HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හිරු මත හමා යන ට්විස්ටරයක් (ටෝනේඩෝවක්) දැක ගන්න! එය අපේ පොළොව තරම් විශාලයි!

පසුගියදා සූර්යයා මත ප‍්‍රචණ්ඩකාරී සුළිසුළඟක් හෙවත් ටෝනේඩෝවක් හමා ගියා. එය හමා ගිය ආකාරය දැක ගන්න දැන් ඔබටත් පුළුවන්. අපේ මහ පොළොව තරම් විශාල මේ සුළිසුළඟ හමා යන්නේ පැය සැතැපුම් ලක්ෂ ගණනක වේගයෙන්. එය සුර්යයා මතුපිට සිට සැතැපුම් සිය ගණනක් ඈතට විහිද යන්නක්. මෙය වර්ධනය වී යන ආකාරය අනුව පැයට සැතැපුම් 300,000 වේගයකට ළඟා වේවි කියලයි කියන්නෙ.

 
ට්විස්ටරය හෙවත් මේ ටෝනේඩෝව අපේ පොළොව තරම් විශාලයි. පැ.සැ. 300,000 වේගයකින් හඹා යනවා.


මේ අසාමාන්‍ය සංසිද්ධිය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නට විද්‍යාඥයන්ටත් බැහැ. මේ මාසේ මුල හරියේ දී මෙය පැය 30ක් තිස්සේ නාසා ආයතනයේ ‘සූර්ය ගතික නිරීක්ෂණාගාරය’ Solar Dynamics Obsevetery විසින් රූ ගත කරනු ලැබුවා.

‘සූර්ය ගතික නිරීක්ෂණාගාරය කියන්නේ නාසා ආයතනයෙන් සූර්යයා දෙසට යැවූ චන්ද්‍රිකාවක්. සූර්යයාගේ කි‍්‍රයාකාරිත්වය පෘථිවියට බලපාන හැටි, විශේෂයෙන් ම සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයේ සිදුවන වෙනස්කම් ආදිය ගැන සොයන්නයි, මේ චන්ද්‍රිකාව යැව්වේ. පස් අවුරුදු මෙහෙයක් සඳහා යැවූ ඒ චන්ද්‍රිකාව දැනටමත් ඒ කාලයෙන් අඩක් ගෙවා හමාරයි.
සූර්යයාගෙන් පිටතට විහිදෙන මේ සුළි කුනාටුව පොළොවේ ඇති වන ටෝනේඩෝවකට සමාන වුනත් එය ඇති වන හේතුව සම්පූර්ණයෙන් ම වෙනස් එකක්. එහිදී වායුගෝලීය පීඩනය මෙයට බලපානවාට වඩා සූර්යයාගේ චුම්බකත්වයේ ඇති වන වෙනස්කම් අනුව සිදුවන කි‍්‍රයාවන් මෙයට බලපානවා ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

 
අතිප‍්‍රබලයි: මේ අසාමාන්‍ය චුම්බක සංසිද්ධියේ රහස් තවමත් හෙළි කර ගෙන නැහැ.

කෙසේ වෙතත්, පර්යේෂකයන්ට මීට වඩා විස්තරයක් දැනට කියන්න දන්නේ නැහැ. නාසා ආයතනයේ ටෙරී කුසේරා කියන්නේ ඇයත් ඇගේ සගයනුත් තවමත් මේවා අධ්‍යයනය කරන බවයි.

මේ ටෝනේඩෝව ෆැරන්හයිට් අංශක 15,000ක (සෙල්සියස් 8,000ක) උෂ්ණත්වයකින් යුක්තයි. ඒ අවට සූර්යයා මතුපිට උෂ්ණත්වය වූ ෆැරන්හයිට් අංශක විසි ලක්ෂය අනුව බලන විට එහි ඇත්තේ සිසිල් තත්වයක්.
මෙවැනි සංසිද්ධියක් කැමරාවට නඟන්න හැකියවක් ලැබුණේ 1996න් පසුවයි.

Post a Comment

3 Comments

  1. මේ වීඩියෝවෙ තියෙන්නෙ ඒ අවස්ථාව පරිගණකයෙන් නිර්මාණය කරපු එකක් නෙමෙයි නේද?

    ReplyDelete
  2. @ බුද්ධි : පෙනෙන අකාරයට ඇත්ත පින්තුර යොදාගෙන පරිගණකයෙන් නිර්මාණය කරන ලද්දක්. මෙයත් බලන්න.

    http://www.youtube.com/watch?v=vAEcz_OOuU8&feature=watch_response_rev

    ReplyDelete
  3. Hiru ge shakthiyen jeevath vana apita hiru matha siduvana me venaskam saha evaye balapaam soya baleema vadagath.Lipiyata Sthuthiy!

    ReplyDelete