තවත් ග‍්‍රහකයක් (asteroid) පෘථිවියට දෙසට පැමිණෙමින් තිබෙන බව තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. දැනට පෘථිවිය වටා කක්ෂයකට පිවිස සිටින මේ ග‍්‍රහකය හඳුන්වා ඇත්තේ 2012DA14 කියායි. අඩි 150ක් (මීටර් 50ක්) පමණ දිග මෙම අප විසින් මෙතෙක් උඩුගුවනට යවන ලද චන්ද්‍රිකාවලට වඩා පහළින් ගමන් කරනු ඇති.
ඇමරිකානු නාසා ආයතනය නිකුත් කළ ගැටීම් අවදානම් වාර්තාවට අනුව මෙය පෘථිවියෙහි හැපෙන්නට ඇති අවදානම බොහෝ සේ අඩුය. ලබන අවුරුද්දේ පෙබරවාරි 15 වැනිදා අපේ පොළොවට සැතැපුම් 17,000ක් ආසන්නව, අපේ පෘථිවි කක්ෂගත චන්ද්‍රිකා පවතින කක්ෂයට පහළින් ගමන් කරනු ඇති.
යම් විදියකින් මේ ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් පෘථිවියෙහි හැපුනොත් එය න්‍යෂ්ටික පිපිරීමකට බොහෝ සේ සමාන වනු ඇති.
පසුගිය පෙබරවාරියේ අග හරියේදි, මේ 2012DA14 ග‍්‍රහකය මුලින් ම දැක ඇත්තේ ස්පාඤ්ඤයේ ඔබ්සවේටරියෝ ඇස්ට්‍රොනිමිකෝ ඩි ලා සාග‍්‍රාහී තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක්. ඔවුන් එහි කක්ෂය ගණනය කර ඇත්තේ පෘථිවි කක්ෂයට බොහෝ සේ සමාන එකක් ලෙසටයි.
ඇතැම් වාර්තා කීවේ ලබන පෙබරවාරියේ දී මෙම ග‍්‍රහකය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවයි. එහෙත් බෑඞ් ඇස්ට්‍රොනොමි බ්ලොගයේ (Bad Astronomy blog) නිර්මාතෘ ඇමරිකානු තාරකා විද්‍යාඥ ෆිල් ප්ලේට් කියන්නේ එවැනි දෙයක් සිදු වෙතැයි අස්ථාන බියක් ඇති කර නො ගතයුතු බවයි.
ඇමරිකානු තාරකා විද්‍යාඥ ෆිල් ප්ලේට් ඔහුගේ බ්ලොගයේ සඳහන් කර ඇත්තේ දැනට මේ පිළිබඳව බිය වීමට දෙයක් නැති බවයි. ”හොඳටම විශ්වාසයි මේ වතාවේ දී එය පෘථිවියේ හැපීමට ඉඩක් නැති බවට. ඒත් අනාගතයේ දී හැපීමක් සිදු නොවෙතැයි එයින් අදහස් කෙරෙන්නේ නැහැ. දැනට බිය වීමට දෙයක් නැහැ.”
ලබන අවුරුද්දේ පෙබරවාරියේ පෘථිවිය ආසන්නයෙන් යන මේ ග‍්‍රහකය යළිත් අප ආසන්නයෙන් ගමන් කරනු ඇත්තේ 2020 දීයි. ”ඒත් හැපෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. අවදානම ලක්ෂයකට එකක් තරම්. මෙය ඔබේ ජීවිත කාලය අකුණක් වදින්නට ඇති ඉඩකඩට සමාන දෙයක්” ඔහු තවදුරටත් ලියා තියෙනවා.
පෙබරවාරි 4 වැනිදා රාති‍්‍රයේ මුළු එක්සත් රාජධානියම කැළඹීය ගිය බවක් වාර්තා වුණා, හදිසියේ අහසේ දිස්වුණු කිසියම් දීප්තිමත් වස්තුවක් නිසා. රඹ පැහැයෙන් යුතුව දිලිසුණු මෙම ආකාශ වස්තුව ගැන එරට කාලගුණ දෙපාර්තමේන්තුව කීවේ, ‘ඒ උල්කාපාතයක්’ කියායි.
