‘මට මතකයි ජනාධිපති කෙනඩි වරක් කීවා ඇමෙරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල තියෙනවා කියලා සෝවියට් දේශය දෙපාරක් ම විනාශ කරන්න හැකියාව ඇති. ඒත් සෝවියට් දේශයට ඇත්තේ එක්සත් ජනපදය එක වරක් විනාශ කළ හැකි මිසයිල ප‍්‍රමාණයක් විතරයි කියල. පත‍්‍රකලාවේදීන් මගෙන් ඒ ගැන මොකද කියන්නේ කියල ඇහුවාම, මං ඒ ගැන විහිළුවක් කරමින් කීවේ ‘‘මං දන්නවා කෙනඩි කියන්නෙ මොකක්ද කියල. එයා හරියට ම හරි. මං ඒ ගැන මොකුත් කියන්නෙ නෑ. ඒත් අපි සෑහීමකට පත් වෙනවා, පළමු වටයේදිම එක්සත් ජනපදය විනාශ කිරීමට අපට ඇති හැකියාව ගැන. අපට එක් පාරක් හොඳටෝ ම ඇති. රටක් දෙපාරක් ම විනාශ කිරීමෙන් ඇති හොඳේ මොකක් ද? අපි ලේ පිපාසිත ජනතාවක් නෙවෙයි’’ එවකට රුසියන් අගමැති නිකිතා කෘෂෙප් 1974 දී සිය මතක සටහන් ලියමින් සඳහන් කර තිබේ.
මේ කතා බහෙන් පිළිබිඹු වුණු ඇමෙරිකාවත් රුසියාවත් අතර පැවති ‘සීතල යුද්ධය’ ඇති වූයේ න්‍යෂ්ටික අවි ලොවට බිහි වීම නිසාය. දෙවන ලෝක යුද්ධයට පෙර කාලයේ දී හිට්ලර් ගත් මග නිසා කොයි මොහොතේ හෝ මුළු ලෝකය ම විනාශ කළ හැකි අවියක් ඔහු විසින් නිපදවනු ඇතැයි බියක් ඇමෙරිකාව තුළ පැවතිණ. හිට්ලර් V-2 රොකට් නිපදවා දුර සිට ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත් විට මේ බිය තවත් වැඩි විය. පරමාණු බෝම්බය නිපද වූයේ ඒ බියෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ සමග ම නොසිතූ මොහොතක එය ජපානයට හෙළීමෙන් ඇමෙරිකාව කළ කි‍්‍රයාවත් නිසා රුසියාවේ බිය ද වැඩි විය. ඒ නිසා රුසියාවත් තමන්ගේ ම න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළක් ආරම්භ කළේය.
මේ හැම තැනක ම භාවිත කෙරුණේ එකම තැනකින් ලබා ගත් න්‍යෂ්ටික භාවිතය පිළිබඳ දැනුමය. ඒ නිසා න්‍යෂ්ටික අවිවල පිපිරුම් කි‍්‍රයාවලිය මෙන් ම ඉන් ලැබුණු ප‍්‍රතිඵල බොහෝ විට සමාන විය.
න්‍යෂ්ටික අවිවලට න්‍යෂ්ටික ශක්තිය ලැබෙන්නේ බර න්‍යෂ්ටියක් ඛණ්ඩනය කිරීමෙන් (එනම් කැඞීමෙන්) හෝ සැහැල්ලූ න්‍යෂ්ටි විලයනය කිරීමෙන් (එනම් එක්කිරීමෙන්) යන ආකාර දෙකෙනි. පරමාණුවක් තුළ මෙවැනි ඛණ්ඩනයක් ඇති කිරීමට නම් බර මූල ද්‍රව්‍යයක පරමාණුවක න්‍යෂ්ටියකට නියුට්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කිරීම කළ යුතුය. මෙහිදී න්‍යෂ්ටිය දෙකකට කැඞී අති ප‍්‍රබල ශක්තියක් ජනනය කරයි. ඒ සමගම එමගින් නියුට්‍රෝන දෙකක් හෝ වැඩි ගණනක් නිකුත් කරයි. මෙහි දී නිකුත්වන සෑම නියුට්‍රෝනයකට ම තවත් බර න්‍යෂ්ටියක් ඛණ්ඩනය කිරීමට අවශ්‍ය කරන ශක්තිය තිබේ. මෙවැනි කි‍්‍රයාවලියක් ආරම්භ කළ විට ඒ කි‍්‍රයාවලිය තුළින් ම එය දිගින් දිගටම නොනවත්වා සිදු වේ. මේ දාම ප‍්‍රතිකි‍්‍රයාව න්‍යෂ්ටික අවිවලට ද පදනම වී තිබේ. මෙය කෙතරම් වේගයෙන් සිදුවන්නේ ද යත් සෑම තත්පරයකින් ම දස බිලියනයකින් පංගුවක් තුළ මෙසේ නිපදවෙන නියුට්‍රෝන සංඛ්‍යාව දෙගුණ වෙයි. මෙම මුළු කි‍්‍රයාවලිය ම සම්පූර්ණ වීමට ගත වන්නේ තත්පරයකින් බිලියන පංගු කීපයක කාලයක් පමණය. මේ කි‍්‍රයාදාමයේ ප‍්‍රතිඵලය වශයෙන් එය ආරම්භක අවස්ථාවේ පැවති ශක්තිය මෙන් මිලියන ගණනක ශක්තියක් නිමේෂයකටත් අඩුකාලයක් තුළ ඇති වීමය. නිදසුනක් වශයෙන් ග්රෑම් 450ක බර යුරේනියම් ඛණ්ඩනයෙන් ලැබෙන ශක්තිය ගල් අඟුරු ටොන් 3000ක් දැවීමෙන් ලැබෙන ශක්තියට සමානය. එනම් TNT9000ක පිපිරුමකට සමානය.
