ටයිටැනික් නැව මුහුදුබත් කළේ යෝධ මුහුදු රැල්ලක්ද? වසර 1400කට වරක් වන සිදු වීමක් ද?

මීට හරියට ම අවුරුදු සීයකට ඉස්සර, සුප‍්‍රකට ටයිටැනික් නැව කැඞී බිඳී මිනිස් ජීවිත 1500ක් පමණ  මුහුදට බිලි වුණු කතාව පසුගිය කාලේ ඔබ ජේම්ස් කැමරූන්ගේ ‘ටයිටැනික්’ චිත‍්‍රපටයෙනුත් දුටුවා ඔබට මතක ඇති. තවමත් ලෝකයාට අමතක කරන්න බැරි ඒ අනුවේදනීය සිදු වීමට හේතුව මුහුදේ පාවී ආ යෝධ අයිස් කන්දක් හා ගැටීමයි. එය සිදුවුණේ 1912 අපේ‍්‍රල් 14 වැනිදා.

එදා හිම කන්ද ටයිටැනික් ඉදිරියට ආවේ හඳේ බලපෑම නිසාද? මෙය ජීවිත කාලයකට වරක් සිදුවන සුනාමියක් බඳු යෝධ මුහුදු රැල්ලක් ඇති වීම නිසා සිදු වූවක්ද? 1912 ජනවාරි 12 වැනිදා සිදු වූ මේ උදම් රළ නිසා ගී‍්‍රන්ලන්තයේ හිම කඳු සහිත ප‍්‍රදේශයෙන් කැඞී මුහුදට එකතු වූ යෝධ හිම කුට්ටි ගණනාවක් අත්ලාන්තික් සාගරය හරහා පා වී ආවා. ඒවාට මේ ගමනට මාස තුනක් ගත වුණා.

එංගලන්තයේ රූපවාහිනී නාළිකාවක විකාශය වූ ටයිටැනික් කතා මාලාවක් හඳුන්වා දීමේ දී මෙම හෙළිදරව්ව කළ පීටර් මැක්ඩොනල්ඞ්.


දැන් තාරකා විද්‍යාඥයන් කියන්නේ වසර 1400කට වරක් සිදු වන සඳ පෘථිවියට වඩාත් සමීප වූ අවස්ථාවේ ඇති වූ බලපෑම නිසා මතු වූ මේ උදම් රළ හේතුවෙන් කැඞී ගිය දැවැන්ත හිම කුට්ටි පෙළක් බටහිර ගී‍්‍රන්ලන්ත දිය රලේ බලපෑමෙන් තල්ලූ වී ආ බවයි. ඒවා බැෆින් බොක්ක හරහා ලැබ‍්‍රඩෝරයේ හා නිවුෆවුන්ඞ්ලන්තයේ වෙරළ දිගේ ඩෝව් සමුද්‍ර සන්ධිය මැදින් පා වී ආවා. එසේ පා වී ආ ඒවා ඊළඟට ලැබ‍්‍රඩෝ දිය රලට අසු වී අත්ලාන්තික් සාගරය දිගේ විත් මේ නැව් මාර්ගයට පිවිසෙන්නට ඇති. ටයිටැනික් නෞකාව යාත‍්‍රා කළ සුපුරුදු නැව් මඟ ‘මාරක මාර්ගයක්’ වෙන්නට ඇත්තේ එහෙමයි කියලයි තාරකා විද්‍යාඥයන් සිතන්නේ. (සිතියම බලන්න.)

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර හාලන්ඞ් හා වුල්ෆ් සමාගම තැනූ මේ වයිට් ස්ටාර් ලයිනර් ආර්එම්එස් ටයිටැනික් නැව ටග් බෝට්ටු හතරක් පිරිවරා ගෙන 1912 පෙබරවාරි 4 වැනිදා සිය මංගල ගමන අරඹන්නට සූදානම් කරනු පිණිස එංගලන්තයේ දකුණු වෙරළේ සදර්ම්ටන් වරායට ගෙනා ආකාරයයි, මේ. ඒ යුගයේ ලොව නිපදවූ වඩාත් සුරක්ෂිත නැවක් ලෙස හැඳින්වූ මෙය 1912 අපේ‍්‍රල් 10 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් වරායට සේන්දු වීමට නියමිතව තිබුණා.

එදා ටයිටැනික් යාත‍්‍රා කළ මාර්ගයේ කෙතරම් හිම කුට්ටි ප‍්‍රමාණයක් තිබුණා ද කීවොත් අනතුරට පත් අය බේරා ගන්න ආ නැව්වල ගමනාගමනයටත් එයින් බාධා ඇති වුණා.

”එදා ජනවාරි 4 වැනිදා තමයි, හඳ පොළොවට වඩාත් ළං ව පිහිටි දවස. එවැනි දවසක් ඊට කලින් උදා වුණේ අවුරුදු 1400කටත් එපිටදියි. ඒ නිසා මිහිමත සාගරවල උදම් රලවලට ලොකු ම බලපෑම එල්ල වුණේ එදයි. ඒක අතිශයින් ම සුවිශේෂ අවස්ථාවක්.” යැයි ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරයකු වූ ඩොනල්ඞ්  ඕල්සන් කියනවා.

