HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මැඩගස්කරයේ අබිරහස් බිළාලයා - ‘පූසා’ සොයා ගිය ගමනක් !


මේ ඉන්නේ මැඩගස්කරයේ ලොකුම විලෝපිකයායි. එරට මාංශභක්ෂක සතුන් අතර ප‍්‍රමුඛයා වන මේ ‘මැඩගස්කරයේ කැලේ රජා’ට ආහාරයට ගැනීමේදී විශේෂයක් නැහැ, පණ තියෙන ඕනැ සතෙක් ඔට්ටුයි. නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සංගමයේ නවක සත්ව ගවේෂකයකු වූ ජීව විද්‍යාඥ ලූක් ඩොලර් තමයි, මේ විස්තර ඔබ වෙත ගෙන එන්නෙ.


ඔහු අවුරුදු 17ක් තිස්සේ මැඩගස්කරයට එනවා සත්ව ගවේෂණයේ යෙදෙන්න.

මැඩගස්කරයේ කැලේ රජා තමයි, ‘පූසා’ (fossa) අපේ පූසෙකුට වඩා ටිකක් ලොකුයි. ඒ වුනාට හරිම ශක්තිමත්. කැලේ ඉන්නා ඕනෑම සතෙකු ඌ ආහාරයට ගන්නවා.


වනාන්තරවල අධ්‍යයනය හා පර්යේෂණ කටයුතු කරන්නට ඉමහත් කැපවීමකින් කි‍්‍රයා කරන ලූක් ඩොලර් කියන්නේ සත්ව පරිණාමය ගැන විමර්ශනය කරන්න මේ මැඩගස්කර දුපත ඉතාම හොඳ තැනක් කියලයි.

”මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙහි දී හමුවන ජීවීන් පහකින් හතරක් ම මේ දුපතට ම ආවේණික වූ සුවිශේෂී සත්ව විශේෂ වීමයි. එයින් වඩාත් ම අධ්‍යයන කිරීමට අල්ලා ගැනීමට අමාරු ම සත්වයා තමයි, මේ ‘මඩගස්කර පූසා’ කියන්නේ.

”මං මැඩගස්කරයට ආවේ මේ පූසා ගැන සොයන්න නෙවෙයි. අනික් හැම දෙනා ම වගේ ලීමරයන් ගැන අධ්‍යයනය කරන්නයි. මං එක් ලීමරයෙක් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. හදිසියේ ම ඒ සතා කවුදෝ විලෝපිකයකු විසින් කා දමා තිබුණා. ඊට පස්සේ මං ඌ ගැන හොයන්න පටන් ගත්තා. මං ඒ විලෝපිකයා ගැන කලින් අසා තිබුණේ නෑ.” ලූක් කියනවා.


”ලෝකයේ අනික් බොහෝ රටවල ප‍්‍රමාණයෙන් ඉහළ ම මට්ටමේ මාංශභක්ෂක සතුන් විශාල පිරිසක් ඉන්නවා. එත් මේ මැඩගස්කරයේ ඉන්නේ එවැනි සතුන් එකෙක් පමණයි. ඒ වගේ ම ඒ සතා ඇත්තෙන් ම හැඩකාරයෙක්.” කියූ ඔහු කැලේට හෙමින් හෙමින් කිට්ටු කරන්නේ එවැනි සතකු අල්ලා ගන්නයි. එසේ අල්ලා ගන්නේ දැනට 3000කටත් අඩු ගහණයක් පමණක් වෙතැයි අනුමාන කරන මේ සතුන් වඳවීයාමේ තර්ජනයෙන් බේරා ගැනීමේ ආරක්ෂණ වැඩ පිළිවෙළක් සැකසීම සඳහායි.

ඔහු ඒ සතා අල්ලා ගන්නේ නිර්වින්දනය කරලයි. ඊට පස්සෙ ඔහුට අවශ්‍ය දත්ත ලබා ගෙන ආපසු කැලයට මුදා හරිනවා.

”මුගටියන්ට, බළලූන්ට හා හයනාවන්ට නෑකම් කියන ආදිමයකු හිටියා නම් ඌ බොහෝ විට මේ පූසාට සමාන එකකු විය යුතුයි.” යන්න ලූක්ගේ අදහසයි.

”අපට දැන් අවබෝධ වෙලා තියෙනවා, මේ පූසා දවල් රෑ දෙකේම එක වගේ සකි‍්‍රයව දඩයමේ යෙදෙන එකෙක් බව. පැය 3ක් වැඩ කරන ඌ පැය 4ක් විවේක ගන්නවා. පැය 4ක් වැඩ කරලා පැය 3ක් විවේක ගන්නවා. අපට හමු වුණා ටොන් ගණනක් උගේ වසුරු මේ කැලය පුරා ම. ඒවා පරීක්ෂා කිරීමෙන් උගේ චාර්යාව විතරක් නෙවෙයි, ඌ පණ තියෙන හැම සතෙක් ම ආහාරයට ගන්නා බව හෙළිවුණා. ලීමරයන්, කෘන්තකයන්, උරගයන් ආදීන් ඇතුළු සෑම සතකුම ආහාරයට ගන්නා සමාන අවස්ථාවන් ඇති විලෝපිකයකු බව. දිවි රැක ගැනීමටත් මැඩගස්කරයේ වන දිවිය පවත්වා ගෙන යාමටත් ඉතා වැදගත් වන ඒ ප‍්‍රධාන සාධක දෙකක ම ප‍්‍රමාණවත් ඌ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ නිසා මං දැන් මගේ කාලයෙන් හරි අඩකටත් වැඩියෙන් මේ සතා වෙනුවෙන් වැය කරලයි තියෙන්නෙ.” ඔහු වැඩි දුරටත් කියනවා.



Video Credit: National Geographic

Post a Comment

2 Comments

  1. මෙහෙම සතෙක් ගැන කලින් දැනගෙන හිටියෙ නෑ නේ.
    බොහොම ස්තුතියි මේ වගෙ වටිනා තොරතුරු බෙදාහදා ගන්නවාට.

    ReplyDelete
  2. Fossa belongs to Veesal family not to Cat family

    First time I heard this animals though Madagasscar 1.

    Then I looked informatins about it.

    ReplyDelete