HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රාති‍්‍රයට හොඳින් පෙනෙන දීප්තිමත් ඇස් දෙකක් - පිච් බ්ලැක් චිත‍්‍රපටයට ආ අදහස සැබෑවක් වෙයි

ඔහුගේ ඇස් නිල්පාටයි. දීප්තිමත්. ඔහුට රාති‍්‍රයට ඇස් පේනවා. කොයි තරම් අඳුරක වුනත් ඔහුගේ ඇස්වලින් ආලෝකයක් නිකුත් වෙනවා. මේක විද්‍යා ප‍්‍රබන්ධ ලෝකයේ දී මේ අයුරින් ම කලකට ඉහත චිත‍්‍රපටවලත් දකින්නට ලැබුණු දෙයක්. විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපට වූ පිච් බ්ලැක් (Pitch Black) හා ද ක්‍රොනිකල්ස් ඔෆ් රිඞ්ඩික් (The Chronicles of Riddick) යන ඒවායේ ආ රිචඞ් බී. රිඞ්ඩික් චරිතයේ ඇස් ඒ විදියට දිළිසුණා. ඔහුගේ ඇස් දීප්තිමත් නිල් පැහැයෙන් යුක්තයි. එහෙම වුණේ ඔහුගේ ඇස් භූගත හිර කඳවුරක දී සැත්කමකට භාජනය කරපු නිසයි. ඒ අනික් සිරකරුවන් පාලනය කරන්න යොදා ගන්න යොදපු උපායක්.

 
චිත‍්‍රපටයේ රිඞ්ඩික්ගේ ඇස්වල හැටි (රංගනය - වින් ඞීසල්)


මේ විදියෙ දෙයක් සිනමාවේ ආවේ කල්පිතයක් ලෙසයි. එහෙම අයෙක් හැබෑ ජීවිතයේ සිටීවි යැයි කවුරුනුත් විශ්වාස කළේ නැහැ. ඒත් දැන් ඒක හැබෑවක් වෙලා ඉවරයි.


 
නොංග් යුහී - ඇස් දීප්තිමත් නිල් පැහැයෙන්

දකුණු චීනයේ ජීවත්වෙනවා නොංග් යුහී කියල අරුම පුදුම දරුවෙක්. ඒ දරුවාට රාති‍්‍ර කාලයේදී ඇස් පෙනෙන බව දැන් ඔප්පු වී තියෙනවා. ඔහුගේ ඇස් අනික් චීන ළමයින්ගේ මෙන් කළු පැහැ නොව නිල් පැහැති බවත් ඒවා අඳුරේදී දිළිසෙන බවත් දැන් හෙළිවී තියෙනවා. ඒ ළමයාගේ පියා කියන්නේ, ”ඔවුන් කීවා එයාගෙ ඇස්වල දෝෂයක් නැහැ. ඒ ඇස් කල් යනකොට හරියයි, වෙන ළමයින්ගෙ වගේ වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ.” කියලයි.

 
නොංග් යුහී

සම්පූර්ණයෙන් ම අඳුරේ කළ වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණා, නොංග් යුහීට කිසිම එළියක් නැතිව අනෙක් ළමයි දවල් ආලෝකයේ දී කියවනවා ලියනවා වගේ දේවල් අඳුරේදී කළ හැකි වග.

Post a Comment

2 Comments