HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ දත් හොඳට මැදිලාදැයි හරියටම කියන ‘ස්මාට්ගයිඞ්’ එකක් ඇති අලූත්ම තාලේ දත් බුරුසුවක්!

 
 ලස්සන සිනාවක් තහවුරු කරන නව තාක්ෂණික නිපැයුම - New Oral-B PC Triumph 5000 with SmartGuide

අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර අටක් විතර වෙනවා. දැන් ඊටත් එහා ගිය නිපැයුමක් ඇවිත්. නවීන තාක්ෂණයේ අග‍්‍ර ඵලයක් සෙල එය හඳුන්වන්න පුළුවන්.

මේ නව විදුලි දත් බුරුසුව හඳුන්වා ඇත්තේ ‘බ්‍රොන් ඕරල් බී ට‍්‍රයම්ප් 5000’ කියායි. හැමදෙයක් ම සිදු වන්නේ තාක්ෂණයෙන්.


ඔබ දැනටමත් දන්නවා නේ ස්මාට් ෆෝන් එක ගැන. මේ ස්මාට් බුරුසුවක්! මෙහි ඇති තාක්ෂණය හා පාවිච්චි කිරීමේ පහසුව ගැනත් ඉන් ලැබෙන ප‍්‍රතිඵල ගැනත් දැන ගත්තා ම මේ බුරුසුවත් ගන්න කැමති අය පෝලිම් ගැහේවි කියලයි එය නිෂ්පාදනය කළ සමාගම කියන්නේ.

සාමාන්‍ය දත් බුරුසුවක් වගේ නෙවෙයි, මේක දන්ත වෛද්‍යවරයකුගේ වාර්තාවක් වගේ විස්තරයක් දත් මැදලා ඉවරවුණාට පස්සේ ඔබට දෙනවා. ඒකට උදව් වෙන්නේ මේ බුරුසුවත් සමග ඔබට ලැබෙන ස්මාට් ගයිඞ් එකයි. පැරණි ඉලෙක්ට්‍රොනික දත් බුරුසුවල වගේ මේකෙත් ‘ටයිමරයක්’ තියෙනවා, වේලාව සකසන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ බුරුසුවේ පීඩනය දත්වලට වැඩියෙන් යොදවනව නම් පීඩන සංවේදක උපකරණයක් මගින් රතු එළියක් දල්වලා ඒ බව ඔබට දැනුම් දෙනවා.

මෙහි දත් මැදීමේ ක‍්‍රම කීපයක් තියෙනවා. ගැඹුරට දත් පිරිසිදු කිරීම, දත් සුදු පැහැ ගැන්වීම හා විදුරු මස් සම්බාහනය කිරීම ආදී වශයෙන්. ඒවගේම මේ දත් බුරුසුව එහා මෙහා ගෙන යාමට හා නාන කාමරයේ බිත්තියේ කන්නාඩිය අසලින් එල්ලා තැබීමට විශේෂ බහාලූවක් ද තියෙනවා.

 
දත් මැදීමේ කලාව ඩිජිටල් යුගයට ගෙන යන  ඕරල්- බී ප්‍රොෆෙෂනල් කෙයාර් ට‍්‍රයම්ප් 5000

 
පැරණි විදුලි දත් බුරුසුව


මෙහි බැටරිය සම්පූර්ණයෙන් ම චාජ් කළාට පසු දින දහයක් කි‍්‍රයා කරනවා. මෙහි බුරුසු කොටසේ කි‍්‍රයාකාරිත්වය මිනිත්තුවකට ස්පන්දක 40,000ක් ද භ‍්‍රමණවාර 8,000ක් ද වෙනවා. සාමාන්‍යයෙන් අතින් කි‍්‍රයාකරන බුරුසුවකට වඩා දෙගුණයක් දන්ත පථ අස් කිරීමේ හැකියාවක් මෙයට තියෙනවා.

බි‍්‍රතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයෙන් ප්ලැටිනම් වර්ගීකරණයේ අගය කිරීමක් මෙයට ලැබිලා තියෙනවා.

තවත් මොනවා කියන්නද! ඔබට මෙය සතියක් පාවිච්චි කළාම දැනේවි දන්ත වෛද්‍යවරයකු ළඟ හවස් වරුවක් ගත කළා වගේ කියලයි නිෂ්පාදනය හඳුන්වා දෙන අය කියන්නේ.

අද ඔබ මවිත වෙනවා නම් ස්මාට් ෆෝන් එකක් නැතුව මෙච්චර කල් මං වැඩ කර ගත්තෙ කොහොම ද කියලා, මේ ස්මාට් බුරුසුව පාවිච්චි කළාට පස්සෙත් ඒ විදියට ම හිතෙනවා නිසැකයි. ඒත් මේ බුරුසුවක හිමිකාරයෙක් වෙන එක තමයි, ප‍්‍රශ්නය. දැනට මේ බුරුසුවක මිල පවුම් 179.99ක්. අපේ රුපියල්වලින් 36,000ක් විතර වෙනවා. ස්මාට් අඩුවුණා වගේ මේකත් කලක් යන විට අඩු මිලට ගත හැකි වේවි. එතෙක් පරණ පුරුදු විදියට දත් මදිමු.

Source: DailyMail

Post a Comment

3 Comments

  1. ගාන තමා ප්‍රශ්නේ....

    ReplyDelete
  2. 36,000k unath mokada meka maru bandayakne aniwa mekanam mama gedara ugas karala hai kiya unath gannawa

    ReplyDelete
  3. බෙදා හදා ගත්තාට ස්තුතිය් ලිපිය ක්යවනකොට එකක් ගන්න අසා හිතුනත් ඕව ගන්න සල්ලි කොයින්ද අපිට

    by
    www.ceylonlanka.info

    ReplyDelete