HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ මිල අධික ම තේ කෝප්පයක් බොන්න ඔබ කැමතිද? මිලෙන් ඉහළ වගේ ම ගුණෙනුත් ඉහළයි!

ලෝකයේ මිල අධික ම තේ කෝප්පයක් බොන්න ඔබ කැමතිද? කැමති නම් ඔබට බොන්න ලැබෙන්නේ අමුතු තේ වර්ගයක්. එය මිලෙන් ඉහළ වගේ ම ගුණෙනුත් ඉහළයි.

මේ විශේෂ තේ කෝප්පය ලොවට හඳුන්වා දෙන්නේ චීන ව්‍යාපාරිකයෙක්. ඔහු ඒ එක තේ කෝප්පයකට ඔහු ඩොලර් 200ක මුදලක් (දළ වශයෙන් රුපියල් 26,000ක් පමණ) අය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔහුගේ මේ විශේෂ තේ වර්ගය වවන්න පොහොර වශයෙන් යොදා ගන්නේ පැන්ඩා පූ Panda Poo හෙවත් පැන්ඩා වසුරු(බෙටි)යි.



”මට උවමනා වුණේ ලෝක ජනතාවට පණිවිඩයක් දෙන්න, ඉවතලන දේ ප‍්‍රයෝජනවත් විදියට යොදා ගැනීම ගැන. ප‍්‍රතිචක‍්‍රීකරණ කි‍්‍රයාවලිය මගින් කාබනික පොහොර යොදා ගෙන කරන වගාවක් ගැන.” මෙහෙම කියන්නේ චීන ජාතික තේ නිෂ්පාදකයෙක්. 41 හැවිරිදි ඔහු මේ වාර්තාවේ දී නම හෙළි කර නැහැ. චීනයේ යැන්සි වැසියෙක් කියල විතරයි සඳහන් වෙන්නෙ.

ඔහු මෙහි දී ඔහුගේ තේ වගාවට කාබනික පොහොර වශයෙන් යොදා ගන්නේ පැන්ඩාවන්ගේ වසුරු යි. ලෝකයේ ඉතා දුර්ලභ සත්ව විශේෂයක් වූ පැන්ඩා ආහාරයට ගන්නේ උණ ගසේ කොළ හා මොටෙයියන් විතරයි. එසේ ආහාරයට ගන්නා දෙයෙහි අඩංගු පෝෂකවලින් පැන්ඩාගේ සිරුර මගින් අවශෝෂණය කර ගන්නේ සියයට 30ක් විතරයි. ඒ නිසා පැන්ඩා වසුරුවලින් තැනෙන පොහොර ගුණාත්මක බවින් ඉතා ඉහළයි. ”පැන්ඩාවන් හරියට කාබනික පොහොර නිපදවන මැෂින් වගේ.” ඒ නිෂ්පාදකයා කියනවා.

මේ පොහොර යොදා වගා කළ තේ ගස්වලින් ගන්නා තේ ග්රෑම් 50ක් ඩොලර් 3,500කට අළෙවි කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා. මෙය දළ වශයෙන් රුපියල් 4,55,000ක්. කවුරුන්ද ඉතින් මේ තරම් මිලකට තේ බොන්නේ? ඔහු කියන්නේ මේ තේ මේතරම් මිල අධික වීමට හේතුව මෙහි නිෂ්පාදන වියදම ඉතා අධික නිසයි. ඔහු මේ තේවල මුල් ම තොගයෙන් ලැබෙන ලාබය පරිසරය සුරැකීමේ අරමුදලකට යවන්නට බලාපොරෙත්තු වෙනවා. අනාගතයේ දී මේ තේවලට මේ තරම් මිලක් පාරිභෝගකයාට ගෙවීමට සිදු නොවන බවයි, ඔහු කියන්නේ.

පැන්ඩාවන්ට කවුරුනුත් ආදරෙයි. ඔවුන් පෙනුමෙන් ඉතා පි‍්‍රයජනක සතුන්. යූ ටියුබ් එකෙත් වැඩියෙන් ම නරඹන සතා තමයි, පැන්ඩා. ඔබටත් මේ වීඩියෝවෙන් පැන්ඩා නැරඹිය හැකියි.


චීන වනජීවී විශේෂඥයකු කියන්නේ දැන් මේ නව තේ වර්ගය නිසා ලෝක ජනතාව පැන්ඩා පූ දකින්නත් කැමති වේවි කියලයි. ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින අංක එකේ සතාගේ වසුරු යොදා ගෙන තනන පොහොරවලින් සරුවට වැඩෙන තේ දල්ලෙන් නිපදවන ‘ගී‍්‍රන් ටී’වලටත් ඒ වගේ ම කැමති වෙනවා නොඅනුමානයි. හේතුව ඒවා සාමාන්‍ය ‘ගී‍්‍රන්’ ටීවලටත් වැඩියෙන් ගුණදායක නිසා. පිළිකා වැළැක්වීමේ ගුණයක් උණ ශාකයේ තියෙනවා කියලයි චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් කියන්නේ. ඒ ගුණය මේ පොහොර මගින් තේ දල්ලට එකතු වී වෙනත් ගී‍්‍රන් ටීවල නැති ගුණාත්මක බවක් ලැබෙනවා කියලයි ඔවුන් පවසන්නේ.



(රොයිටර් වාර්තාවකින් සැකසිණ.)

Post a Comment

2 Comments

  1. හපෝ ගනං වැඩියි !!!!

    ReplyDelete
  2. කොහොම උනත් වෙනස් අපූරු අදහසක්..

    ReplyDelete