HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සක්වළ ඇති අලූත් ග‍්‍රහයන් ගණන 2,321ක්! පොළොවට සමාන ඒවාත් තියෙනවා! කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන්!

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත අලූත් ග‍්‍රහයන් සේ සැලකිය හැකි තවත් ග‍්‍රහ වස්තූන් දහසකට වඩා අලූතින් සොයා ගෙන ඇතැයි නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලැබුණු දත්ත ඇසුරෙන් කළ නව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

මේ අධ්‍යයනයට පාදක වී ඇත්තේ 2009 මැයි මාසයේ සිට 2010 සැප්තැම්බර් දක්වා කාලය තුළ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් රැස් කරන ලද දත්තයන්.

ඒ තොරතුරු අනුව ග‍්‍රහයන් විය හැකි වස්තූන් 1,091ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. පසුගිය පෙබරවාරියේ ප‍්‍රකාශයට පත් ග‍්‍රහයන් විය හැකි වස්තූන් ගණන 1,235ක්. ඒ අනුව දැන් සම්පූර්ණ ගණන 2,321ක් වෙනවා. ”අපට ස්ථිර සාධක තියෙනවා, ඒවායින් සියයට අනූවක්වත් සැබැවින් ග‍්‍රහ ලෝක විය හැකි බවට.” මෙසේ කියන්නේ, කෙප්ලර් ගවේෂණ අධ්‍යයන කණ්ඩායමේ සාමාජික රෝනල්ඞ් ගිලිලන්ඞ් නම් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයායි.



මේ වන විට කෙප්ලර් කණ්ඩායම මේ ආකාශ වස්තූන් අතරින් 61ක් ග‍්‍රහයන් ලෙස තහවුරු කර තියෙනවා. ඒ අතර පෘථිවියට බොහෝ සේ සමාන, තමන් අයත් වන තරුව වටා ජීවීන් සිටි හැකි දුරකින් ඇති කක්ෂයක යන ග‍්‍රහයකුත් සිටිනවා.

කලින් සොයා ගත් ප‍්‍රමාණයට වඩා පෘථිවියට සමාන විය හැකි ග‍්‍රහයන් මෙවර වැඩි වීම ගැන විද්‍යාඥයන් විස්මයට පත්වෙලා. නිදසුනක් වශයෙන් කෙප්ලර්ගේ අලූත්ම සොයා ගැනීම්වලට අනුව පෘථිවියේ ප‍්‍රමාණයට සමාන ග‍්‍රහයන් 196ක් ඉන්නවා. මෙය කලින් වසරේ හඳුනා ගත් ගණන මෙන් සිව් ගුණයක්.

දැන් සුපිරි පෘථිවින් ලෙස සැලකෙන, පෘථිවිය මෙන් දෙගුණයක ස්කන්ධයක් ඇති ග‍්‍රහයන් 416ක් ඇති බව විද්‍යාඥයන් කියනවා.

කෙප්ලර්ගෙන් ලැබෙන දත්තවලින් සොයා ගන්නා තොරතුරු ඔස්සේ ඒවා සොයා යාමට අභ්‍යවකාශ යානයක් 2009 මාර්තුවේදී යැව්වා. දියර ජලය ඇති, සමහර විට ජීවය තිබෙන, පොළොවට සමාන ග‍්‍රහයකු සොයා ගැනීමේ ඉලක්කය වෙත ළඟා වීමට ආසන්න බව සඳහන් වෙනවා.

”පෘථිවියට සමාන ග‍්‍රහ ලෝක සෙවීමේ දී එය ඊට අයත් හිරු වටා කක්ෂය වසරක් තුළ සම්පූර්ණ කරන්න ඕනෑ. ඒ වසරක කාලය තුළ එය කීපවරක් නිරීක්ෂණය කරන්නත් ඕනෑ.” ගිලිලන්ඞ් කියනවා.

නව ග‍්‍රහයකු ලෙස හඳුනා ගැනීමට පෙර මේ කෙප්ලර් ග‍්‍රහ වස්තූන් පිළිබඳ තහවුරු කර ගැනීමේ කි‍්‍රයාවලියක් මාස හයක් අවුරුද්දක් අතර කාලයක් තිස්සේ සිදු කරන්න ඕනෑ. මෙහි දී තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමු කළ වැදගත් කරුණක් වන්නේ ග‍්‍රහයකු වශයෙන් පෙනෙන දේ තරුවක් හරහා යන තරුවක ඡුායාවක් නිසා ඇති වූවක් ද නැත්නම් වෙනත් සංසිද්ධියක් නිසා ඇති වන්නක් ද යන්න ගැනයි.

මේ සඳහා කෙප්ලර් කණ්ඩායම එවැනි විකල්ප අදහස් විමසා බලා වැරදි දේ ඉවත් කර හරි දේ පමණක් වෙන් කර ගත හැකි මෘදුකාංගයක් නිර්මාණය කර තියෙනවා. මේ කටයුත්තේ දී පුරවැසි-විද්‍යා ව්‍යාපෘති ඔස්සේ කෙප්ලර් දත්ත තෝරා බේරා ගන්න උපකාර කිරීම සඳහා මහජනතාවටත් සහභාගි වන්නට ඔවුන් ඉඩ සලසා දීලා තියෙනවා. ඒ planethunters.org වෙබ් අඩවිය ඔස්සේයි.

ගිලිගන්ඞ් කියන විදියට දැනටමත් මහජනතාව විශාල වශයෙන් මේ කටයුත්තේ දී උදවු වෙනවා. ඔහුන් එයින් විශාල ලෙසින් දිරිමත් වෙලයි ඉන්නෙ.

නව ග‍්‍රහයන් විය හැකි ආකාශ වස්තු ගැන විස්තර ඇතුළත් ලේඛනයක් දැනටමත් අන්තර් ජාලයට එක්ක තියෙනවා. එය ළඟ දීම ‘ඇස්ට්‍රොෆිසිකල් ජර්නල්’ හී පළවනු ඇති.

Post a Comment

3 Comments

  1. බොහොම ස්තූතියි, බොහොම වැදගත් විස්තරයක්.

    ReplyDelete
  2. Before NASA Our Nobal Teacher, LOARD BUDDHA HAS SAID THAT THERE ARE MANY OTHER PLANETS,SUNS,MOONS EXIST

    ReplyDelete