මේ වගේ දෙයක් අපේ ජීවිත කාලයේ දී ආයිත් සිදු වන්නේ නෑ. සූර්යයාත්, පෘථිවියත් අතරට චන්ද්‍රයා පැමිණීමත් එහි දී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ම සමිපව පිහිටීමත් යන මේ වගේ සංසිද්ධියක් ඇති වන්නේ වසර 1400කට වරක් විතරයි.

සාමාන්‍යයෙන් මේ යෝධ හිම කුට්ටි (කඳු) එක තැනමයි තියෙන්නෙ. ඒවාට කෙළින්ම දකුණු දිසාවට චලනය වෙන්න බැහැ, එක්කෝ ඒවා පා වෙන තරමට දිය වෙන්න  ඕනෑ, නැත්නම් ඒවා ඉන්නා තැනින් එහා මෙහා වෙන්න තරම් උස් උදමක් ඇති වෙන්න  ඕනෑ. තනි හිම කන්දක් දකුණු දිගට යද්දී කීප තැනක දී ම නතර වෙන්න ඉඩ තියෙනවා. ඒවගේ ගමනකට අවුරුදු ගානක් ගත වෙන්න පුළුවන්.

”හිම කඳු දකුණු දිගට යද්දී ඒවා බොහෝ විට පා වෙන්නේ නොගැඹුරු මුහුදේයි. ලැබ‍්‍රඩෝරයේ හා නිව්ෆවුන්ඞ්ලන්තයේ වෙරළ ඔස්සේ මෙය ඉඳහිට සිදු වෙනවා. පාවෙන්නට බලයක් නොලැබුණු විට නො ගැඹුරු මුහුදේ එක තැන නවතිනවා. ඒත් ඉතාමත් උස් උදම් රලක් ඇති වූ විට ඒවා නැවත පා වෙන්න පටන් ගන්නවා. ඊළඟට බාදිය ඇති වීම නිසා ඒවා ලැබ‍්‍රඩෝර් සාගර දියවැලට අහුවෙලා යළිත් දකුණු දිගට පා වෙනවා”  ඕල්සන් කියනවා.

ලැබ‍්‍රඩෝ හා නිව්ෆවුන්ඞ්ලන්තයේ වෙරළාසන්න මුහුදේ දකුණු දෙසට පාවී යන හිම කුට්ටියක්. පර්යේෂකයන් විශ්වාස කරන්නේ ටයිටැනික් නැව අනතුරට ලක් වුණේ මේ වගේ එකක හැපීමෙන් කියලයි.

 
වසර 100කට පෙර ටයිටැනික් නැව ගිල්ල වූ හිම කන්ද පා වී එන්නට ඇතැයි විශ්වාස කරන මාර්ගය

”ඒ නිසයි අප හිතන්නේ 1912 වසන්තයේ දී මේ වගේ හිම කඳු රාශියක් පා වෙන්න ඇතිය කියා. හරියට ම කියන්න බැහැ, 1912 ජනවාරියේ පා වී ආ හිම කන්දක් ම මේ ටයිටැනික් නැව හා හැපුණා කියලා. ඒත් ඒක විය හැකි සිදු වීමක්.”

”කොහොම වුනත් නැව මුහුදුබත් වෙන්න හේතුව හිම කන්දක හැපීමෙන් බව පැහැදිලියි. ටයිටැනික් නැවට බැරි වුණා, නැවේ වේගය අඩු කර ගන්න, නැව ගිය මග ඉදිරියේ හිම කඳු තිබිය හැකි බවට අනතුරු අඟවන ගුවන් විදුලි පණිවිඩ කීපයක් ම ලැබිලත්.”  ඕල්සන් තවදුරටත් කියනවා.

”නැව ඒ හිම කඳු පා වෙමින් තිබුණු කලාපයට ඇතුළු වුණේ යා හැකි උපරිම වේගයෙනුයි. ඒ නිසා තමයි මුහුදුබත් වෙන්න තරම් ලොකු අලාභයක් නැවට සිද්ධ වුණේ. ටයිටැනික් නැවේ ගමන් මගට ඒ තරම් විශාල හිම කඳු ප‍්‍රමාණයක් එන්නට හේතු වුණේ මේ සඳේ සංසිද්ධිය නිසා කියල අපට පිළිගන්න වෙනවා.” ඔහු අවසාන වශයෙන් කියනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. අපට ලැබුන Comment එකක්...

    "Anonymous said... බොරු ලියන්න එපා XXXX. තෝ හැමදාම ජනප්‍රිය වෙන්නයි හිට්ස් හොයන්නයි බොරු ලියන XXXX. තො ‍ලියන එවාට කොහෙද සදහන් කෝ සාක්කි? නිකන් අලි ටොක් දිලා ලොක්කා වෙන්නේ නැතිව හිටපන් XXX XXXX XXXXX".

    අප පලකරන ලිපි පිලිබද ගැටලුවක් ඇත්නම් නිර්නාමිකව නොව නාමිකව අප වෙත ඉදිරිපත් කරන්න. මෙම ලිපිය ලිවීමට උපකාර වු DailyMail ලිපිය පහලින්.

    http://www.dailymail.co.uk/sciencetech/article-2110842/Did-MOON-sink-Titanic-New-study-suggests-freak-tidal-event-caused-icebergs-shipping-lanes-100-years-ago.html

    ReplyDelete