HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද ජගත් මිහිතල දිනයයි. මෙවර තේමාව ‘මිහිතලය සුරැකීමට ලොව ම එක්රැස් කරමු’!

මේ සංකල්පය බිහි වූයේ ඇමරිකාවෙන්. මිහිතල දිනය ආරම්භ වූයේ ඇමරිකන් සෙනේට් මන්තී‍්‍ර ගේලෝඞ් නෙල්සන් ගෙනා යෝජනාවක් මතයි. ඔහු මේ යෝජනාව ගෙනාවේ 1969 කැලිෆෝනියාවේ සැන්ටා බාබරාවල සිදු වූ දැවැන්ත තෙල් කාන්දුව දැක ඇති වූ කම්පනය නිසයි.

 
මේ හංගේරියාවේ බුඩාපේස්ට්වල ට්රෑම් රථයක් ගහකොළවලින් සරසා මිහිකත දිනය සැමරූ අයුරු.


ජගත් මිහිතල දිනයේ මෙවර තේමාව ‘මිහිතලය සුරැකීමට ලොව ම එක්රැස් කරමු’ යන්නයි. ඒ වෙනුවෙන් පරිසරය හරිත පැහැ කිරීමේ කාර්යයන් බිලියනයක් ඉටු කිරීමට එක් වන්නැයි ජගත් මිහිතල දිනයේ සංවිධායකයන් ලොව පුරා පරිසරවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. පැළයක් සිටු වීම, නිවසේ විදුලි පහන් නිවා දැමීම, ගස් කපා දැමීමෙන් වැළකී සිටිම, දේශීයව වැවෙන දේ ආහාරයට ගැනීම, නිර්මාශික වීහ, පරිසරය අපවිත‍්‍ර නො කිරීම, පරිසරයට හානිකර ඉන්ධන භාවිත කරන වාහන භාවිත නොකිරීම ආදියෙන් පරිසරයට යහපතක් සිදුවන කා්රයයන්හී යෙදීම හරිත පැහැ කිරීමේ කාර්යයන් ලෙස සැලකෙනවා.

 
මේ පාකිස්ථානයේ හයිද්‍රාබාද් නගරයේ සින්ද් විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ මිහිකත දින සැමරුම.

 
මිහිතල දින සැමරුම වෙනුවෙන් හංගේරියාවේ ඩෙබ්රසෙන් නගරයේ වැසියන් පැවැත්වූ පාපැදි රැලිය

 
පිලිපීනයේ කලින් මිහිකත රැජින ලෙස කිරුළු පැලඳ සිටි සැන්ඩ‍්‍රා සීෆ්ර්ට් මිහිතල දිනය වෙනුවෙන් නිර්මාංශ වෙමු යන තේමාව යටතේ සිරුර ලෝක සිතියමක් ලෙස පින්තාරු කර ගෙන.

Post a Comment

0 Comments