අන්ධ අයට පෙනීම දෙන නව උපකරණයක්! ස්ටාර් ටෙ‍්‍රක් විද්‍යා ප‍්‍රබන්ධ කතා හැබෑවක් කළ විද්‍යාඥ පිරිසක්!

ස්ටාර් ටෙ‍්‍රක් Star Trek චිත‍්‍රපටයේ අන්ධ ඉංජිනේරුවකු වූ ජෝඩි ලා ෆෝජ් පෙනීම ලබන්නේ ඇස් ඉදිරියෙන් උපැස් යුවළක් මෙන් පලඳින වයිසරයකින්. එදා ඒ විද්‍යා ප‍්‍රබන්ධයේ දී දුටු ඒ දෙය දැන් හැබෑවට ම සිදුවෙලා. ඊශ‍්‍රායල නව නිපැයුම් කණ්ඩායමකට පින් සිදු වන්නට දැන් හැබෑ ජීවිතයේ දී අන්ධ අයට ඒ අත්දැකීම අත්විඳින්නට හැකි වී තියෙනවා. ඔවුන් අපූරු උපකරණයක් නිපදවා තියෙනවා. ඒ මගින් ශබ්ද තරංග යොදා ගෙන අන්ධ අයගේ දෘශ්‍ය බාහිකය හරහා ඔවුන්ට පෙනී ලබා දිය හැකියි.

 
ආචාර්ය අමීර් ඇමෙදි සිය ‘පෙනීම ලබා දෙන සංවේදක උපකරණය’ පැලඳ සිටින අයුරු.


 
ස්ටාර් ටෙ‍්‍රක්හි ජෝඩි ලා ෆෝර්ජ් උපැස් යුවළ පැලඳ සිටි අයුරු

ඔවුන් මේ සඳහා යොදා ගෙන ඇත්තේ මීට වසර 20කට පමණ පෙර ඕලන්ද ජාතික පර්යේෂකයකු වූ ආචාර්ය පීටර් මේයිජර් Dr Peter Meijer විසින් කරන ලද නව නිපැයුමක්. ඒ උපකරණය කි‍්‍රයාත්මක වූයේ වස්තුවක පිහිටීම හා පෙනෙන ස්වභාවය ශබ්ද තරංග මගින් හඳුනා ගෙන ඒවා ඇල්ගොරිතම බවට පෙරළා ගැනීමෙන්. කෙටි කාලීන පුහුණවකින් එය භාවිත කරන්නකුට ඉන් ඉදිරිපත් කෙරෙන ‘ශබ්ද දර්ශනය’ තේරුම් ගෙන කිසියම් වස්තුවක හෝ පුද්ගලයකුගේ හැඩය, පිහිටීම හෝ ඉන්නා තැන නිර්ණය කළ හැකියි. ලියූ අකුරු පවා කියවීමට හැකියි.

දැන් ජෙරුසලමේ හීබ්රූ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අමීර් ඇමෙදි Dr Amir Amedi ප‍්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායම මේ අයුරින් ශබ්ද තරංග යොදා ගෙන, උපන් අන්ධයන්ගේ දෘශ්‍ය බාහිකය සකි‍්‍රය කොට, පෙනීම ලබා දිය හැකි වන සේ හැඩගැස්වීමට හැකි, නව උපකරණයක් නිර්මාණය කරල තියෙනවා.

