අභ්‍යවකාශයෙන් ආ බැක්ටීරියාවක් බි‍්‍රතාන්‍යයේ ගංගාවකින් හමු වෙයි! අනාගතයේ බලශක්ති ප‍්‍රභවයක් ලෙස යොදා ගත හැකියි!

සාමාන්‍යයෙන් පෘථිවියේ ඉහළ කක්ෂයක හමුවන්නේ යැයි සැලකෙන බැසිලස් ස්ට‍්‍රැටොස්ෆෙරිකස් නම් අලූත් බැක්ටීරියාවක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. විද්‍යාඥයන් කියන්නේ මෙමගින් වෙනත් ඒවාට වඩා දෙගුණයක් විදුලි බලය නිපදවිය හැකි බවයි.

ඊසානදිග එංගලන්තයේ පිහිටි සුන්ඩර්ලන්තයේ වෙයා ගංගාවේ මෝය කටේ තිබී හමු වී ඇති මෙම අබිරහස් ජීවියාට අණුජීවී ඉන්ධන ෙසෙල නම් විශේෂ බැටරියක් යොදා ගෙන විදුලි බලය නිපදවිය හැකියි.

බැසිලස් ස්ට‍්‍රැටොස්ෆරිකස් නම් මේ ක්ෂුද්‍රජීවියා හමුවන්නේ පෘථිවි තලයෙන් සැතැපුම් 20ක් පමණ ඉහළ අහසෙදියි.

 
සාමාන්‍ය බැක්ටීරියාවල වඩා දෙගුණයක් විදුලිය නිපදවන්නට මේ බැසිලස් ස්ට‍්‍රැටොස්ෆරිකස් අණුජීවියාට පුළුවන්


වායුගෝලය තුළ වායුව චක‍්‍රයකට ගමන් කරන නිසා ඒවා වායුවත් සමග පහළට එන්නට ඇති. සමහර විට ජලවාෂ්ප බවට පත් වන ජලය වායුවත් සමග ස්තරගෝලය තෙක් ඉහළ නැඟ සිසිල් වීමෙන් පසු වැසි ජලය ලෙස ආපසු පහළට එන විට මේ ක්ෂුද්‍රජීවීන් මෙසේ රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙය කිසියම් ආකාරයක බැක්ටීරියාවක් අණු ජීවී ඉන්ධන ෙසෙල සමඟ යොදා ගනිමින් ගංගාවල අපද්‍රව්‍ය බල ශක්තිය බවට පෙරළීම හා ජලය පිරිසිදු කිරීම ආදියට භාවිත කළ හැකි.

මේ මගින් එහි ඇති විදුලි ජනනය කිරීමේ හැකියාව වෙනත් බැක්ටීරියාවලට වඩා දෙගුණ කළ හැකි යැයි පවසන විද්‍යාඥයන් පෙන්වා දෙනවා මේවා වගා කොට ගෙන සංවර්ධනය වන ලෝකයේ රටවල බල ශක්ති අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

අණු ජීවී ඉන්ධන සෛල තුළ ඇති ජීවින් කාබන්ඩයොක්සයිඞ්, ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන නිපදවනවා.

ක්ෂුද්‍ර ජීවීන් මුදා හරින ඉලෙක්ට්‍රෝන මගින් රින ආරෝපිත ඇනෝඩයක් ඇති කරන අතර ප්‍රෝටෝන මගින් ධන ආරෝපිත කැතෝඩයක් බිහි කරනවා. මෙසේ විදුලි දහරක් නිපදවීමට අවශ්‍ය ආරෝපණ දෙකම මේ මගින් නිපදවෙනවා.

මේ පිළිබඳව මෙතෙක් සොයා ගෙන ඇති කරුණු ඇමරිකන් රසායනික විද්‍යා සංගමයේ පාරිසරික විද්‍යා හා තාක්ෂණය සඟරාවේ පළ කර තිබේ. නිව්කාසල් විශ්ව විද්‍යාලයේ සාගර ජෛව තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ග‍්‍රාන්ට් බර්ජස් කියන්නේ පර්යේෂණයකින් මේ තාක්ෂණයේ ඇති බලශක්ති ප‍්‍රභවය ගැන පැහැදිලි කර ගත හැකිවූ බවයි. ඔහු තවදුරටත් කිවේ, ”අප මෙහිදී කළේ සිතාමතාම අණුජීවීන් මුසු කොට අණුජීවී පටලයක් තනා විදුලිය ජනනය වඩා කාර්යක්ෂම කළ හැකි බව සොයා ගැනීමයි.”

