HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උතුරු අහසේ විස්මය දනවන දසුන්! දීප්තිමත් ආලෝකධාරා වලට හේතුව කුමක්ද?

පසුගිය පෙබරවාරි 14 වැනිදා නෝර්වේජියානු කඳුවළල්ලට ඉහළින් අහසේ දීප්තිමත් ආලෝකධාරා විහිදීමක් දර්ශනය වුණා. එය අහස්කුස නරඹන්නන් විමතියට පත් විස්මයටත් පත් කළ රමණීය දසුනක් වුණත් ඒවා සූර්යයා ඇති කරන සුපුරුදු උත්තරාලෝක දසුන් නොවේ.



විද්‍යාඥයන් සිතන්නේ මේ ආලෝක විහිදීම් සූර්යයා මතුපිට ඇති වන ගිනි ජාලා විදාරණය වීම් නිසා ඇති වන්නක් නොව පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍රයේ ඇති වූ ‘බිඳීම්’ නිසා ඇති වූවක් බවයි. මේ පෘථිවි චුම්බක ක්ෂේත‍්‍රය විහිදී ඇති පෘථිවි චුම්බකගෝලය සූර්යය ජාලා තරම්ම විද්‍යාඥයන්ගේ නොමඳ කුතුහලයට ලක් වූවක්.


2008 දී දක්නට ලැබුණු පෘථිවි චුම්බක ගෝලයේ බිඳීම් නිසා නාසා විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබුණා, ඒ හේතුවෙන් 2012 දී තරම මෙවැනි ආලෝක උතුරු අහසේ ඇති විය හැකි බවට.

පෘථිවි චුම්බක ක්ෂේත‍්‍රයේ මෙවැනි බිඳීම් ඇති වන්නේත් සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයේ රේඛාවල හා පෘථිවි චුම්බක ක්ෂේත‍්‍රයේ රේඛාවල ඇති අන්තර් සම්බන්ධතාවන් හේතුවෙන්. මේ නිසා පැය ගණනකට වරක් ආරෝපිත සූර්ය අංශු, චුම්බක ක්ෂේත‍්‍රයේ විවරවලින් විහිදී ගොස් පෘථිවි වායුගෝලීය ගෑස් සමග ගැටීමෙන් තමයි, මේ විචිත‍්‍රාලෝකධාර ඇති කරන්නේ.



මෙසේ චුම්බක ක්ෂේත‍්‍රවල ඇති අන්තර් කි‍්‍රයා නිසා මෙවැනි සංසිද්ධීන් ඇති වන්නේ සූර්ය කි‍්‍රයාකාරකම් බහුලව සිදු වන අවස්ථාවලදියි. දළ වශයෙන් වසර 11කට වරක් සිදු වන චුම්බක විචල්‍ය චක‍්‍රයේ උච්ච අවස්ථාව තමයි, දැන් උදා වී තියෙන්නේ. මෙවැනි උච්ච අවස්ථාවලදී වඩා ප‍්‍රබලව සූර්ය අංශු වැඩි ප‍්‍රමාණයක් විදාරණය වීම් සිදු විය හැකියි.



”සූර්යයාගේ ඒ කි‍්‍රයාකාරකම් දැන් එන්න එන්නම වැඩි වෙනවා. අපට ගත වූ පස් වසරට වඩා වැඩියෙන් භූචුම්බක කි‍්‍රයාවලීන් ඉදිරියේ දී දැක ගත හැකියි.” පෘථිවි චුම්බක ක්ෂේත‍්‍රය ගැන විශේෂඥයකු වූ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාඥයකු වන හැරල්ඞ් ෆේ‍්‍ර කියනවා.

සියලුම ඡායාරූප බලන්න Tommy Eliassen

Post a Comment

2 Comments

  1. මේ බ්ලොග් එක මම හැමදාම වගේ බලනවා.. හරි වැද්ගත් සහ අලුත් ම තොරතුරු තියෙන නිසා මඟ හරින්නෙ නැතුව බලනවා.. දිගටම ලියන්න.. කොමෙන්ට්ස් නොකළට හැමදාම බලනවා..

    ReplyDelete
  2. Me pinthura vala penvana tharamata vadaa me aaloka dhaara aththatama dakina vita harima chamathkaara janaka dasunak venna oney. ithiri pinthurath baluva. harima apuurui. Sthuthiy!

    ReplyDelete