මෙවැනි ඛණ්ඩන හෝ විඛණ්ඩන කි‍්‍රයාදාමයන් ඇති කිරීමට යොදා හැකි මූල ද්‍රව්‍ය ඇත්තේ කීපයක් පමණය. එයින් න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා යොදා ගන්නේ යුරේනියම් හා ප්ලූටෝනියම් යන බර මූල ද්‍රව්‍ය දෙකය.
සැහැල්ලූ න්‍යෂ්ටි විලයනය (සංයෝජනය) කිරීමෙන් තැනෙන බෝම්බයක් ලෙස ජලකර හෙවත් හයිඞ්‍්‍රජන් බෝම්බය නම් කළ හැකිය. එහි දී සිදු කෙරෙන්නේ සැහැල්ල බරැති න්‍යෂ්ටි ඉතා දැඩි උෂ්ණත්වයක් යටතේ වැඩි බරැති න්‍යෂ්ටි සමග විලයනය කිරීමය. මෙහි දී බල ශක්තිය මුදා හැරෙන්නේ පිපිරීමේ දී නිකුත්වන නියුට්‍රෝනයක් සමගය. එය හැඳින්වෙන්නේ තාපන්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙසිනි. සූර්යයාගේ හා අනෙක් තරුවල තාපය හා ආලෝකය ජනනය කරනු ලබන්නේ මේ ක‍්‍රමයෙනි. න්‍යෂ්ටි දෙකක් විලයනය (එකට සම්බන්ධ) කිරීමට අවශ්‍ය කි‍්‍රයාදාමය ආරම්භයට න්‍යෂ්ටික පිපිරීමක් කළ යුතු වෙයි. ඒ පිපිරීම කෙරෙන්නේ පරමාණු බෝම්බයක් ටි‍්‍රගරයක් ලෙස යොදා ගෙනය. හයිඞ්රජන් බෝම්බ තැනීමට බොහෝ විට යොදා ගන්නේ ඩියුටීරියම් හා ට්රයිටියම් යන හයිඩ‍්‍රජන් සමස්ථානිකයන්ය. මේ විලයන කි‍්‍රයාවලියක් හැම විටම ඛණ්ඩන කි‍්‍රයාවලියකට වඩා සිව් ගුණයක් ප‍්‍රබල පිපිරීමක් ඇති කරයි.
සෝවියට් දේශය හෙවත් රුසියාව න්‍යෂ්ටික අවි තැනීම නිසි ලෙස ආරම්භ වූයේ 1943 දී ඉගෝර් වැසිලෙවිච් කුර්චාටෝෆ් නම් භෞතික විද්‍යාඥයාගේ නායකත්වයෙනි. ඒ මුල් පරමාණු බෝම්බය තැනීමට ඇමෙරිකාව රහසිගතව ඇරඹූ මෑන්හැට්න් ව්‍යාපෘතිය ගැන සෝවියට් ඔත්තු සේවය ලබා දුන් වාර්තාවලට අනුව යමිනි. මේ අනුව ‘ෆස්ට් ලයිට්නින්’ නමින් රුසියාවේ ප‍්‍රථම න්‍යෂ්ටික පිපිරවීම සිදු කෙරිණ. ඒ 1949 අගෝස්තු 29 වැනිදාය ඒ සඳහා යොදා ගත්තේ ප්ලූටෝනියම්ය. තවත් වසර දෙකකට වැඩි කාලයකට පමණ පසු දෙවැනි න්‍යෂ්ටික පිපිරවීම සිදු කරනු ලැබීය. ඒවා සෝවියට් දේශය තැනූ මුල්ම පරමාණු බෝම්බ ලෙස හැඳින්විය හැකිය.