මස්තිෂ්ක බාහිකය නමින් වූ ‘සෙරෙබරල් කෝටෙක්ස්’ Cerebral Cortex ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ සඟරාවේ අලූත්ම කලාපයට ලිපියක් සපයන ආචාර්ය ඇමෙදි සහ ඔහුගේ කණ්ඩායම මේ පිළිබඳව කලින් කළ පර්යේෂණ මගින් හෙළි වූ තොරතුරු ගැනත් සඳහන් කරනවා. එහි දී දෘෂ්‍ය බාහිකය දත්ත සංවිධානය කර ගන්නේ සමාන්තර මාර්ග දෙකකින්. එහි දී තුන්දික අව මූර්ධ ශංඛක යනුවෙන් විද්‍යාත්මකව හැඳින්වෙන ‘කුමක් ද’ යන මාර්ගය ඔස්සේ හැඩය, වර්ණය හා හඳුනා ගැනීම සිදු කෙරෙනවා. පෘෂ්ඨීය අවමූර්ධ ශංඛක හෙවත් ‘කොහේද/කුමක්ද’ යන මාර්ගය ඔස්සේ චාලක කි‍්‍රයාවන් ඔස්සේ වස්තුවේ පිහිටීම හා, දෘශ්‍ය දත්ත ඛණ්ඩාංක අවධානය යොමු කොට දකින රූපය විග‍්‍රහ කරනවා.

චුම්බක ප‍්‍රතිනාද ප‍්‍රතිරූපණ පරිලෝකනයක් මගින්, එනම් එම්ආර්අයි ස්කෑනයක් මගින්, පැහැදිලිව පෙන්නුම් කෙරුනේ මෙම දෘශ්‍ය මාර්ග, ආචාර්ය මෙයිජර්ගේ උපකරණය භාවිත කළ අන්ධ අයගේත් සාමාන්‍ය පෙනීම ඇති අයගේත් එක හා සමානවම කි‍්‍රයා කරන බවයි. ඒ අනුව පැහැදිලි වුණේ දෘශ්‍ය බාහිකයේ සිදු වන මේ කාර්යයන් දෙකට ම ඇස් පෙනීම අත්‍යවශ්‍ය නොව බවයි.

 
මේ රූප සටහන පෙන්වන්නේ සංවේදක ආදේශක උපකරණය මලින් අන්ධ අයට පෙනීම ලබා දෙන ආකාරයයි.

ඒ ආකාරයට කලින් කළ පර්යේෂණ මතයි, නව සොයා ගැනීම සිදු කළේ. ඒ අනුව පෙනී ගිය කරුණක් වන්නේ යමක් කියවීමේ දි බ්රේල් කියවන්නන්ගේත් පෙනීමෙන් කියවන්නන්ගේත් එක ස්ථානයක් උත්තේජනය වන බවයි. මෙහි දී ආචාර්ය ඇමෙදි කියන්නේ, ”මොළය සංවේදක උපකරණයක් සේ පෙනුනත් එවැන්නක් නො වන බවයි. එය කිසියම් ආකාරයක කාර්ය සාධක යන්ත‍්‍රයක් බවයි”



අන්තර් ජාලයේ සඳහන් වන්නේ මේ ඊශ‍්‍රායල අධ්‍යයනය, අවට සිදුවන දේ හඳුනා ගන්නට මොළයට සාමාන්‍ය දෘශ්‍ය හා ශ‍්‍රව්‍ය හෝ ස්පර්ශක අත්‍යවශ්‍ය නො වන බව ඔප්පු කරන මේ ආකාරයෙන් කරන ලද අධ්‍යයනයන් රැසක් අතරින් එකක් පමණක් බවයි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. යාලුවා ලියන ලිපි අලුත්, වැදගත්, රසවත් සහ අංගසම්පූර්ණයි. මල් කැකුලු වලට විතරක් නෙවෙයි, පිපිනු මල් වලටත්, පරවෙන්න ලංවුනු මල් වලටත් වටිනවා. ඔබට ජය!

    ReplyDelete
  2. ඉතාමත් හොද සොයා ගැනීමක්,,,

    ReplyDelete
  3. Vidya Prabanda vala thiyana deval apata aththatama laba denna scientists lata hakiveema harima pudumay. Meya athi vishishta soya ganeemak. Keedenekge sihina saba venavada? Aluthma vatina de apita thilina karana Malkakulu vetha apey Sthuthiya saha Subapathum!

    ReplyDelete
  4. Hari apuuru soyaganeemak.

    Thanks!

    ReplyDelete