඔබේ භයානක හීනවලින් පෙනෙන සතුන් වගෙයි. ඒත් මේ ක්ෂුද්‍ර ජීවීන් එන්නේ කෙළින් ම ගෙදර පයිප්ප කරාමයෙනුයි.

ජල බිඳුවක් තුළ හමුවන බිහිසුණු පෙනුමැති ක්ෂුද්‍ර ජීවියෙක්.

මේ නපුරු පෙනුමැති ක්ෂුද්‍රජීවියා මිලියන ගණනක් විශාලනය කළොත් ඔබ බලන්නවත් අකමැති වේවි.



වර්ත් මෙම රූප කැමරාවට නගා ඇත්තේ කැනොන් කැමරාවක් උපාංගයක් මගින් මයික්‍රොස්කෝපයකට සම්බන්ධ කිරීමෙන්.

වර්ත් ප‍්‍රායෝගික විද්‍යා පිළිබඳ සැල්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ උගත් අයෙක්. ඔහු මේ වීඩියෝව හඳුන්වන්නේ ‘මයික්‍රො අධිරාජ්‍යය’ කියලයි. ‘මෙහි ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා ජීවින් අතර ක්ෂුද්‍රජීවී මට්ටමේ යුද්ධයක් සිදු වෙනවා. හදවත මොහොතකට නවතින තරම්. මෙය සැබෑ මයික්‍රොසිනමාත්මක අත්දැකීමක්’ ඔහු එහෙමයි, එය හඳුන්වන්නේ.

‘කුඩා දේ ගැන උනන්දුවක් දක්වන අයෙක් හැටියට මට හිතුනා, ක්ෂුද්‍ර ලෝකයේ ඇතුළතට ම යන්න. ඒ නිසා මම මයික‍්‍රස්කෝපයක උපනෙත තුළින් ඒ දිහා බැලූවා.’ ඔහු පවසනවා.

‘ඇත්තෙන් ම එහි විස්තර විස්මයජනකයි. මේ කුඩා ලෝකය කොයිතරම් සංකීර්ණද? මේ පුංචි වතුර බින්දුවක් තුළ මේ තරම් දෙයක් සිදුවෙනවාදැයි සිතා ගන්නත් බැහැ.’

මේ ක්ෂුද්‍ර ජීවීන් කැමරාවට නඟන්න ඔහු යොදා ගත් ක‍්‍රමවේදය හඳුන්වන්නේ ‘අඳුරු ක්ෂේත‍්‍ර මයික‍්‍රස්කොපි ක‍්‍රමය’ කියලයි. මෙහි දී පසුතලය තද කළු පැහැයෙන් තමයි දිස්වෙන්නේ.


වර්ත් කියන්නේ මේ වීඩියෝව ‘සැබෑ මයික්‍රොසිනමාත්මක අත්දැකීමක්’ කියලයි.

මෙහි දී ක්ෂුද්‍ර ජීවීන් කැමරාවට හසු කර ගැනීමට ඔහු විශේෂ ක‍්‍රමවේදයක් භාවිත කළා. එය හැඳින්වෙන්නේ ‘අඳුරු ක්ෂේත‍්‍ර මයික‍්‍රස්කොපි ක‍්‍රමය ‘dark field microscopy’ කියලයි. එය කි‍්‍රයා කරන්නේ කැමරාවක් මයික‍්‍රස්කෝපයක් සමග උපාංගයක් මගින් යා කිරීමෙනුයි. මෙහි දී ඔහු යොදා ගත්තේ කැනන් 5ඞීමාක්ටූ Canon 5dmarkII කැමරාවක්.

ඉන් ලද ප‍්‍රතිඵල විස්මිතයි! ලොම් සහිත ක්ෂුද්‍ර ජීවීන් එකිනෙකා හා පැටලී මිනිත්තු 15ක් තිස්සේ සටන් කරන අයුරු අදහන්නත් බැරි තරම්!

මෙහි ඇති එක් මයික්‍රෝබයක් වන වොල්වොක්ස් වසර මිලියන 200ක් තරම් පැරණි එකක්. කොච්චර නම් කලක් බලා ඉඳලා තියෙනවද මේ විදියට අවධානයට ලක් වෙන්න.

Post a Comment

6 Comments

  1. සුපිරි ක්ෂුද්‍ර අද්දැකීමක්! ස්තුතියි මල් කැකුලු

    ReplyDelete
  2. විශ්මිතයි අපෙ ඇසට පෙන දෙ කොතරම් සිමා සහිතද. මෙ මෙ ක්ෂුද්‍ර ලොකය ගැන තවත් ලිපි වලින් දැන ගන්න කැමති .

    ReplyDelete
  3. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි බලාගෙන යනකොට පොඩිම එකාගේ ඉදලා හැමෝම ගහගන්නවානේ
    හොද සොයාගැනීමක්...

    ReplyDelete
  4. අපෝ අපි වතුර බොනකොට ඕකුන් මිලියන ගැන පෙවනේවනේ හැබැට උණු කරලා බොන්න ඕන මිට පස්සෙවත්.

    ReplyDelete
  5. උණු කරලා බොනවයි කියන්නේ සූප් බොනවයි කියන එකනේ

    ReplyDelete