කීල්ඩර් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයත් ඒ ගැන වාර්තා කළා. ඔවුන් කීවේ නොදම්බර්ලන්ඞ් ප‍්‍රදේශයේ අහසේ උතුරේ සිට දකුණට ‘ගිනි බෝලයක්’ ගමන් කරනු දුටු බවයි. එහි නිරික්ෂකයෙකු කීවේ ඔහුගේ වසර 30ක සේවා කාලය තුළ දුටු උල්කාව මෙය බවයි.
ග‍්‍රහකයක් පෘථිවියේ හැපීමට ඇති අවදානම කෙබඳුද?
ඇමරිකාවේ නාසා ආයතනය අහසේ ගමන් කරන මෙවැනි ග‍්‍රහක ගැන විමසුමක් කර තියෙනවා, වයිස් WISE කියන අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකාව යොදා ගෙන. පුළුල් ක්ෂෙත‍්‍රගත අධෝරක්ත ගවේශකය නම් මෙමගින් සොයා ගෙන තියෙනවා, පෘථිවියෙන් සැතැපුම් මිලියන 120ක් මෙපිටින් ඇති ග‍්‍රහක හා උල්කාපාත 20,500ක් පමණ. මේ එකක් හැපුනොත් විශාල නගරයක් තරම් ප‍්‍රදේශයක් විනාශ වන්නට ඉඩ තියෙනවා.
යම්හෙයකින් හැපුනොත් පෘථිවියෙහි මහා විනාශයක් කළ හැක්කේ අඩි 3,300ක් තරම් දිග ග‍්‍රහකයකට පමණයි. එහෙත් එවැන්නක් හැපීමේ ඇති අවදානම ඉතාමත් අල්පයි. පෘථිවියට ආසන්නව එවැනි ග‍්‍රහකයන් ඇත්තේ 981 පමණයි. ඒ අතුරින් 911ක් ම නාසා ආයතනය විසින් දැනටමත් හඳුනා ගෙන තියෙනවා.

අනතුරක් නෑ: ඇමරිකානු තාරකා විද්‍යාඥ ෆිල් ප්ලේට් කියන්නේ බිය වීමට දෙයක් නැති බවයි.

උතුරු ස්කොට්ලන්තය හරහා උල්කාවෙහි දසුන ගී‍්‍රම් විප්ස්ගේ කැමරාවට හසු වූ අයුරු
ග‍්‍රහකයක් පෘථිවියේ හැපීමට ඇති අවදානම කෙබඳුද?
ඇමරිකාවේ නාසා ආයතනය අහසේ ගමන් කරන මෙවැනි ග‍්‍රහක ගැන විමසුමක් කර තියෙනවා, වයිස් WISE කියන අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකාව යොදා ගෙන. පුළුල් ක්ෂෙත‍්‍රගත අධෝරක්ත ගවේශකය නම් මෙමගින් සොයා ගෙන තියෙනවා, පෘථිවියෙන් සැතැපුම් මිලියන 120ක් මෙපිටින් ඇති ග‍්‍රහක හා උල්කාපාත 20,500ක් පමණ. මේ එකක් හැපුනොත් විශාල නගරයක් තරම් ප‍්‍රදේශයක් විනාශ වන්නට ඉඩ තියෙනවා.
යම්හෙයකින් හැපුනොත් පෘථිවියෙහි මහා විනාශයක් කළ හැක්කේ අඩි 3,300ක් තරම් දිග ග‍්‍රහකයකට පමණයි. එහෙත් එවැන්නක් හැපීමේ ඇති අවදානම ඉතාමත් අල්පයි. පෘථිවියට ආසන්නව එවැනි ග‍්‍රහකයන් ඇත්තේ 981 පමණයි. ඒ අතුරින් 911ක් ම නාසා ආයතනය විසින් දැනටමත් හඳුනා ගෙන තියෙනවා.
මේ ලිපි බැළුවොත් මේ ගැන තව විස්තර දැන ගන්න පුළුවන්.
ReplyDeletehttp://sathsamudura.blogspot.com/2011/07/2012-8.html
http://sathsamudura.blogspot.com/2011/07/2012-9.html
http://sathsamudura.blogspot.com/2011/07/2012-nibiru-10.html
Sthuthiy Malkakulu! Thavath honda lipiyak.
ReplyDelete