”මේ පළමු වතාවටයි, අණුජීවීන් තෝරා ගෙන වෙන වෙනම පර්යේෂණ අධ්‍යයනයක් සඳහා යොදා ගත්තේ.”

”බැසිලස් ස්ට‍්‍රැටොස්ෆරිකස් සොයා ගැනීම අහම්බෙන් වූවක්. ඒත් එයින් කළ හැකි දේ සොයා ගැනීම අනාගත තාක්ෂණය සඳහා වැදගත් වන දෙයක්. විදුලි බලය ජනනය කළ හැකි ශක්තිය ඇති අණුජීවීන් බිලියන ගණනක් මෙහි තියෙනවා.”

මහාචාර්ය බර්ජස් කියන්නේ වෙයා ගංගාවේ තිබී එකිනෙකට වෙනස් බැක්ටීරියා විශේෂ 75ක් පමණ සොයා ගත් බවයි. අණු ජීවී ඉන්ධන ෙසෙල යොදා ගෙන ඒ සෑම බැක්ටීරියාවක්ම පරීක්ෂණයට භාජනය කළ බවයි.

 
අභ්‍යවකාශයේ සිට පතිත වූයේ යැයි සැලකෙන බැක්ටීරියාව හමු වූයේ සුන්ඩර්ලන්තයේ වෙයා ගංගාවේ මේ ස්ථානයේදීයි.

වඩා හොඳ බැක්ටීරියා විශේෂ තෝරා ගෙන කෘති‍්‍රම ජීව පටල තනන්නට විද්‍යාඥයන් සමත් වුණා. එමගින් අණු ජීවී ඉන්ධන සෛල යොදා ගෙන විදුලිය නිපදවිම දෙගුණයකින් වැඩි කරන්න හැකි වුණා. ඝන මීටරයකට වොට් 105 සිට 200 දක්වා වැඩි කරන්නට ඒ අනුව පුළුවන් වුණා.

සාපේක්ෂව මෙය තවමත් ඉතා සුළු ප‍්‍රමාණයක්. විදුලි බල සැපයුමක් නොමැති ප‍්‍රදේශවලට මෙයත් සෑහෙන ප‍්‍රයෝජනයක් වෙනවා. මේ අනුජීවීන් යොදා ගෙන විදුලි බලය නිපදවීම අලූත් දෙයක් නෙවෙයි. මෙය දැනටමත් අපිරිසිදු ජලය හා ජලාපවාහන පද්ධති පිරිසිදු කිරීමට දැනටමත් යොදා ගන්නවා.

මහාචාර්ය බර්ජස් කියන්නේ, ”බල ශක්තිය එක්රැස් කිරීමට මේ ක‍්‍රමය භාවිත කිරීම සිත්ගන්නාසුලූයි. මෙහෙම නොකළා නම් ඒවා පලක් නොගෙන අපතේ යන දේවල් බවට පත් වෙනවා.”

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. Vatina soyaganeemak. Apita me thorathuru labaadeema gana Sthuthiy! Malkakulu apey danuma vadi karanava.

    ReplyDelete
  2. මෙහි පලවන ලිපි වැනි දෑ වලදී "අදාල සිද්ධී" දින වකවානු සහිතව, මාස, වර්ෂ වශයෙන් ද පළවනවානම් මැනවි.

    උදාහරණයක් ලෙස මෙම ලිපියේ සිදුවීම අදද, ඊයේද, ඊට ගොඩාක් ඈත අවුරුදු 5-6කට පෙරද කියා නිර්ණය කිරීමට අපට නැවත ගූගල සහාය ලබාගත යුතුයි.

    ඔබගේ ලිපි ඉතාමත් අනර්ඝයි.

    ස්තූතියි.

    ReplyDelete
  3. Malkakulu thulin aluth yamak dakkama e gana thava soya balanna kiyavanna api ibema pelabenava. ehema vimasanna yomu kireema harima vadagath. Kaala vakavaanu thibunoth hodai kiyala matath hithenava. godak sthuthiy vatina de apita laba denavata.

    ReplyDelete