HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිසා ප‍්‍රථම ජනාවාසය තනන ග‍්‍රහයා දැන් හොඳින් පෙනෙන මානකය! රාති‍්‍ර අහසේ රතු පැහැයෙන් දිස්වේ!

තාරකාලෝලීන්ටත්, තරකා විද්‍යාඥයන්ටත් ඇස පිනවන දසුනක් මේ දවස්වල රාති‍්‍ර අහසේ දිස් වෙනවා. ඒ තමා අඟහරු ග‍්‍රහයා පැහැදිලිව හා දීප්තිමත්ව දැක ගන්නට හැකි වීම. වසර 2කට පසු රතු ග‍්‍රහයා අපට වඩාත් සමීප වූයේ පසුගිය ඉරිදායි. එහි රතු පැහැය පියවි ඇසෙනුත් දැක බලා ගත හැකියි.

 
සූර්යයාත් පොළොවත් අඟහරුත් එක එල්ලයක පිහිටන අයුරු සිත්තරකුගේ ඇසින් (නියම අනුපාතයට නොවේ)


මේ සිදුවීම සෑම මාස 26කට වරක් සිදුවන්නක්. ඒ මේ ග‍්‍රහයන් දෙදෙනා සූර්යයා සමඟ එකම ඍජු රේඛාවක පිහිටන නිසාය. මෙහිදී අඟහරු පිහිටන්නේ පෘථිවිය මැදි කර ගෙන සූර්යයාට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙනි. මෙය දෙවසරකට පමණ සිදු වන සාමාන්‍ය දෙයක් වුවත් මෙවර එය විශේෂ දෙයක් වන්නේ මිනිසා මීළඟට අඟහරු මත ජනාවාස බිහි කරනු ඇතැයි ගිය වසරේ විද්‍යාඥයන් අනාවැකි පළ කළාට පසුව මුල්වරට අපට සමීපව එය දකින්නට ලැබෙන්නේ මේ වතාවේ බැවිනි.

 
මාස 26කට වරක් පෘථිවිය හා අඟහරු පිහිටන අයුරු.

රතු ග‍්‍රහයා, කුජ ආදී වශයෙන් හැඳින්වෙන අඟහරු සූර්යයා වටා යන්නේ ඉලිප්සාකාර කක්ෂයකයි. මේ සතියේ අපට ආසන්න වන විටත් අඟහරුත් පෘථිවියත් අතර දුර සැතැපුම් මිලියන 62.6කි.

දැන් මෙය රාති‍්‍ර අහසේ හොඳින් දැක ගත හැකියි. ඔබ දුරදක්නයකින් බැලූවොත් ඔබට එහි මුදුනේ හිම වැස්මත් මතුපිට ලක්ෂණත් දැක ගත හැකියි.

අඟහරු දැක ගත හැක්කේ සිංහ රාශිය අසල දීයි. එහි දීප්තිය නිසා පැහැදිලිව හඳුනා ගත හැකියි.

අඟහරුගේ වලයාකාර කක්ෂය නිසයි, මේ ආකාරයට පෘථිවියට වඩාත් සමීප අවස්ථාවක් එළඹෙන්නේ.

අඟහරු 2003 දී වඩාත් හිරුටත් පොළොවටත් සමීප වූ අවස්ථාවේ දී අඟහරු සිටියේ පෘථිවියට සැතැපුම් මිලියන 34.8ක් දුරිනි.

මාර්තු 7 වැනිදා පසළොස්වක සඳ අසලින් ම දැක ගත හැකියි.

 
2003 දී මෙම සංසිද්ධිය පැවති මොහොතේ අඟහරු පෙනුන හැටි. ඒ වතාව වසර 60,000කට පසු අඟහරු පෘථිවියට වඩාත් සමීප වූ අවස්ථාවයි.

Post a Comment

2 Comments

  1. obe lipiya kiyavu pasu agaharu vetha ape lokaye sita yaanaaval pitath vana hati mavila penava! kittuma dinayedi lagaavenna ilakka karagena hugak kalin pitathvenna vei neda?

    ReplyDelete
  2. Vatinaa lipiyak. Thanx!

    ReplyDelete