ලෝකයේ ඉපැරණිම මැක්කෙක් සොයා ගනියි! අද මැක්කාට වඩා 5-10 ගුණයකින් විශාලයි, ඒත් පනින්න බැහැ! යෝධ ලේ උරා බොන්නෝ!

මෙතෙක් හමූ වී ඇති විශාලතම මැක්කා අද අප දකින මැක්කාට වඩා පස් ගුණයකින් හෝ දහ ගුණයකින් විශාලයි. මීසෝසොයික යුගයේ සිටි මේ මැක්කන් පැන්නේ නැත. ඒ වෙනුවට ගියේ බඩගා ගෙනයි.

 
මධ්‍යම ජුරාසික යුගයට අයත් මේ මැක්කාගේ ගැහැනු සතා වමේ, පිරිමි සතා දකුණේ

ඉපැරණිම මැක්කන් අද ඉන්නා ලේ උරා බොන මැක්කන්ට වඩා පස් ගුණයක් හෝ දස ගුණයක් හෝ අතර ප‍්‍රමාණයක් විශාලයි. අලූත් පර්යේෂණයකින් තමයි, මේ බව හෙළි වී තියෙන්නෙ. ඒත් ඔවුන්ට අද එවුන්ට වාගේ පනින්න බැහැ. ඉපැරණිම ලේ උරා බොන්නන් තමයි, ඉපැරණිම මැක්කන්. ලේ උරා බොන පරපෝෂිතයන්ගේ ඉපැරණිම නිදර්ශනයන් ලෙස සැලකෙන පොසිල වාර්තා අධ්‍යයනය කළ පැරීසියේ නැෂනල් ඩි’හිස්ටොරි නැචුරාල් කෞතුකාගාරයේ පර්යේෂකයකු වූ ආන්ද්‍රෙ නෙල් තමයි, මේ මතය ඉදිරිපත් කරන්නේ.

”මේ ඉපැරණි මැක්කන්ට වර්තමාන මැක්කන්ට මෙන් සවිමත් පසු පාද තිබුණේ නැහැ.” නෙල් කියනවා. ”ඔවුන්ගේ ජීව හා චර්යා ස්වභාවයන් ඇත්තෙන් ම වෙනස්. ඔවුන් වඩාත් සමාන වන්නේ කෙස් හා ලොම් අතර වෙසෙන පරපෝෂිතයන් වන උකුණන්ටයි.” නෙල් වැඩිදුරටත් විස්තර කරනවා. චීනයේ පාෂණ අතර තිබී හමු වූ පොසිල නිදර්ශන නවයක් පරීක්ෂා කර විශ්ලේෂණය කරන්නට නෙල් ඇතුළු පර්යේෂක කණ්ඩායමට අවස්ථාව ලැබුණා.

මේ මැක්කන් ජීවත් වුණේ මීසෝසොයික යුගයේයි. වසර මිලියන 250ත් වසර මිලියන 65ත් අතර කාලයෙයි, මේ යුගය පැවතියේ. ජුරාසික යුගයත් මීට අයත්. අද මැක්කන් හා සසඳන විට ඒ සතුන් දැවැන්තයි. එක් ගැහැනු සතකුගේ සිරුරේ දිග සෙන්ටි මීටර් 2ක් විතර වෙනවා. මේ අධ්‍යයනයේ තවත් පර්යේෂකයකු වූ ඩියින් හුවාන් කියනවා. ඔහු චීනයේ නැන්ජින්හී චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයෙක්. නවීන මැක්කන් මිමි 3කට වඩා දිගු වන්නේ නැහැ.

”එදා මැක්කන්ගේ විශාල ප‍්‍රමාණයත් සවිමත් මුව කොටසත් නිසා ඩයිනොසෝරයන් වැනි දැවැන්ත සතුන්ගෙන් පවා ලේ උරා බොන්න ඔවුනට පුළුවන්. ඔවුන්ගේ නාළ සහිත දිගු දත්වලින් ඩයිනොසෝරයකුගේ වැනි ඝනකම සහිත සමක් වුනත් විද ලේ උරා බොන්න පුළුවන්.” හුවාන් ‘ලයිව් සයන්ස්’ සඟරාවට කියනවා.

මෙම පොසිල එකතුව ඇත්තේ චීනයේ නැන්ජින් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාත්මක හා පොසිලවේදීය අංශයේයි. මෙයින් පොසිල පරිණාමයේ මෙතෙක් සොයා නොගත් ඉඩසක් සම්පූර්ණ වෙනවා. නෙල් පවසනවා. මැක්කන්ගේ ආදීමයන් ජීවත්වුණේ ශාක දියර ආහාරයට අර ගෙනයි. පසුව සමහර මැක්කන් ශාක අතහැර සතුන්ගේ සිරුරුවලට මාරු වෙලා ලේ උරා බොන්නන් බවට පත් වුණා. කාලයාගේ ඇවෑමෙන් මේ පරපෝෂිතයන්ගේ පියාපත් නැති වී ගිහින් ඒ වෙනුවට සත්කාරයන්ගේ ලෝම හා පියාපත් අල්ලා ගත හැකි වන පරිදි පාද ඔවුන්ගේ සකස් වුණා.

තවමත් පොසිල වාර්තාවලට පැහැදිලිව එක්වී නැහැ, ඔවුන්ගේ දෙපා මෙසේ විස්මිත අයුරින් වර්ධනය වූයේ කෙසේද කියා. ඒවාට ඔවුන්ගේ සිරුරවල දිග මෙන් 50 ගුණයේ සිට 100ක් ගුණයක් දක්වා දුරක් පනින්නට හැකියාව ලැබුණු හැටි පැහැදිලි වන සාධක අඩුයි.

ජුරාසික යුගයේ විසූ මේ ලේ උරා බොන්නන් ගැන ලොකු විස්තරයක් පසුගිය පෙබරවාරි 29 වැනිදා ‘නේචර්’ සඟරාවේ පළ වුණා.

Source: Discovery

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. මුන් ආක්‍රමණශීලි ද දන්නැ... අපොයි හීනෙං බය වෙන තොරතුරක් :)

    ReplyDelete