HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපි‍්‍රකානු ජනකතාවක් : බළලා, බලවතා හා බවලතා

බළලා මිනිස් වාසයට ඒමට පෙර කාලයේ කැලේ හැසිරෙද්දි, ලොකු ශක්තිමත් සතකු දක්නට ලැබුණා. ඒ සිංහයා බව දැන ගත්තා.

‘සිංහයා තමයි බලගතු ම සතා. ඒ නිසා සිංහයා එක්ක යාළු වෙන්න  ඕනෑ.’ එහෙම හිතපු බළලා, සිංහයා එක්ක යාළු වුණා. යාළු වෙලා සිංහයා එක්ක එකට කැලේ එහෙ මෙහ ගියා. එහෙම යනකොට දවසක් අතරමග දි මහා විශාල, ලොකු ම ලොකු ම සතෙක් හමු වුණා. ඒ තමා අලියා.

අලියාත් සිංහයාත් අතර සටනක් ඇති වුණා. අලියා සිංහයා ඔසවා පොළොවේ ගසා මරා දම්මා.
බළලාට තම බලවත් මිතුරාට වූ දේ ගැන හුඟක් දුක හිතුණා. ඒත් කරන්න දෙයක් නෑ. බළලා හිතුවා අලියා තමයි බලවත් ම සතා කියලා. එහෙම හිතල අලියා එක්ක යාළු වුණා.


ඊට පස්සේ අලියා එක්ක තමයි බළලා කැලේ එහෙ මෙහෙ ගියේ. ඔහොම යද්දී දවසක් ඔවුන් දෙදෙනාට දඩයක්කාරයකු මුණ ගැහුණා. දඩයක්කාරයා අලියාට වෙඩි තබා මරා දැම්මා.

අලියාට වෙච්ච දේ ගැනත් බළලාට දුක හිතුණා. ඒත් බළලා හිතුවා දඩයක්කාරයා තමයි ලෝකෙ ලොකු ම බලවතා’ කියලා. එහෙම හිතලා දඩයක්කාරයාගෙන් මෙහෙ ඇහුවා: ”මං තමුන්නාන්සේ එක්කලා යන්න එන්න ද?”

”හොඳයි, එහෙනම් යමු මගේ ගෙදර” දඩයක්කාරයා  කීවා.

බළලා දඩයක්කාරයා සමග එයාගෙ ගෙදරට ගියා. ඒ යන කොට දඩයක්කාරයාගේ බිරිඳ දොරකඩ ළඟ බලා ඉන්නවා. ගෙදරට ගොඩවෙනවත් එක්කම බිරිඳ දඩයක්කාරයාගේ තුවක්කුව ගත්තා. ඒ එක්කම දඩයම් කර ගෙන ආ දේත් ගත්තා. අරගෙන ගේ ඇතුළට ගියා. දඩයක්කාරයා එළියේ වාඩි වුණා.

බළලා මේ සියල්ල දිහා හොඳින් බලා සිටියා. බළලාට ඒවා පෙනුණේ බලෙන් උදුරා ගන්නවා වාගෙයි. ‘දඩයක්කාරයාට වඩා එයාගෙ බිරිඳ බලවත්. එයා එක්ක යාළුවෙන්න  ඕනෑ.’ බළලා හිතුවා.

එහෙම හිතපු බළලා ඒ බවලතා සොයා කුස්සියට ගියා. බළලා හැම තිස්සේ ම කුස්සියට වී ගැහැනිය ගේ දෙපතුල ළඟ සිටින්නේ එදා සිටයි.

Post a Comment

2 Comments

  1. හෙහ් පට්ට කතාව ඒක...:)

    ReplyDelete
  2. ඊලගට පූසා, ගෙම්බෙක්,කැරපොත්තෙක් ගාවට යයිද දන්නේ නෑ (බවලත්තු ගෙම්බන්ට,කැරපොත්තන්ට හරි බයයිනේ

    ReplyDelete