HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර හතරකට එන වාසනාවන්ත දවසක්! ලොව පුරා අද වගේ දවසක උපන් අයට අපේ සුබපැතුම්!

අද පෙබරවාරි 29 වැනිදා සුවිශේෂ දවසක්. මේ වගේ දවසක් එන්නේ අවුරුදු හතරකට වතාවක් විතරයි. ඒ වගේම අවුරුදු 100කට සැරයක් එන්නේ නෑ. අද දිනය හඳුන්වන්නේ අධික දිනය leap day කියලයි.

අප අද භාවිත කරන ග්‍රෙගෝරියානු කැලැන්ඩරයට අනුව සාමාන්‍ය අවුරුද්දක පෙබරවාරි මාසයට තියෙන්නේ දින 28යි. ඊළඟ දිනය එන්නේ මාර්තු 1 වැනිදායි.



මේ වගේ පෙබරවාරි මාසයට වැඩිපුර දවසක් එක් කරන අවුරුද්ද හඳුන්වන්නේ අධික අවුරුද්ද leap year කියලයි. මේ දිනය අපට එකතු කරන්න සිද්ධ වුනේ පෘථිවිය හිරු වටේ කක්ෂයක යන ගමන හරියටම දින 365කින් නොකරන නිසයි. ඒ සඳහා හිරුට දින 365 යි, පැය 5යි, මිනිත්තු 49යි තත්පර 12ක් ගත වෙනවා. එය අප කෙටියෙන් දක්වන්නේ දින 365.24යි කියලයි.

මේකට පුංචි සූත්තරයක් හදල තියෙනවා. ඉතුරු නැතිව 4න් බෙදන අවුරුදු අධික අවුරුදු හැටියට. හැබැයි ඒකටත් පොඩි සංශෝධනයක් තියෙනවා. ඉතුරු නැතුව 100න් බෙදෙන අවුරුදු අධික අවුරුදු වෙන්නෙ නෑ කියලා. ඒකටත් පොඩි සංශෝධනයක් තියෙනවා. ඉතුරු නැතිව 400න් බෙදෙන ඒවා නම් අධික අවුරුදු වෙනවා කියලා. ඒ විදියට බලපුවාම 1600 හා 2000 අධික අවුරුදුයි. 1700, 1800 හා 1900 අධික අවුරුදු වෙන්නේ නෑ. ඒ වගේම 2100, 2200, 2300, 2500, 2700, 2900 හා 3000 අධික අවුරුදු නෙවෙයි. ඒත් 2400 හා 2800 අධික අවුරුදු වෙනවා.

මේ අධික අවුරුද්ද ඉංගිරිසියෙන් හඳුන්වන්න තවත් වදන් දෙකක් යොදනවා. ඒ දිනයක් ඇතුළු කළ කියන අරුතින් intercalary year කියා හෝ bissextile year වශයෙනුයි.

ඔබ අද වගේ පෙබරවාරි 29 වැනිදාක උපන් අයකු නම් උපන් දිනය හරියටම සමරන්න නම් අවුරුදු හතරක් බලා ඉන්න ඕනෑ. එහෙම නැතිව අවුරුදු පතා සමරන්න අවශ්‍ය නම් සාමාන්‍ය අවුරුදුවල දී නම් පෙබරවාරි 28 වැනිදා හෝ මාර්තු 1 වැනිදා සමරන්න සිද්ධ වෙනවා. ඒත් පෙබරවාරි 29 වැනිදා උපන් අයකුගේ 10 වැනි උපන් දිනය කීවොත් ඔහුගේ වයස අවුරුදු 40ක් විතර වෙනවා. ඒ නිසා එවැනි අයගේ වයස ගණන් ගත යුත්තේ උපන් අවුරුද්ද අනුව අවුරුදුවලින්.

පෙබරවාරි 29 වැනිදා උපන් අය හඳුන්වන්නේ අධි උපන් දින ඇත්තන් යන අරුත් ඇති leapling හෝ leaper යන ඉංගිරිසි වදන්වලින්.

තවත් විස්තර සඳහා කැලැන්ඩරේ කතන්දරේ බලන්න.

Post a Comment

1 Comments

  1. Malkakulu thulin kalochitha saha rasavath lipi liyana obata jaya!

    ReplyDelete