HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ සූට්! අම්මලා තාත්තලාට සුබ ආරංචියක්!

දරුවාගේ තත්වය ඔබට කියා දෙන ‘ජෛව සංවේදක’ ඇඳුමක් දැන් නිපදවලා තියෙනවා. ඒක නම් කර තියෙන්නේ ‘එක්ස්මෝබේබි’ ඇඳුම කියලයි. ඒ ඇඳුමට, උණකටුවක්, හදගැස්ම (හෘද ස්පන්දනය) දක්වන උපකරණයක්, චලන සංවේදක උපකරණයක් ඇතුළත්. මේ උපකරණවලින් දරුවාගේ තත්වය, මොහොතින් මොහොත දන්වන්න පුළුවන්. බබා නිදියනවා වෙනුවට එහාට මෙහාට පෙරළෙනවාද යන්න පවා දෙමාපියන්ට දන්වනවා, ඊමේල් මගින් හෝ කෙටි පණිවිඩ මගින්.

එක්ස්මෝබේබි ඇඳුම තුළ සංවේදක තැන්පත් කර තියෙනව, මාපියන්ට බබාගේ තත්වය ගැන කිව හැකි.


ඇඳුමේ ඇති සංවේදක, දරුවාගේ තත්වය විමසා බලා සියලූ විස්තර කුඩා ස්මාට්ෆෝන් උපාංගයක් හා බැඳුණු සම්පේ‍්‍රෂණ උපකරණයක් මගින් මිනිත්තුවකට සැරයක් මාපියන් ළඟ තියෙන ග‍්‍රාහක උපකරණයකට යවනවා. මේවා භාවිතයට හුරු වූ පසු තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි මේ උපකරණ සකසා ගන්නත් දෙමාපියන්ට පුළුවන්.

මේ ඇඳුම් කට්ටලය සෝදන්නත් පුළුවන්. එහි ඇති ස්මාට්ෆෝන් උපාංගයට හානි වෙන්නේ නැහැ.
මෙහි ඇති මෘදුකාංගය මගින් දරුවාගේ කලින් කායික තත්වයන් මතකයේ තබා ගෙන, දරුවාට බඩගිනි ඇති වීම, වෙහෙසකර ගතියක් ඇති වීම වැනි දේ, අනාගතයේ දී එවැනි තත්වයන් ඇති වීමට පෙර ඒ බව කල්තියා දැනුම් දෙන්නත් පුළුවන්.

මේ විස්මිත ඇඳුම් කට්ටලය දැනටමත් එංගලන්තයේ රෝහල්වල අත්හදා බැලීමට පටන් අරන්.  මීළඟ පියවර හැටියට එක්ස්මෝබේබි උපකරණය නිවෙස්වල දරුවන් සඳහා අත්හදා බැලීමට ස්වේච්ඡාවෙන් භාවිත කරන්න කැමති අයට ඉදිරිපත් වන ලෙස එය නිපදවන සමාගම දැනටමත් ඇරයුම් කරලයි තියෙන්නෙ.


 
මේ රූප සටහනෙන් දැක්වෙන්නේ සංවේදක හා සම්පේ‍්‍රෂණ උපකරණ සවි කර ඇති තැන්.

මේ තමා ඒකස්මෝබේබි ඇඳුම සමග මාපියන් වෙනම භාවිත කරන මෙම ස්මාට් උපකරණය. බබාගේ ප‍්‍රථම සන්නිවේදන මෙවලම ලෙසයි නිෂ්පාදන සමාගම මෙය හඳුන්වන්නේ.

මේ එක්ස්මෝබේබි ඇඳුමේ නූල් අතරටම තමයි, සන්නයනක කෙඳි හා සංවේදක යොදා ඇත්තේ.
”මාපියන් අත ඇති ස්මාට් ෆෝනයෙහි තිරයේ බබාගේ හද ගැස්ම, මානසික තත්වය, කි‍්‍රයාකාරී මට්ටම දැක්වෙන අයිකන දිස්වෙනවා. මාපියන්ට ඒවා එසැණ ම බලා ගන්න පුළුවන්.” එක්ස්මෝබේබි ඇඳුම නිපදවන සමාගම කියනවා.

”මේක හුඟක් වැදගත් වෙනවා, පළමු බබා හම්බවෙලා අලූතින් වැඩට යන අම්මලාට. ගෙදර ළමයින් බලා ගන්නා අයකුට හෝ එවැනි දිවා සුරැකුම් හලකට හෝ දමා යන දරුවා ගැන සිතා දුක්වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔබ කොහේ හිටියත් මේ නව ඇඳුම හා ස්මාට් උපකරණය මගින් ඔබේ ස්මාට් ෆෝනයට හෝ ඔබ ඉදිරියේ ඇති පරිගණකයට හෝ දරුවා ගැන තොරතුරු එසැණ ලබා ගන්න පුළුවන්. දරුවා හොඳින් බලා ගන්නවාදැයි සැක හැර ඔබට දැන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, නින්දේ දී හදිසියේ හුස්ම නොවැටී යාම (ඇප්නියාව) වැනි ළදරු මරණවලට හේතුවන හදිසි තත්වයන් ඇති වීමත් කල් තියා දැන ඉක්මනින් ම කිරීමටත් මෙයින් මග පෑදෙනවා.” ඒ සමාගම කියනවා.

නිෂ්පාදන සමාගම මෙය හඳුන්වන්නේ දැනටමත් දියුණු රෝහල්වල ඇති ‘බේබි රූම්’වල භාවිත කෙරෙන නව තාක්ෂණ උපකරණවල තවත් වැඩි දියුණු කිරීමක් ලෙසයි. අවසානයේ දී මෙම ඇඳුම් කට්ටලයක් වෙළෙඳ පොළට එන විට තොග මිල ඩොලර් 100කටත් වැඩි වේවි.

Post a Comment

3 Comments

  1. නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
  2. නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
  3. ඇත්තටම හුගක් වටිනා වෙබ් අඩවියක් අපේ මේ "මල් කැකුළු " . තව තවත් ඔබට දිරි ලැබේවා

    ReplyDelete