ඉන්පසු සෝවියට් දේශය විසින් තාපන්‍යෂ්ටික අවි තැනීමේ වැඩපිළිවෙළක් අදියර දෙකකින් ආරම්භ කරනු ලැබීය. එහි දී මූලිකත්වයක් ගෙන කි‍්‍රයා කළේ ‘සෝවියට් ජලකර බෝම්බයේ පියා’ ලෙස සැලකෙන ඇන්ඩෲ සැකරෝෆ් ය. ඔහු ඇතුළු විද්‍යාඥයන් පිරිස එක්ව තැනූ ‘ස්ලොයිකා’ හෙවත් ‘ජෝ-4 නම් වූ අත්හදා බැලීම ඔවුන්ගේ මුල්ම තාපන්‍යෂ්ටික බෝම්බය විය. ඔවුන්ගේ නියම ජලකර බෝම්බය තැනීමට මඟ පෑදුවේ ඒ බෝම්බයයි. RDS-37 නමින් හැඳින් වූ අත්හදා බැලීම ඔවුන්ගේ ජලකර බෝම්බ අත්හදා බැලීම විය. එය සිදු කරන ලද්දේ 1955 නොවැම්බර් 22 වැනිදාය. රුසියාව විසින් කළ ප‍්‍රථම කාර්මික න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම චාගන් යනුවෙන් හඳුන්වා තිබේ.
මේ සියල්ලක් ම රුසියාව විසින් සිදු කරනු ලැබුවේ ඇමෙරිකාව විසින් ආරම්භ කළ ව්‍යාපෘති අනුව යමින් සිය ආරක්ෂාව පතාය. සීතල යුද්ධය ඇරඹුණේ ද ඒ අනුවය. සෝවියට් දේශය කැඞී බිඳීයාමත් සමග මේ තර්ජනය පහව ගියේය. දැන් මහ දෙරට අතර මහ යුද්ධයක් ඇති වීමේ අවදානමක් නැත. ඒ නිසා ම න්‍යෂ්ටික අවි තැනීම පිළිබඳ දැනුම ලෝකයේ බොහෝ රටවලට කාන්දු වී තිබේ. ඒ නිසා න්‍යෂ්ටික අවිවලින් ලෝකයේ හැම රටකටම එල්ල වී ඇති තර්ජනය අද නව මුහුණුවරක් ගෙන තිබේ. අද ලොව පුරා රටවල් ගණනාවක් ම න්‍යෂ්ටික අවි තැනීමට පෙලඹී සිටිති. ඒත් අසල්වැසි සතුරු රටවලට ඇති බිය නිසා ආරක්ෂාව සලසා ගැනීම අරමුණු කර ගෙනය. දැන් රටවල් ගණනාවක ම ඇති න්‍යෂ්ටික යුද අවි ඕනෑම මොහොතක විනාශකාරී ත‍්‍රස්තවාදී සංවිධානයක් අතර පත් වීමේ ඇති ඉඩකඩ වැඩි වී තිබේ. එසේ ම ඒ න්‍යෂ්ටික අවි එදා ඇමරිකාව දැමූ පරමාණු බෝම්බයට වඩා අති ප‍්‍රබලය. ඒ නිසා ඒවායින් සිදු විය හැකි විනාශය ද අති විශාලය.
එදා 1945 අගෝස්තු 6 වැනිදා ඇමෙරිකානු ඊ-52 යානයෙන් ගෙන ගිය පළමු පරමාණු බෝම්බය ජපානයේ හිරෝෂිමා නගරයට අඩි 1,850ක් ඉහළ අහසේ දී පුපුරුවා හරිනු ලැබූ අවස්ථාවේ දී එයින් අඩුම තරමින් 78,000ක් දෙනා එසැණ මරණයට පත් වූ අතර සෙසු අය බෝම්බයේ ප‍්‍රතිඵලයක් ලෙස නිකුත් වූ විකිරණ හේතු කොට ගෙන නිශ්චිත කාලයක් තුළ 200,000 මරුමුවට පත් බව සඳහන්ය. ඉන් තුන් දිනකට පසු දෙවැනි පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙළනු ලැබීය. ඉලක්කය වැරදී එය සැතැපුම් තුනක් ඈතට වැටුණු ද ඒ නිසා මියගිය සංඛ්‍යාව ද 140,000කට අධික විය. මේ විනාශයට වඩා සිය දහස ගුණයක විනාශයක් කිරීමට අද න්‍යෂ්ටික අවියකට හැකියාව තිබේ.
5 Comments
මාරු මචෝ....
ReplyDeleteවටින ලිපියක් වගේ ම හොඳ දැනුවත්කිරීමක්!
ReplyDeleteGood article.
ReplyDeletethere is a small mistake, that plane isn't the E-52 it is the B-52
Nuclear Energy prayojanayata gena ekineka vinasha karana weapons sadeemata nova minisage diyunuvata yamak karanna hakiveva!
ReplyDeletemewa ahawama attatama baya hetinawa api inne mhama mha gini kadu tiyana venashakaarii thanaka keyala
ReplyDeletethanks
Danuma beda gattata.......
Digatama liyanna
Obata jayenn jaya.............